ජනාධිපති වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර හදිසි අත්‍යාවශ්‍ය සාකච්ඡා දෙකක් වූ බැව් මාධ්‍ය කිහිපයක වාර්තා විය.

එම සාකච්ඡා වලදී ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට බැසිල් යෝජනා කළ බැව්ද ජනාධිපති වික්‍රමසිංහ ඊට එකඟ නොවූ බැව්ද වාර්තා වන්නේය. 

ව්‍යවස්ථානුකූලව පැවැත් විය යුතු ජනාධිපතිවරණය පවත්වා පසුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති වික්‍රමසිංහ (වෙන අපේක්ෂකයෙකු දිනුවොත්?) බැසිල්ට දැන්වූ බව වැඩි දුරටත් මාධ්‍යයන්හි වාර්තා විය. 

 

ජනාධිපති වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර හදිසි අත්‍යාවශ්‍ය සාකච්ඡා දෙකක්
පාර්ලිමේන්තු මැතිවරණයක් කලින් පැවැත්වීමට නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් යෝජනාවක් සම්මත කළ යුතුය. රාජපක්ෂලාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එවැනි යෝජනාවක් සම්මත කර ගැනීමට නොහැකියාවක් නැත. නමුත් රාජපක්ෂලාට මෙවර ජනාධිපති අපේක්ෂකයෙක් නැත. රාජපක්ෂලා ගණන් බලන්නේ හුදකලාවූ වික්‍රමසිංහ ඔවුන්ගේ අපේක්ෂකයා කිරීමට නම්, මැතිවරණ සම්බන්ධ වික්‍රමසිංහ ජනාධිපති සමග එකඟතාවක් තබා ගැනීම, සදාචාරයට එහා යන දේශපාලන කොන්දේසියකි. 

හෙත් මැතිවරණ ගණන් හැදීම වික්‍රමසිංහ නොදන්නා දේශපාලනයකි.

එ.ජා.පයේ ඓතිහාසික පරාජ

 

 95979238 160405101845 united national party 512x288 unp එ.ජා.පය ලැබූ අන්ත පරාජයන් ලෙස සැළකෙන්නේ 1956 සහ 1970 මැතිවරණයන් ය.
පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී වික්‍රමසිංහ නායකත්වයෙන් එ.ජා.පය අත් විඳි අන්ත පරාජය නිදහසින් පසු කිසිම මැතිවරණයකදී ඔවුන් නොලත් පරාජයකි. එතෙක් ඉතිහාසයේ එ.ජා.පය ලැබූ අන්ත පරාජයන් ලෙස සැළකෙන්නේ 1956 සහ 1970 මැතිවරණයන් ය. 

මන්ත්‍රීවරුන් 95 ක් වූ පාර්ලිමේන්තුවට බණ්ඩාරනායකගේ නායකත්වයෙන් වූ මහජන එක්සත් පෙරමුණ 1956 මැතිවරණයෙන් ආසන 51 ක් ලබා ආණ්ඩු බලයට පත්විය. එ.ජා.පට ලැබුණේ මන්ත්‍රී ආසන 08 ක් පමණි. විපක්ෂ නායක වූයේ ආසන 14 ක් ලැබූ සමසමාජ පක්ෂයේ මන්ත්‍රී ඇන්.ඇම්. පෙරේරා ය. ඒ මැතිවරණයේ එ.ජා.පය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව අනුව ඔවුන්ට ලැබුණු මන්ත්‍රී සංඛ්‍යාවෙහි බරපතල විෂමතාවක් තිබිණ. සමසමාජ පක්ෂයට ඡන්ද 2,74,204 ක් නැතහොත් සියයට 10.4 ක් සඳහා ආසන 14 ක් ලැබුණත් එ.ජා.පට ඡන්ද 7,38,810 ක් නැතහොත් සියයට 27.9 ක් සඳහා ලැබුණේ ආසන 08 ක් පමණි.

