බුත්සරණ කතුවර විද්‍යාචක්‍රවර්තීන් සිටියේ නම් එතුමෝ මෙසේ ලියනු ඇත.
'ඈත සුරාවෙන් පෙඟුණු ඇස් ඇති ඥාණසාරයෝය. මෑත මංත්‍රි පර්මිටයට ලැබුනු ප්‍රාඩෝව විකුනා බද්ද අඳනයේ සාක්කුවට දාගෙන ටොයොටාවලින් වඩින රතන්නයෝය. ඈත දේව වංශයට නැතිවූ ජාතික බලය ගෙනදෙන්නට සිංහ රාජයෙක් සේ වඩින ඥාණසාරයෝය. මෑත විශ්ව කුලයට හෙවත් නවන්දන්නා වංශය ට රන් ඉරක් බඳුවූ රතනයෝය.'
අප මේ කුල කතා ලීවේ ව්ද්‍යාචක්‍රවර්තීන් ධර්මාන වූ පොලොන්නරු යුගයේ අදට වඩා ගැඹුරට කුල වාදය සිංහල සමාජයේ තිබෙන්නට ඇතැයි යන විශ්වාසයෙන්ය.
අපත් ඉපදුනු සිංහල ජාතියේ වාසනාවට ජාතික වීරයෝ සතියෙන් සතියට මාසෙන් මාසෙට එලියට බසිති. වාසනාවට මොවුන් වැඩිදෙනෙක් ඉපදී ඇත්තේ පීඩිත කුලවලය. එසේත් නැතිනම් සිංහල කුල ධුරාවලියේ පහල තට්ටුවෙන්ය. මේ කුල වීරයන්ගේ ගැඹුරු සත්‍ය ඉහත දෙපොලටත් වලංගුය.
දැන් ජාතිය බේරා ගැනීමට මේ වීරයන් දෙපොල කුල සම්ප්‍රදායන්ම යොදා ගනිමින් සිටිති. අපේ දේව වංශය කොහොමත් නිර්භිතය. මේ කතාව ඌරගහ කරන්දෙණිය ගැන දන්නෝ දනොති. සටන් දෙකේ දීම විජේවීර සහෝදරයාගේ බලවත්ම සටන්කාමීන් වුයේ දේවවංශික තරුනයන්ය. ඔහු පලමු සටනේ සිටි දේව වංශික නායකයාවූ ලොකු අතුල ට සැලකුවේ කැමිලෝ නම් කියුබානු විප්ලවයේ නායකයෙක්ට සම කරමිනි.
අපේ විශ්ව කුලය ඉතාම සාමකාමී කුලයකි. තුවක්කු හදා දුන්නට වෙඩි තියන්න යන්නේ නැති. උදාහරනයකට අපේ ගමේ සිටි මල්හාමි බාසුන්නැහේ 1971 දී පොලීසිවලට ගහන්න යන කොල්ලන්ට ගල්කටස් හදා දුන්නේය. කොල්ලො දෙක වදිනවිට වැමෑරූහ. මීටියාගොඩ පොලිසිය මල්හාමි මාමා කුදලාගෙන ගොස් දෙපයින් එල්ලා පහර දුන්නේ ඒ තරම් අපුරුවට එනම් බෙල්ජියම් තුවක්කු තරමට හොඳට ගල්කටස් හැදීමේ වරදටය. මල්හාමි මාමා නිදහස් වූවත් පොලිස් ප්‍රහාරවලින් රෝගාතුරව අකාලේ මියගියේය.
විශාලතම විශ්වකුල නගරය වන්නේ ගාල්ලය. එහි අපරාධවලට විශ්ව බ්‍රාහ්මන වංශය ගෑවෙනේ වත් නැත. අපේ අතුරලියේ හිමි නමත් එසේමය. සටන් පහරදීම් නැත. සමාකාමී උපවාසයයන්ම පවත්වන්න්ට තීරනය කර සිටිති. මේ අතුරලියේ සිටියත් විශ්ව කුලවතුන්ගේ හැටි එහෙමය.
මේ වතාවේ ජාතිය බේරා ගන්නට කෙරෙන සටනෙන් ජය ගන්නේ දේව වංශයද නවන්දන්නා වංශය ද යන්න වැඩි දවසක් නොගොසින් දැක ගන්නට ලැබෙනු ඇත. නමුත් මේ සටන වීරයා ඔබද මමද හරි සටන ඔබේ සටනද මගේ සටනද යන්නට තීරනය කෙරෙන්නකට වඩා දෙයක් දැනට පෙනෙන්නට නැත.
කොහොම නමුත් සටන කෙරෙන්නේ නුවර නම් මුස්ලිම් ව්‍යාප්තවාදයට මැදිවී පල්ලි 280ක් මහනුවර දිස්ත්‍රික්කයේ තිබීම ගැන විස්සෝපයෙන් සිටින උඩරට කුලවත්තු උපසම්පදාවක් තබා මහණ කමක් නොදෙන මේ දේව වංශික වීරයා හා විශ්වකුල වීරයා මහනුවරදී සාදරයෙන් පිලිගනු ඇත.
නමුත් පරම්පරා හතක් පිරිසිදු උඩරට ගොවි කුලට හැර මහණ උපසම්පදාව නොදෙන දළදා ආරක්ශක සියම් නිකායේ මල්වතු හා අස්ගිරි කල්ලි නායකයෝ අප වීරයන් දෙපොල මැරී වැටෙන්නට ලංවී සිටියත් වතුර පොදක් නොදෙනු ඇත. පංසලකට හෝ වලව්වකට ඉදිරිපසින් වැද්ද නොගනු ඇත. සිංහල ජාතියේ හැටි එහෙමය.
වීරයන්ට සටන් කර දිවි පිදීමට භාදාවක් නැත. අපිට උන් සමඟ නෑකමක් නැත. ඔබලා කෙලින් කරන්නට යන සිංහල ජාතියේ හැටි එහෙමය. අනගාරික ධර්මපාලට කල කී දේට වඩා දෙයක් මේ ජාතික වීරයන් දෙදෙනාට කුලවාදය නිසා නොලැබෙනු ඇත.
(ජේෂ්ඨ මාධ්‍යවේදී නන්දන වීරරත්න - ඔහුගේ FB පිටුවෙන් උපුටා ගන්නා ලදී)
ඥාණසාරට එරෙහිව රතන : දේවයන්ට එදිරිව විශ්වයන්ද
T
The Leader Desk
May 31, 2019 • 2:17 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දැන් එකවරම ජාතික වීරයෝ දෙදෙනෙක් සිංහල බෞද්ධ ජාතියට පහලවී සිටිති. කෙනෙක් ගලබඩ අත්තේ ඥාණසාරයන්ය එනෙකා අතුරලියේ රතනයන්ය.
- වාසනාවට මොවුන් වැඩිදෙනෙක් ඉපදී ඇත්තේ පීඩිත කුලවලය.
- උදාහරනයකට අපේ ගමේ සිටි මල්හාමි බාසුන්නැහේ 1971 දී පොලීසිවලට ගහන්න යන කොල්ලන්ට ගල්කටස් හදා දුන්නේය.
- කොල්ලො දෙක වදිනවිට වැමෑරූහ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


