ජනතා නැගිටීමක හෝ අරගලයක ලෙස අද අප වහරන අර්ථයෙන්, සෘජු අත්දැකීමක් මා මුලින් ම ලද්දේ පිලිපීනයේ ය.

ඒ මා උසස් පෙළ කරන කාලයේ පොතින් පතින් හා විභාගය අවසාන වී ටික කලකින් පිලිපීනයේ මසක් පමණ ගත කිරීමෙන් ය. ඉන් අනතුරුව ගෙවුණු දශක දෙක තුන තුළ, මුලින් ශිෂ්‍යයකු ලෙසත් පසුව වෘත්තියකයෙකු ලෙසත් මා පිලිපීනයට සංචාරය කළ අවස්ථා එමට ය. 

 

කුප්‍රකට ම ඒකාධිපති පාලකයෙක් වූයේ පිලිපීන ෆර්ඩිනන්ඩ් මාකොස් ය

 

ඒ රටට මා අභිමුඛ වූ මුල්  කාලයේ කුප්‍රකට ම ඒකාධිපති පාලකයෙක් වූයේ පිලිපීන ෆර්ඩිනන්ඩ් මාකොස් ය. ඔහු පිලිපීනයේ ජනාධිපති ලෙස මුලින් ම ඡන්දයෙන් පත් වුණේ 1965 දී ය. 1986 දී ඔහුව බලෙන් එළවා දමනතුරු, ජනාධිපති ලෙස රාජ්‍ය නායක තනතුර දැරී ය.

දශක දෙකක තරම් දීර්ඝ කාලයක් රාජ්‍ය නායකයා ලෙස මාකෝස් පිලිපීනය ආර්ථික සමෘද්ධියට හා සංවර්ධන මාවතට යොමු කරන්නට භාවිතා කළේ සම්මත වට්ටෝරුව සහිත ඒකාධිපති අච්චු පොත යි. සම්මත වට්ටෝරුවේ මූලික ඉන්ග්‍රීඩය වූයේ ආර්ථිකයට දරාගත නොහැකි ණය කන්දරාව යි. ආර්ථික සමෘද්ධිය එක්තරා අතකින් වර්ධනය වුණත් ආදායම් බෙදී යාමේ විෂමතාවය අධික ලෙස තීව්‍ර වීම නිසා, රටෙන් භාගයක් පමණ ජීවත් වූයේ දුප්පතුන් ලෙස ය. තමන්ට එරෙහි ව නැගෙන විරෝධය මර්දනය කිරීමට වරෙක මකොස් හමුදා නීතිය බලාත්මක කළේ ය. රාජ්‍ය සම්පත් හා ධනය අයථා ලෙස පරිහරණය කිරීම හා ඒවා තමන්ගේ පුද්ගලික වත්කම් බවට පත්කර ගැනීම ගැන මාකෝස් ලද චෝදනා අසීමිත ය. මේ දුර්දාන්ත පාලනය අවසාන කාලයේ, ජනතාව දහස් ගණනින් වීදි බට අතර එම නැගිටීම පිලිපීනයේ හැඳින්වූයේ 'පීපල්ස් පවර් රෙවලූශන්' ලෙස ය.

 

මාකොස්ගේ මේ ඒකාධිපති පාලනයට බොහෝ කාලයක් උල් පන්දම් දුන්නේ ඇමෙරිකානු එක්සත් ජනපදය බව රහසක් නොවේ. 1898 සිට 1946 දක්වා පිලිපීනය පාලනය කළේ එක්සත් ජනපදය (වසර තුනක පමණ ජපන් ආක්‍රමණ කාලය හැරෙන්න) යි. තම පාලන කාලයේදී එක්සත් ජනපදය, හමුදා මූල කඳවුරු කිහිපයක්ම ස්ථාපිත කළේ ය. ක්ලාර්ක් හා සූබි ඒ අතර ප්‍රධාන වේ.

