The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

උන්මාද වූ ප්‍රේමාදරේ - facultyofsex

T

The Leader Desk

January 31, 2021 • 11:28 AM

උන්මාද වූ ප්‍රේමාදරේ - facultyofsex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''ජීවිත විනාස කරන ආවේගකාරී පිස්සුවලට ආදරේ කියන්නෙ නෑ. ඒකට කියන්නෙ උන්මාදය.'' -facultyofsex
  • කෙල්ලගෙ ගෙදරට කඩාගෙන බිඳගෙන ගිහින් කෙල්ලට ගහන්න පටන් ගත්තා.
  • ඌ සිරා ප්‍රේමවන්තයෙක් නිසයි මේ දුක කියල.    ඒත් ඇත්තටම මේකට කියන්නෙ ආදරේද?
  • අපි දන්නෙ කොල්ලගෙ කතාව විතරයි.    ඒ කොල්ලගෙ කතාව ඇතුලෙත් අපි ඌ කරන බලහත්කාරයක් දකිනවා.    ආදරය ගැන ඉමෝෂනල් කතන්දර බැහැර කළහම මනුස්සයෙක් තව මනුස්සයෙකුගෙ තීරන ගැනීමේ නිදහසට බාධා කරමින් ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මං අඳුරන කොල්ලෙක් ඉන්නවා. අවුරුදු විසි ගානයි. උගේ කෙල්ලට පන ඇරලා ලව්. කොයිවෙලාවෙත් ඉන්නෙ ෆෝන් එකේ. හම්බුකරන පඩියම වුනත් කෙල්ලට වියදම් කරනවා. 
 
පුදුම හදිස්සියක් තිබුනෙ මේ කෙල්ලව බැඳගන්න.
 
මං අයියෙ සීරියස් කරන්නෙ එකම එක කෙල්ලයි. අනිත් ඒවා නිකං චැට් කරනවා විතරයි. හැබැයි ඒ කෙල්ල වෙන කාගෙ හරි අතින්වත් අල්ලලා තිබුනොත් මට නං ඒකිව ආයිමත් වැඩක් නෑ. මොකටද අයියෙ එහෙම ගෑනු?
මූ මට කියල තියෙනවා.
 
ඔන්න එකපාරටම මූ දැනගත්තා කෙල්ලට තව කොල්ලෙක් ඉන්නවා කියල. ඌ බැඳපු එකෙක්. ඒත් අවුරුදු දෙකක් විතර තිබුන සම්බන්දයක්. මේක දැනගත්ත ගමන් කොල්ලා පරල වුනා.
 
මං ඕකිගෙ ඔක්කොම වීඩියෝ එලියට දානවා. වෙන එකෙක් බැඳලා යන්න පුළුවන්කමක් එයාට නෑ.
මූ දුක සිංදු අහ අහ වහසිබස් කිව්වා. දවස් ගනං නොකා නොබී හිටියා. සැරින් සැරේට කෙල්ලට කෝල් අරන් කුනුහරුපෙන් බැන්නා. කෙල්ල එහා පැත්තෙ ඉඳන් අඬනවා.
 
කොහොම හරි ආපහු අර කෙල්ල මූ එක්ක යාලු වුනා. මූ ගෙදරටත් ගියා. හම්බුකරපු සල්ලි ඔක්කොම වියදම් කරලා කෙල්ලගෙ උපන්දිනෙත් ගත්තා. දැන් ඔන්න බඳින්න ඔන්න මෙන්න.
 
එකපාරට මූට ආයිමත් අහුවුනා කෙල්ල අර අනිත් කොල්ලට මැසේජ් කරනවා. ඒ ෆෝන් එකත් ඒ කොල්ලා අරන් දීපු එකක්. මූට යක්ෂාවේශ වුනා. කෙල්ලගෙ ගෙදරට කඩාගෙන බිඳගෙන ගිහින් කෙල්ලට ගහන්න පටන් ගත්තා.
 
මං මෙහෙම මෙහෙම ඇනගෙන ඇනගෙන ගියෙ. ආයි මරනවා ඕකිව..
කෙල්ල ගුටිකකා අර කොල්ලට ටෙක්ස්ට් කරනවා.
 
මට මූ එක්ක ඉන්න බෑ. මූ මාව මරනවා සුදු..
 
කොහොම හරි කෙල්ලට සිහිනැති වුනාම මූ පැනලා ඇවිත්. 
සිහිය ආපු ගමන් කෙල්ල පැනලා ගිහින්.
 
මං ඕකිව කොහොම හරි බඳිනවා. 
බැඳලා මට කරපු විනාසෙට ඕකිගෙ ජීවිතෙන්ම පලිගන්නවා. 
 
මූ පිස්සුවෙන් වගේ දඟලනවා.
 
ඉතිං බං උඹ ඕක අතෑරලා වෙන කෙල්ලෙක් හොයාගනිංකො.
මං ඌට කිව්වා.
 
එහෙම බෑ අයියෙ. මං ඕකිට කොයිතරං වියදං කරලා තියෙනවද? 
මට ඕකම මරාගෙන මැරෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ.
 
පව්.. ඌ ඒකිට බොක්කෙන්ම ලව්.. උගේ යාලුවො කියන්නෙ එහෙමයි.
ඌ සිරා ප්‍රේමවන්තයෙක් නිසයි මේ දුක කියල. 
 
ඒත් ඇත්තටම මේකට කියන්නෙ ආදරේද? එකිනෙකාගෙන් පලිගන්න, එකිනෙකාට රිද්දන්න, රිද්දගන්න කරගෙන යන ඇබ්බැහියක් නෙමෙයිද? 
 
අපි ආදර කතා කියලා අහන බහුතරයක් මේ වගේ ලෙඩ නෙමෙයිද?
 
දැන් මෙතන මේ කෙල්ල වැරදිද? ඒ කෙල්ලගෙ කතාව ගැන කිසි දෙයක් අපි දන්නෙ නෑ. අපි දන්නෙ කොල්ලගෙ කතාව විතරයි. 
 
ඒ කොල්ලගෙ කතාව ඇතුලෙත් අපි ඌ කරන බලහත්කාරයක් දකිනවා. 
 
ආදරය ගැන ඉමෝෂනල් කතන්දර බැහැර කළහම මනුස්සයෙක් තව මනුස්සයෙකුගෙ තීරන ගැනීමේ නිදහසට බාධා කරමින් ඉන්නවා. අපි ආදරේ නමින් බලහත්කාරයක් සාධාරනීකරනය කරමින් ඉන්නවා.
 
ආදරේ කියන්නෙ නිදහස. ආදරේ කියන්නෙ සතුට. ආදරය කියන්නෙ සමහර වෙලාවට අත්හැරීම. ජීවිත විනාස කරන ආවේගකාරී පිස්සුවලට ආදරේ කියන්නෙ නෑ. ඒකට කියන්නෙ උන්මාදය.
 
වැඩිදුරටත් හදාරන්න (චින්තාගේ වැඩක් ..)
 
 

 

 


 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...