එ.ජා.පය 1970 මැතිවරණයෙන් ලැබූ පරාජයද එවැනිම පරාජයකි. බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් මන්ත්‍රී ආසන 91 ක් ශ්‍රී.ල.නි.පය ලැබුවේ ඡන්ද 1,839,979 ක් නැතහොත් සියයට 36.9 ක් ලබා ගෙන ය. එහෙත් ශ්‍රී.ල.නි.පට වඩා ඡන්ද 52,546 ක් වැඩියෙන් ලැබූ නැතහොත් සියයට 37.9 ක් ලැබූ එ.ජා.පට ලැබුණේ මන්ත්‍රී ආසන 17 කි. සියයට 8.7 ක් ලැබූ සමසමාජ පක්ෂයට මන්ත්‍රී ආසන 19 ක් තිබිණ. මේ මැතිවරණ වලදී එ.ජා.පය අන්ත පරාජයන් ලැබුවේ යැයි කීවාට, ඔවුන්ගේ ඡන්ද පදනමෙහි අඩුවක් නොතිබිණ.

 

ආණ්ඩු බලය රැකගැනීම සහ ජයවර්ධන උපක්‍රම - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)අනුපාත ඡන්ද ක්‍රමය හඳුන්වා දීමට ඔහු මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේ ය.
එ.ජා.ප නායක වශයෙන් ජයවර්ධන 1977 බලයට පැමිණි පසු අනුපාත ඡන්ද ක්‍රමය හඳුන්වා දීමට ඔහු මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරුවේ, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ මේ විකෘතියෙන් වැඩි අවාසි ලැබුවේ එ.ජා.පය වූයෙනි. ඉන් පසු පාර්ලිමේන්තු මැතිවරණ වල මේ විකෘතිය දැකිය නොහැක. එ.ජා.පය 1994 මැතිවරණයේදී පරාජය වූවත් ඔවුන් ලැබූ ඡන්ද සියයට 44 සඳහා ඊට අනුපාතික මන්ත්‍රී සංඛ්‍යාව වූ 94 ක් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් විය. 

ඒ පරාජයෙන් පසු එ.ජා.ප ජනප්‍රියත්වය සහ ඡන්ද පදනම කාදනය වූයේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ය. 2004 මැතිවරණ පරාජයේදී එ.ජා.ප ඡන්ද සියයට 37.8 දක්වාත් නැවත 2010 දී සියයට 29.3 දක්වාත් පහත වැටිණ. මේ ඡන්ද අඩුවීම ජනප්‍රිය පාර්ලිමේන්තු දේශපාලනයට වික්‍රමසිංහ ආකර්ශනයක් නොවන බව පෙන්වූවකි. ඒ හේතුවෙන් ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු යැයි පක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඇතුළු ක්‍රියාකාරී කණ්ඩායමක් කල්ලි ගැසී කැරළි ගැසූ යුගයක් ඇති විය. වික්‍රමසිංහ ජනාධිපතිවරණ වලට ඉදිරිපත් නොවී, පොදු අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට වූයේද ඔහුට මැතිවරණ දිනිය නොහැකි යැයි ඔහුගේ සමීපතමයින් පවා පිළිගත් බැවිනි. අවසානයේ 2019 ජනාධිපති මැතිවරණය පැමිණෙන විට සැළකිය යුතු කොටසක් සජිත්ගේ නායකත්වයෙන් ජනාධිපතිවරණයට එක් විය. ඒ ජනාධිපතිවරණයෙහි එ.ජා.ප නායක වශයෙන් රනිල් වික්‍රමසිංහට වැදගත් කාර්යක් නොවුනි. අනතුරුව ජනාධිපතිවරණයෙහි සියයට 42 ක් ඡන්ද ලැබුණු සජිත්ගේ නායකත්වයෙන් එ.ජා.පයේ සැළකිය යුතු පිරිසක් ස.ජ.බ පිහිටුවා ගත්හ. 