 

තම පාලන කාලයේදී එක්සත් ජනපදය, හමුදා මූල කඳවුරු කිහිපයක්ම ස්ථාපිත කළේ ය

 

මේවායේ විශාල ප්‍රමාණයක එක්සත් ජනපද හමුදා ඛණ්ඩ රඳවා තැබිණ. ජපානය හා දකුණු කොරියාව හැරුණ කොට පිළිපීනයේද මෙවැනි හමුදා ම ය පදනමක් එක්සත් ජනපදයට උපාය මාර්ගික ව වැදගත් විය. මාකෝස්ගේ "දඟ කිරීම්" නොදැක්කා වගේ එක්සත් ජනපදයේ සිටියේ මේ නිසා ය.

 

reagan marcosරොනල්ඩ් රේගන් මාකොස් සමග සුහද මිත්‍රකමක් නඩත්තු කළ අතර ඔවුන්ගේ බිරින්දෑවරුන් වූ නැන්සි හා ඉමෙල්ඩා ද සමීප ෆස්ට්ලේඩි මිත්‍රකමක් පැවැත් වු හ.

 

එවකට එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන් මාකොස් සමග සුහද මිත්‍රකමක් නඩත්තු කළ අතර ඔවුන්ගේ බිරින්දෑවරුන් වූ නැන්සි හා ඉමෙල්ඩා ද සමීප ෆස්ට්ලේඩි මිත්‍රකමක් පැවැත් වු හ. ඇත්තෙන් ම, රේගන්-මාකොස් මිත්‍රත්වය පටන් ගත්තේ 1969 රේගන් ගවනර් හෙවත් ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කරන කාලයේ දී තම බිරිඳ නැන්සි සමග පිලිපීනයට සංචාරයකට ආ විට ය.  ඉමෙල්ඩා හා මාකොස් ඒ කාලයේ සිට ම පවත්වන්නට පුරුදු වූ සුඛෝපභෝගී සාද සඳහා රේගන් යුවල සහභාගී වූ අතර ඉන් ඔවුන් දෙදෙනා මහත් අමන්දානන්දනයට පත් වූ බව වාර්තා වේ.

 

FI NInoy Aquino Assassinationඑක්සත් ජනපද රජයට මාකොස්ගේ 'සුරුවිරුකම්' තවදුරට ඉවසා දරා ගන්නට බැරි වූයේ 1983, විපක්ෂ නායක බෙනිග්නෝ අකිනෝ ඝාතනය කිරීමත් සමග ය

එක්සත් ජනපද රජයට මාකොස්ගේ 'සුරුවිරුකම්' තවදුරට ඉවසා දරා ගන්නට බැරි වූයේ 1983, විපක්ෂ නායකයා වූ බෙනිග්නෝ අකිනෝ ඝාතනය කිරීමත් සමග ය. රේගන් විසින් විවිධ දූතයන් හරහා මාකොස්ට් බිහේව් යුවර් සෙල්ෆ් ම ය පණිවිඩ රැසක් යැව්ව ද ඒවායෙන් ඵලක් නොවී ය. මාකොස් පලවා හැරීමේදී අනතුරක් හා අවදානමක් ලෙස එක්සත් ජනපදය සැලකූයේ පිලිපීනයේ මාක්ස්වාදී කණ්ඩායම් බලය අල්ලා ගනී ද කියා ය.ඒ නිසා මාකෝස් සීරුවෙන් බලයෙන් පහ කිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උප ලේකම්වරයෙකු වූ හා මීට කලින් පිලිපීනයේ තානාපති ලෙස කටයුතු කළ මයිකල් ආර්මකොස්ට්, එකල පිලිපීනයේ තානාපති ස්ටීවන් බොස්වර්ත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහස් අංශයේ ප්‍රධානී මෝර්ටන් අබ්‍රමෝවිට්ස්, එම දෙපාර්තමේන්තුවේ ම පිලිපීනය පිළිබඳව භාර ව කටයුතු කළ, ජෝන්මයිස්ටෝ මෙම ව්‍යාපෘතිය මෙහෙය වූ හ. එවකට රාජ්‍ය ලේකම් ව සිටි ජෝර්ජ් ශූල්ට්ස් මේ සම්බන්ධයෙන් වැට උඩ මතයක සිටියේ ය.  

