“මම ඔය ගොසිප්වලට පිළිතුරු දෙන්නේ නැහැ. මට වැඩ තිබෙනවා.” යි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අංශාධිපති

මහාචාර්ය මහානාම මහතාට දුරකතනය ඔස්සේ ඇමතුමක් ගෙන 'රාවය' පුවත්පතෙන් යැයි පැවසූ විට අපට ලැබුණු පිළිතුර එබඳුය. ඔහු එලෙස පැවසූ විට ගොසිප් එක කුමක්දැයි අප පෙරළා ඇසූ විට ඔහු දුරකතනය විසන්ධි කළේ නොරුස්නා බවක්ද පහළ කරමිනි.

Text 8 1අප ඔහුගෙන් ගොසිප් එකක් නැත්නම් ඕපාදූපයක් අසන්නට සිතා සිටියේ නැත. අප අසන්නට සූදානම් වූයේ මහින්ද රාජපක්ෂ පවුලේ බාල පුත්‍රයාණන් වන රෝහිත රාජපක්ෂට කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනැමුවේ කෙසේද යන්න ගැනය. අප ඒ ගැන එම පීඨයෙන් විපරම් කොට අවසන අංශාධිපතිගෙන් විමසන විට අපේ විපරම ඔහු කන වැකී අවසන්ය.

ඒ නිසා ඔහුගේ පිළිතුර එබඳු විය. එහෙත් කිවයුත්තේ එසේ අසන්නට හේතු රැසක්ම අපට තිබූ බවය. එනම් රාජපක්ෂ පාලන සමයේදී ඔහුගේ පුත්‍රයන් ඉදිරිපත් වෙන ඕනෑම විභාගයක පළමුවැනියා වන්නේ කෙසේද යන්න ඉන් පෙරටම ආ සැකය බැවිනි. 

මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාණන් වන නාමල් රාජපක්ෂ නීතිඥ විභාගයට ඉදිරිපත්ව ශ්‍රී ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගත්තේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය.

දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියකු ලෙස බැඳී අතිශූරතම ආධුනික නිලධාරියා වන්නේද මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය.

RRඒ අතරේ ඔවුන් රගර් ක්‍රීඩාවෙන් දස්කම් දක්වන්නේද ඔහුගේ පාලන සමයේදීය. මෝටර් රථ ධාවන තරගවලින් ජයග්‍රහණ ලබා සිය මෑණියන් වන ශිරන්ති රාජපක්ෂගෙන්ම ත්‍යාග ලබාගන්නේද ඒ පාලන සමයන්හිදීය. රෝහිත අභ්‍යවකාශයට රොකට්ටුවක් යැව්වේත් එකලය. දැන් නැවත රාජපක්ෂ පාලන සමය එළැඹෙන විටම හා හා පුරා කියා රෝහිත රාජපක්ෂට ගණිත අංශයේ ආචාර්ය උපාධියක්ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙයි.

මෙතරම් දක්ෂයන් අනෙක් පාලන සමයන්හි සිය දක්ෂතාවන් ප්‍රදර්ශනය නොකරන්නේ ඇයි? ඒ කල්හි ඔවුන් ඉබිකටු තුළට රිංගා ගෙන හිඳ හදිසියේ ප්‍රාදුර්භූත වෙමින් පෙළහර පාන්නේ ඇයි යන ප්‍රශ්න රටේ ජනතාව තුළ නැගෙන ප්‍රශ්නයන්ය. ඒවා පැන නැගෙන්නේ නිකම්ම නොවන බව කරුණු කාරණා සොයා බලන තැනකට යොමුවුවහොත් සිතා ගන්නට හැකිය.

Text 8 2මේ වනවිට රට පුරා විවිධ ආයතන විසින් ආචාර්ය උපාධි සිල්ලරට විකිණෙන පසුබිමක් පවතී. එය දැන් රටේ ජනතාවද හොඳින්ම දන්නා කරුණකි.

එහෙත් තවමත් විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් පිරිනැමීම සිල්ලරට සිදු නොවේය යන විශ්වාසය රටේ පවතී. එයට හේතුව නම් ආචාර්ය උපාධියක් ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වීමෙන් පසුව සම්පූර්ණ කළයුතු අධ්‍යයන ක්‍රියා පිළිවෙතක් පැවතීමය. ලියාපදිංචියට මූලිකම සුදුසුකම වන්නේ උපාධියක් හෝ ඊට සමාන අධ්‍යාපන සුදුසුකමක් තිබීමය.

ඇටෝනි ඇට් ලෝ හෙවත් නීතිඥ විභාගය සමත් වී තිබීම ප්‍රථම උපාධියක් තිබේය යන්න සඳහා උදාහරණයකි. කලා අංශය ගතහොත් ඉන් අනතුරුව එම්.ඒ.එම්. ෆිල් අධියරයන් සමත්වීමෙන් පසුව ආචාර්ය පී.එච්.ඩී. විභාගය සමත් විය යුතුවේ. ඒ සඳහාද තිබෙන පියවරයන් කීපයක් වේ.

එක් අධීක්ෂකයකු හෝ දෙදෙනකු යටතේ උපාධි අපේක්ෂකයා සිය අධ්‍යයන කටයුතු සිදුකළ යුතු අතර අවසානයේ ඔහු විසින් තමන්ගේ විෂයට අදාළව නිබන්ධයක් ඉදිරිපත් කළ යුතුය. මෙය විභාග කිරීම සඳහා සුදුසුකම් ලත් දෙදෙනකු සිටිය යුතු අතර කිසියම් ආකාරයකින් මෙම දෙදෙනා එකම මතයකට නොපැමිණේ නම් තුන්වැන්නකු වෙත ඉදිරිපත් කළ හැකිය.

ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කරන නිබන්ධය පිළිබඳ ගැටලුවක් නොවේ නම් ප්‍රශ්නයක් ඇති නොවනමුත් නිබන්ධය මයිනර් කරෙක්ෂන් සඳහා යෝජනා කර තිබේ නම් එය නිවැරදි කර මාස තුනක් ඇතුළතද මේජර් කරෙක්ෂන් සඳහා යෝජනා කර තිබේ නම් ඒවා නිවැරදි කර වසරක් ඇතුළතද නිවැරදි කර නැවත සමීක්ෂකයන්ට ඉදිරිපත් කළ යුතු වේ.

yr 

මේ පවතින සම්ප්‍රදායේ ප්‍රධාන අංශයන්ය. ඊට අමතරව සැපිරිය යුතු තවත් අවශේෂ දෑද වේ. රෝහිත රාජපක්ෂ මහතාට ආචාර්ය උපාධිය පිරිනැමීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයක උගන්වන ආචාර්ය උපාධිධාරී මහාචාර්යවරයකුගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙම ආචාර්ය උපාධියද පිරිනැමීමේදී ක්‍රියාත්මක විය යුතු පිළිවෙළ අකුරටම පොතේ හැටියට සිදුකර තිබිය හැකි බවයි. එහෙත් පොතේ කාර්ය හරියටම තිබෙනමුත් සත්‍ය එය නොවිය හැකි බවය.

පාලකයන් විසින් තම දූ දරුවන්ට ඔවුන් සතුව නොතිබෙන දක්ෂකම් ඉස්මතු කරගන්නට තම බලය යොදන්නේ නම් එයින් කියැවෙන්නේ එරටෙහි වෙසෙන්නේ පුරවැසියන් නොව ප්‍රවේණිදාසයන් බව නොවේද?

(ravaya.lk - නිමල් අබේසිංහ)

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්

ඇඳිරි නීතිය ඉවත් කළ පසු...