 

පුංචි ඡන්දය ගැන තීරණයක් ගනී : බිලියන 10ක වැය ඇස්තමේන්තුවක්විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට විරුද්ධ වන්නේ එය ඔවුන්ට අවාසි විය හැකි හෙයිනි
අවුරුද්දක් ඇතුළත ඊළගට පැමිණි 2020 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිපල පෙන්වූයේ රනිල් වික්‍රමසිංහට කිසිදු ජනතා ආකර්ශනයක් හා ජන පදනමක් නොමැති බව පමණක් නොව, ඔහුගේ නායකත්වයෙන් එ.ජා.පද ජනතාවගෙන් ගිලිහී ගොස් ඇති බවය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් රට පුරා එ.ජා.පට ලැබුණු ඡන්ද ප්‍රමාණය උතුරු-නැගෙනහිර පමණක් තරග කළ දෙමළ ජාතික සන්ධානය ලැබූ 3,27,168 ත් වඩා අඩු විය. මෙදා එ.ජා.පට ලැබුණේ ඡන්ද 2,49,435 කි. සියයට 02.2 කි. මැතිවරණයෙන් එ.ජා.ප කිසිදු මන්ත්‍රීවරයෙකු තේරී පත් නොවුනු අතර, වික්‍රමසිංහ එ.ජා.පයේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් වූයේ 2000 පාර්ලිමේන්තු මැතිවරණයෙන් හෙළ උරුමයට ලැබුණු තනි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට චම්පික තමන්ව පත්කර ගත් ආකාරයට බෙහෙවින් සමාන අයුරු ය.

විපක්ෂයේ තනි එ.ජා.ප මන්ත්‍රී වූ වික්‍රමසිංහ අහඹු ලෙස හෝ කුමන්ත්‍රණයකින් හෝ ජනාධිපති වූවාට, අවුරුදු 30 ක පමණ කාලයක් එ.ජා.පයේ අසාර්ථක නායක ලෙස වික්‍රමසිංහට නොතිබූ ජනතාවාදී දැක්ම, දෙවසරක ජනාධිපති ධුර කාලයෙන් අලුත් ජනප්‍රියවාදී දැක්මක් වන්නේ නැත. එනිසා බැසිල්ගේ මහ මැතිවරණ යෝජනාවෙහි ඔහුට ඇති වාසිය ඔහු තේරුම් ගන්නේ නැත. පාර්ලිමේන්තු මැතිවරණයක් විපක්ෂයේ අනෙකුන්ට අවාසිදායක බැව් තේරුම් ගන්නට නොහැක්කේ ඔහු දකින්නේ ජනාධිපති ධූරය පමණක් වන හෙයින්ය. ඊළඟ ජනාධිපති වන්නට පුල පුලා බලා සිටින විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට විරුද්ධ වන්නේ එය ඔවුන්ට අවාසි විය හැකි හෙයිනි.    

 



එවැනි පසුබිමක, ජනාධිපතිවරණයට පෙර බැසිල් මහ මැතිවරණයක් ඉල්ලා සිටින දේශපාලන ගණන් හැදීම පිළිබඳව යම් විමසුමක් කිරීම වැදගත්ය. 

ගණන් සූත්‍රයේ දේශපාලනය 

බැසිල් පොහොට්ටුවේ ඡන්ද පදනම ගණන් හදන්නේ රාජපක්ෂලාට, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂට තවමත් තිබෙන සිංහල-බෞද්ධ ආකර්ශනය අනුවය. ඒ සමග බැසිල්ගේ තීන්දුව තවත් කාරණා දෙක තුනක් මත ගත් තීන්දුවක් ලෙස පෙනෙන්නකි. පළමු කාරණාව, තනි අපේක්ෂකයෙකු ලෙස රනිල් පෙරටුකර මැතිවරණ ව්‍යාපාරයක් එසවීම, එතරම් පහසු කාර්යක් නොවීමය. එහි වාසිය ගැනීමට අනුර සහ සජිත් දෙදෙනම මග බලා සිටිති. ඔවුන්ට ඔවුන්ගේ ප්‍රතිරූප ඔසවා ගැනීමට හැකියැයි විශ්වාසයක්ද ඇත. අනුර මේ වන විටත් ඒ ගමන අරඹා ඇත. ඔවුන් ජනාධිපතිවරණය කලින් ඉල්ලන්නේ ඒ වාසි වෙනුවෙනි. පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සිංහල දකුණේ මැතිවරණ දිස්ත්‍රික්ක 17 ක් ජයග්‍රහණය කරමින් ලැබූ ඡන්ද සියයට 59 න් මහින්ද රාජපක්ෂ සමග පොහොට්ටුවට, තවමත් ග්‍රාමීය සමාජයෙන් සියයට 45 ට වැඩි ඡන්ද එකතු කළ හැකි යැයි වන නිගමනය දෙවැන්නය. එළෙස ඡන්ද එකතු කිරීමට ජ.වි.පෙට හැරුණ විට පුළුල් ක්‍රියාකාරී සංවිධාන ජාලයක් ඇත්තේ පොහොට්ටුවට පමණකැයි යන්න අනෙකය. 