නෙවාඩා ප්‍රාන්තයේ සෙනෙටර්වරයකු වූ පෝල් ලක්සෝල්ට් රේගන්ගේ ලිපියක් රැගෙන, මාකෝස් හමු වෙන්නට ගිය අතර එහි දී මාකොස්ගේ බිඳ වැටෙන ප්‍රතිරූපය ප්‍රතිස්ථාපනය කිරීමට වොශින්ටන ප්‍රචාරක ආයතනයකට භාර දීමට තීන්දු විය. එය පිලිපීනයේ විපක්ෂ නායිකා කෝරි අකීනෝ දෝෂ දර්ශයට භාජනය වූ නමුත්, ඇමෙරිකානු සහය ඇති ව ඇයට ද, නිව් යෝර්කයේ පිහිටි ප්‍රචාරක ආයතනයක සේවාව ලබාගත හැකි විය.

 

MANILA, PHILIPPINES - 1986/01/01: Corazon (Cory) Aquino attends a rally prior to the so called 'snap' elections. She campaigned against Ferdinand Marcos in a hard fought election campaign that was to culminate in the "People's Power" revolution that finally saw Marcos ousted as President of the Philippines. On February 25th 1986, Marcos and the First Lady, Imelda fled the country with their family. He was never to return to the Philippines again. Cory Aquino became the new President with Doy Laurel sworn in as her Vice President.. (Photo by Peter Charlesworth/LightRocket via Getty Images)අක්වීනෝගේ කැම්පේනයේ වියදම් සඳහා අරමුදල් සම්පාදනය වූයේ ද හොංකොංහී විසූ ඇමරිකානු බැංකුකරුවෙකුගේ මූලිකත්වයෙනි.  

අක්වීනෝගේ කැම්පේනයේ වියදම් සඳහා අරමුදල් සම්පාදනය වූයේ ද හොංකොංහී විසූ ඇමරිකානු බැංකුකරුවෙකුගේ මූලිකත්වයෙනි. කතෝලික සභාවට අනුයුක්ත රේඩියෝ වෙරිටාස් චැනලය විපක්ෂයේ කතා හා ජනතා විරෝධතා ආශ්‍රිත ප්‍රචාරක වැඩ සඳහා නොමද සහයක් දැක්වී ය. මෙම ගුවන් විදුලි චැනලය යූස්ඒඩ් (USAID) යටතේ, ආසියානු පදනම (Asia Foundation, ඇමරිකානු රාජ්‍ය නොවන ආයතනයක්) හරහා ආධාර ලද එකක් විය. පිලිපීන කතෝලික සභාව විවෘත ව මාකෝස් විරෝධී ස්ථාවරයක සිටි අතර එරටේ බහුතරය (78%) කතෝලික ය.

අසූ හයේ පෙබරවාරි මාසයේ පැවැති ඡන්දය නිරීක්ෂණය සඳහා ඇමෙරිකානු කොංග්‍රස්වරයෙකුගේ (රිචර්ඩ් ලූගර්) නායකත්වය යටතේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් පිලිපීනයට පැමිණියේ ය. පිලිපීනයේ ජාතික සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය (ඇමරිකානු ආධාර ලබාගත් ආයතනයක්) ස්වාධීන ව මැතිවරණය නිරීක්ෂණය ද කළේ ය. මැතිවරණය දූෂිත එකක් බවට ලූගර් රේගන්ට වහා ම දැන්වී ය. එහෙත් රේගන් තම පැරණි මිතුරා ගැන දැඩි තීරණයක් ගැනීමට අසීරුවෙන් කාලය ගත කළේ, ඉමෙල්ඩා විසින් නැන්සි වෙත නිරතුරුව ගන්නා දුරකථන සංවාදවල කතා ද අසමිණි.

