The Leader News
BREAKING
Top Ad
Opinion

අපේ රටේ කාන්තාවකට පොලිස්පති වෙන්නට බැරිද? -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

February 16, 2021 • 5:03 AM

අපේ රටේ කාන්තාවකට පොලිස්පති වෙන්නට බැරිද? -අජිත් පැරකුම් ජයසිංහ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Creative Content Consultants ආයතනය වෙත ලැබුණු ඇණැවුමක් අනුව අප විසින් පසුගියදා ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරිනියන් රැසක් සම්බන්ධයෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් අන්තර්ගතයන් මාලාවක් නිර්මාණය කළා. ජාතික පුවත්පත්වල එම ලිපි පෙළ පළ වුණා.
  •   මෙම පත්කිරීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බව පවසමින් පිරිමි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32ක් විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.
  • මෙම පෙත්සම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉදිරියේදී ලැබෙනු ඇති.
  • දැන් කාන්තාවන් දහදෙනෙකු පොලිස් සේවයේ රාජ්‍ය නිවේදිත තනතුරු දරනවා.    සිවිල් ආයතනයක් වන පොලිස් දෙපාර්තමේන්තුවේ 85,000ක් පමණ වන කාර්ය මණ්ඩලය අතර 9,000ක් පමණ කාන්තාවන් සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
එම ලිපි පෙළ සම්පාදනය කිරීම සඳහා එම ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරිනියන් සමග සමීපව කටයුතු කිරීමට අපට අවස්ථාව ලැබුණා. ඔවුන් සමග කළ කතාබහ ඔස්සේ අපි ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳ බොහෝ දේ ඉගෙනගත්තා.
 
කාන්තාවන් නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා පත්කිරීම පිණිස ශ්‍රී ලංකා පොලිස් සේවයේ ප්‍රතිපාදන නොමැති නිසා පසුගියදා පොලිස්පතිවරයාගේ හා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පත්කරන ලද නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජයසිංහ මහත්මියගේ පත්වීම අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග වීමට නියමිත මූලික අයිතිවාසිකම් පෙත්සමකින් අභියෝගයට ලක්කර තිබෙනවා.
 
මෙම පත්කිරීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බව පවසමින් පිරිමි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32ක් විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ. මෙම පෙත්සම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉදිරියේදී ලැබෙනු ඇති.
 
මෙහිදී පැවසිය යුතු තවත් කරුණක් ද තිබේ. මේ වන විට ශ්‍රී ලංකා පොලිස් සේවයේ කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියක් හා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිනියන් කිහිපදෙනෙකුත් සිටිනවා. දැන් කාන්තාවන් දහදෙනෙකු පොලිස් සේවයේ රාජ්‍ය නිවේදිත තනතුරු දරනවා. 
 
සිවිල් ආයතනයක් වන පොලිස් දෙපාර්තමේන්තුවේ 85,000ක් පමණ වන කාර්ය මණ්ඩලය අතර 9,000ක් පමණ කාන්තාවන් සිටිනවා. රාජ්‍ය සේවයේ වෙනත් කිසිදු සේවාවක නැති අමුතු තත්වයක් පොලිස් දෙපාර්තමේන්තුවේ තිබෙනවා.
 
හෙද සේවයේ ගත්තොත්, 90%කටත් වඩා කාඩරය කාන්තාවන්. ගුරු සේවයේ 70%කටත් වඩා කාන්තාවන්. ඒත්, මෙම සේවාවල පවා පිරිමි, ගැහැණු ලෙස වෙන්කර බඳවාගැනීම්, උසස්කිරීම් හා මාරුකිරීම් ආදිය සිදුවන්නේ නැහැ. කාන්තා ගුරු, පිරිමි ගුරු, කාන්තා හෙද, පිරිමි හෙද වශයෙන් තනතුරු වෙන්කිරීමක් නැහැ.
 
එහෙත්, පොලිස් සේවයේ තනතුරු නාමයන් පවා කාන්තා පොලිස් කොස්තාපල්, කාන්තා උප පොලිස් පරීක්ෂක ආදී වශයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙන්කර තිබෙනවා. උසස්වීම් ලබාදීමේදීත් කාන්තා කාඩරය හා පිරිමි කාඩරය අනුව තමයි එය සිදුවන්නේ. 
 
 
 
අප ඉහත සඳහන් කරන ලද මූලික මානව අයිතිවාසිකම් පෙත්සමට හේතුව වන්නේත්, පොලිසියේ කාන්තා කාඩරයේ නියෝජ්‍ය පොලිස්පති තනතුරක් නොපැවතීමයි.
 
dfds
Nadie Wasalamudaliarachchi සිය FB පිටුවේ පළකර ඇති පොස්ටුවක් 
 
 
නියෝජ්‍ය පොලිස්පති බිම්ශානි ජයසිංහ සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීම ලබාගන්නේත් දීර්ඝ අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේයි. 
 
වර්තමානයේ ශ්‍රී ලංකා පොලිසියේ සිටින ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරියන් එම උසස්වීම් ලබාගත්තේත් අධිකරණ ක්‍රියාමාර්ග හරහායි.
 
ශ්‍රී ලංකා පොලිස් සේවය එහි නිලඇඳුමේ සිටම ජනතා හිතවාදී ලෙස නවීකරණය විය යුතුයි. පොලිස් නිලධාරියා සමාජය බියපත් කරන පුද්ගලයකුගේ සිට පුරවැසියන්ට උපකාර කරන පුද්ගලයකු දක්වා වෙනස් විය යුතුයි. 
 
එහිදී කාන්තා නිලධාරිනියන්ගේ භූමිකාව ඉතා වැදගත්. 
 
පොලිසිය තුළම කාන්තාවන් වෙනස්කම් කිරීමට ලක්වෙනවා නම් එය වහා වෙනස් කළ යුතුයි. යල්පැන ගිය සේවා ව්‍යවස්ථා සංශෝධනය කළ යුතුයි.
 
පොලිස් සේවයේ නිලධාරීන් අතරින් 55%ක් කරන්නේ ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධ රාජකාරි බව පසුගියදා මහජන ආරක්ෂක ඇමතිවරයා පැවසුවා. මෙය ලංකාවේ නීතිය හා සාමය සම්බන්ධ බරපතල ගැටලුවක්.
 
 
Ajith Parakum(praja.lk - අජිත් පැරකුම් ජයසිංහ)
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක  
 
 
 
 
සබැඳි පුවත් :
 

 

 


 

 

 

 

ෆේල් ආණ්ඩුව භයවෙලා භූමිදානයට අතවනයි !

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...