සිංහල-බෞද්ධ ඡන්ද ගණන් හැදිල්ල

 

 90833207 img 6707රටේ ප්‍රධාන ප්‍රශ්න අතරේ ඇති උතුරු-නැගෙනහිර ජනතාවගේ නොවිසඳුණු ප්‍රශ්න කිසිවක් ඔවුන්ට අහම්බෙන්වත් මතක් වෙන්නේ නැත
රාජපක්ෂලාගේ ශක්තිය පවතින්නේ සජිත් ප්‍රේමදාසගේ ස.ජ.බ සහ ජ.වි.පෙ/ජා.ජ.බ ප්‍රචාරක දේශපාලනය රාජපක්ෂලාගේ “යෝධ දූෂණයට” විරුද්ධ යැයි කියමින් රාජපක්ෂලාගේ සිංහල-බෞද්ධ දේශපාලනය කර පින්නාගෙන සිටීමෙහිය. රටේ ප්‍රධාන ප්‍රශ්න අතරේ ඇති උතුරු-නැගෙනහිර ජනතාවගේ නොවිසඳුණු ප්‍රශ්න කිසිවක් ඔවුන්ට අහම්බෙන්වත් මතක් වෙන්නේ නැත. මහින්ද රාජපක්ෂ තරම්වත් උතුරු-නැගෙනහිර ප්‍රශ්න ගැන කතාවක් මේ දෙගොල්ලන්ටම නැත.

කලක් “ආගම කියන්නේ නූගතුන්ගේ රැකවරණය” යැයි කියූ, ගමේ පන්සලටවත් නොගිය අනුර කුමාරලා, දැන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකින්නට යන්නේ, රාජපක්ෂලාගේ සිංහල-බෞද්ධ ඡන්දදායකයින් ඇමතීමේ අවසරය ලබා ගැනීමටය. ජ.වි.පෙ/ජා.ජ.බ විශ්‍රාමික හමුදා නිලධාරීන් සංවිධානය කරන්නේද සිංහල-බෞද්ධ මුද්‍රාවක් හැටියටය. ස.ජ.බෙ නායක සජිත් ප්‍රේමදාස හැමදාම සිංහල-බෞද්ධ දේශපාලනය වෙනුවෙන් උතුරු-නැගනෙහිර අමතක කළ කෙනෙකි. “ඒකීය රාජ්‍ය” දිවි හිමියෙන් ආරක්ෂා කරන්න ප්‍රතිඥා දෙන කෙනෙකි. නමුත් මේ දෙගොල්ලන්ම තේරුම් නොගන්නා කාරණාව වන්නේ, සිංහල-බෞද්ධ ඡන්දදායකයාට රාජපක්ෂලා වෙනුවට වෙනත් සිංහල-බෞද්ධ මුද්‍රාවක් අවශ්‍ය නැති බවය.  

sal 6කොළඹ දිස්ත්‍රික්කයෙන් ගියවර පොහොට්ටුවට ලැබුණු සියයට 57 එබැවින් මෙවර නොලැබෙන බැව් බැසිල් තේරුම් ගත් බවක් දැකිය හැකිය.

 

ආර්ථික පැවැත්මෙහි වත්මන් අස්ථිරභාවය හේතුවෙන් රාජපක්ෂලාගේ සිංහල බෞද්ධ දේශපාලනය දූෂණ විරෝධී දේශපාලනයකින් ආදේශ කර ගැනීමේ ප්‍රවනතාවක් නාගරික මැදපංතියෙහි ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් ගියවර පොහොට්ටුවට ලැබුණු සියයට 57 එබැවින් මෙවර නොලැබෙන බැව් බැසිල් තේරුම් ගත් බවක් දැකිය හැකිය. ඔහු වෘත්තීය සමිති හා සමාජයේ අනෙක් පීඩිත ජන කොටස් වලට බලපාන්නාවූ කාරණා ගණනාවක් ජනාධිපති වික්‍රමසිංහ හමුවේ තැබීම, ඔහු දැන් හැරෙන්නේ කොහේටදැයි කියන්නකි. 