 

ramos role photo1පිලිපීන ආරක්ෂක ඇමති හුවන් එන්‍රිලේ හා ජනරාල් ෆිඩෙල් රාමොස්

මේ අතර පිලිපීන ආරක්ෂක ඇමති හුවන් එන්‍රිලේ හා ජනරාල් ෆිඩෙල් රාමොස්, මාකොස්ගෙන් ඉවත් වී, විපක්ෂයට සහය වනු පිණිස කුමන්ත්‍රණයක් දියත් කළ අතර, මැනිලාවේ හමුදා කඳවුරු කිහිපයක් ම ඔවුහු අල්ලා ගත් හ. මෙම කුමන්ත්‍රණයේදී භාවිතා කරන ලද හෙලිකොප්ටර් යානා සඳහා ඉන්ධන නැවත පුරවා ගැනීමට ඇමරිකානු ක්ලාර්ක් ගුවන් හමුදා බේසයේ ඉඩ පහසුකම් ලබා දුන් බව වාර්තා වේ. එන්‍රිලේ හා රාමොස්, මාකොස්-ලැදි හමුදාව විසින් හසු කරගත් විට, කතෝලික සභාවේ කාදිනල් සින් ජනතාවට ආයාචනා කළේ ඔවුන් රඳවා හුන් කඳවුර වටළණු කියා ය.

 88274863 pic4අක්වීනෝ දිනා ඇති බවත් මාකොස් අවසන් වී ඇති බවත් ය.

 

තත්ත්වය තක්සේරු කිරීම සඳහා, ශුල්ට්ස් ප්‍රකට රාජ්‍යතාන්ත්‍රික ට්‍රබල් ශූටරයෙකු වූ පිලිප් හබීබ් මැනිලාවට වහා ම යැවී ය. මාකොස්,අක්වීනෝ සහ වෙනත් ප්‍රභූ පුද්ගලයන් සියයක් පමණ හමුවීමෙන් අනතුරු ව හබීබ් නිගමනය කළේ, අක්වීනෝ දිනා ඇති බවත් මාකොස් අවසන් වී ඇති බවත් ය. වොෂින්ටනයේ පැවැති සාකච්ඡා වට ගණනාවකින් අනතුරු ව, මාකොස්ගේ අවසානය ගැන තීරණයකට එළඹිණ. එහෙත් පුද්ගලිකව ඒ බව පැවසීමට හෝ ලිපියක් ලිවීමට රේගන් පැකිළීම නිසා, ඒ කාර්යය පැවැරුණේ ඉහත නම් සඳහන් කළ මෙම නෙවඩා සෙනෙටර් ලක්සෝල්ට් වෙත ය. රාජ්‍ය ලේකම් ශුල්ට්ස්ගේ මග පෙන්වීම යටතේ, ලක්සෝල්ට් මාකොස්ට පිලිපීන වේලාවෙන් පාන්දර පහට දුරකථනයෙන් අමතා කීවේ යූ බෙටර් ස්ටෙප් ඩවුන් කියා ය. එය විශ්වාස කරන්නට අපොහොසත් බව පෙන් වූ මාකෝස්, ලක්සෝල්ට්ගෙන් පෙරළා ඇසුවේ ඒ එසේ කියන්නේ තම මිත්‍ර රේගන් ද කියා ය. ඒ ප්‍රශ්නය මගහැරි ලක්සෝල්ට්, මාකොස්ට කීවේ "අයි තින්ක් යූ ශුඩ් කට්, කට් ක්ලීන්ලි" කියා ය.

ඉන් අනතුරු ව පිළිපීනයේ ඇමරිකානු තානාපති බොස්වර්ත් මාකොස් යුවල සහ 60 දෙනෙකුගෙන් සමන්විත වූ ඔවුන්ගේ පිරිවර සේනාවට, ඇමරිකානු ගුවන් හමුදා ක්ලාක් බේසයෙන් ආරක්ෂිත ව පිට වී, ඇමරිකාවේ හවායී හී පිහිටි හොනොලුලූ වෙත එක්සත් ජනපද ගුවන් හමුදා අහස් යාත්‍රාවකින් ළඟා වීමට සියලු කටයුතු පිළිවෙල කළේ ය.

 



අනතුරු ව ජනපති වූ, දැඩි භක්තිවන්තියක ද වූ කොරී අකිනෝ මේ බල මාරුව සිදුවුණේ දිව්‍ය ම ය මැදිහත්වීමකින් කියා ප්‍රකාශ කළා ය.

බාබර බැරෝමීටර - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image