පාර්ලිමේන්තු මැතිවරණය කලින් පැවතුනහොත් කොළඹ ඡන්ද පෙළ ගැසීමෙහි ජ.වි.පෙ/ජා.ජ.බ ගියවර ගත් සියයට 5.7 ක ප්‍රතිශතය සියයට 15 ක් පමණ විය හැක. ස.ජ.බ ගත් සියයට 32.7 ක ප්‍රතිශතය, සියයට 40 ක් විය හැක. රනිල්ගෙ එ.ජා.පද කොළඹින් සියයට 10 ක් පමණ ගැනීමේ ඉඩක් ඇත. ඉතිරි ටික එහෙන් මෙහෙන් ගොඩ බහින අපතයින් කිහිප දෙනා අතර බෙදෙනු ඇත.

නමුත් ගමේ ඡන්ද බෙදෙන්නේ ඒ ආකාරයෙන්ම නොවේ. ගමේ ඡන්ද බෙදීමේ මූලික සාධකය වන්නේ සිංහල-බෞද්ධ රැල්ලේ ගෝසාව ය. ගියවර සිංහල-බෞද්ධ රැල්ල හැදුනේ හැම පන්සලක්ම ගෝඨාභයගේ ඡන්ද ප්‍රචාරයට ස්වේච්ඡාවෙන් හවුල් වූයෙනි. මෙවර එවැනි රැල්ලක් නැතත් රාජපක්ෂ දූෂණය ගැන කෙරෙන කොළඹ මැද පංතිකයින්ගේ දූෂණ ගැන කතා සිංහල-බෞද්ධ ගමට සමීප නැත. ගමේ සිංහල-බෞද්ධ දේශපාලනය සමාජ ආර්ථික සංවර්ධනයක් සඳහාවන දේශපාලනයකින් කිසිවකු අභියෝග නොකරන හෙයින් තවමත් ගමේ වාසිය ඇත්තේ රාජපක්ෂලාට ය.

එනිසා පොහොට්ටුවේ මැතිවරණ යාන්ත්‍රණය උපරිමයෙන් ක්‍රියාත්මක කරවා ගෙන, මේ බකල් ගහන ආණ්ඩුවේ හයියත් හැකි පමණින් රෝල් කරගෙන ඔවුන්ට 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී ගත් සියයට 42 ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ගැනීමේ හැකියාවක් ඇත.

 

සියල්ල ලද මිනිසාට දෙන්නේ මොනවාද! - (එරන්ද ගිනිගේ)එවරද මන්ත්‍රීවරුන් 95 ක් පාර්ලිමේන්තු ආවේ සිංහල-බෞද්ධ ඡන්ද මහින්දව අත නොහැරි නිසාවෙනි.
ඒ මැතිවරණයේ මහින්ද රාජපක්ෂ පොදුජන නිදහස් පෙරමුණ මැතිවරණ ව්‍යාපාරයට උර දුන්නේ ජනාධිපතිවරණයෙන් පරාජය වී අට මාසයක් යන්නටත් කලින්ය. ජයග්‍රාහී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අණසක යටතේ ශ්‍රී.ල.නි.ප සහ පොදුජන පෙරමුණ තිබියදීය. මොනම ආකාරයකින්වත් මහින්දට දිනන්න දෙන්නේ නැතැයි ජනාධිපති සිරිසේන ප්‍රසිද්ධ ප්‍රකාශද කළ පසු බිමකය. එවරද මන්ත්‍රීවරුන් 95 ක් පාර්ලිමේන්තු ආවේ සිංහල-බෞද්ධ ඡන්ද මහින්දව අත නොහැරි නිසාවෙනි.     

මෙවරත් ඒ හා සමාන ප්‍රතිපලයක් ලැබිය හැකි යැයි රාජපක්ෂලාගේ ගණන් හැදීමේ වරදක්ද නැත. දැන් එ.ජා.පයක් හා ශ්‍රී.ල.නි.පයක් නැත. අතීතයේ අන්ත පරාජයට පත්වන විට එ.ජා.පය ලබා ගත් සියයට 35 ක පමණ ඡන්ද ප්‍රතිශතය දැන් ස.ජ.බ වෙත ගාල් වී ඇත. ශ්‍රී.ල.නි.ප ග්‍රාමීය ඡන්ද පදනම, ස්ථාවර සිංහල-බෞද්ධ ඡන්ද බැංකුවක් මෙන් රාජපක්ෂලාගේ මැතිවරණ ගනුදෙනු වෙනුවෙන් බැර වී ඇත. එය එසේ යැයි පිළිගතහොත් කතාව කෙටියෙන් මෙවැනි ය. උතුරු-නැගෙනහිර මන්ත්‍රී ආසන 20 ක් අත හැර සිංහල-බෞද්ධ දිස්ත්‍රික්ක වලින්

■ ස.ජ.බ මන්ත්‍රී ආසන 80 ක් 
■ ජ.වි.පෙ මන්ත්‍රී ආසන 20 ක් 
■ රනිල්ගෙ එ.ජා.පය මන්ත්‍රී ආසන 10 ක් සහ
එහෙන් මෙහෙන් පැන ප්‍රධාන පක්ෂයකින් නාමයෝජනා ගැනීමට නොහැකි වුන හුදකලා සිංහල-බෞද්ධ නායකයින් ජාතික ලැයිස්තුවට ලැබෙන සංඛ්‍යාවත් සමග මන්ත්‍රී ආසන 04 ක් හෝ 05 ක් ගම්පහ, කොළඹ වැනි දිස්ත්‍රික්ක වලින් ලබා ගැනීමට ඉඩ ඇත. 

එවිට පොහොට්ටු පක්ෂයට මන්ත්‍රී ආසන 95 ක් ලැබී, රනිල්ගෙ එ.ජා.පට ලැබෙන ආසන 10 ත් ගත් විට බහුතර මන්ත්‍රී ආණ්ඩුවකට අවශ්‍ය වන්නේ තවත් මන්ත්‍රීවරුන් 08 කු පමණය. එය හදා ගන්නේ කෙසේදැයි කියා කවුරුත් දනිති. 

 

පුවත් - Results from #3435ඒ සන්ධානයෙහි පොදු අපේක්ෂකයා වීම, රනිල් වික්‍රමසිංහට ලැබිය හැකි වඩාත්ම වාසිදායක තත්ත්වය වන්නේය.
අනතුරුව ඉන් මාස දෙක තුනකට පසු ජනාධිපතිවරණයට යන්නේ ජයග්‍රාහී පොහොට්ටු පක්ෂ නායකත්වයෙන් වන සන්ධානයකි. ඒ සන්ධානයෙහි පොදු අපේක්ෂකයා වීම, රනිල් වික්‍රමසිංහට ලැබිය හැකි වඩාත්ම වාසිදායක තත්ත්වය වන්නේය. 

එහෙත් උතුරු-නැගනෙහිර ඡන්ද ගත හැකි යැයි සිතන ජනාධිපති වික්‍රමසිංහගේ තීන්දුව එය නොවීම ඔහුගේම අවාසනාව වන්නේය. එසේ වුවහොත් සියයට 50 ට වැඩි ඡන්ද ලබාගත් අපේක්ෂකයකු නොමැතිව පළමු වරට ජනාධිපතිවරණයක දෙවන ගණන් කිරීමකට යාමට සිදුවිය හැකිය. එවිට ජනාධිපති තෝරා පත්කර ගැනීමට සිදු වන්නේ බහුතර ඡන්ද ලබා ගත් අපේක්ෂකයා වශයෙන් ය. දෙවන මනාපයක් ගැන මොනම කතාවක්වත් නැති ජනාධිපතිවරණයක වැඩිම ඡන්ද ලබන්නා කවුදැයි ගණන් හැදීම දැනට ඉක්මන් වැඩි යැයි සිතමි.


අලුත් අවුරුද්දට මගේ යෝජනාව - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024 මාර්තු 23


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image