The Leader News
BREAKING
Top Ad
Opinion

බෞද්ධයනි අවදිවව් ! පොසොන් මාසයේ බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් !!

T

The Leader Desk

June 5, 2019 • 3:45 AM

බෞද්ධයනි අවදිවව් ! පොසොන් මාසයේ බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ උදා වූයේ පොසොන් මාසයයි. ``මහරජ ! මේ ගස හැර තවත් ගස් තිබේද ?`` කියා මිහිඳු මහ රහතන් වහන්සේ ඉන්දියාවේ සිට වැඩම කරලා, ලංකාවේ එවකට සිටි රජු වූ දේවානම්පියතිස්ස රජුගෙන් ඇසුවේ මෙවැනි මාසයකයි.
  • `මේ ගස හැර වෙනත් ගස් තිබෙනවාද` යනුවෙන් අසනවිට පැහැදිලි වන්නේ මේ ලෝකයේ ඇති විවිධත්වයයි.
  • ගස්ගල් වලට වැඳ වැඳ ඉන්න හුදෙකලා දූපතක් නොවී ලෝකයේ තව බොහෝ දේ තිබෙන බව දැනගෙන ජීවත් විය යුතු බව වටහා දෙන්නයි.
  • ඒ කාලයේ රජවරුන්ට එවැනි දේ තේරුම්ගන්න බුද්ධියක් තිබුණු බව දෙවනපෑතිස් රජු දුන් පිළිතුරු වලින් පැහැදිලියි.
අකුරු ප්‍රමාණය (Font Size):

මිහිඳු හාමුදුරුවන් ඇසූ ඒ ප්‍රශ්නය අපි හිතනවාට වඩා ගැඹුරුයි. `මේ ගස හැර වෙනත් ගස් තිබෙනවාද` යනුවෙන් අසනවිට පැහැදිලි වන්නේ මේ ලෝකයේ ඇති විවිධත්වයයි. මේ ලෝකය එකම විදිහට එකම දේවල් වලින් සමන්විත වන්නේ නැහැ. අඹ ගස් මෙන්ම අඹ නොවන ගසුත් තිබෙනවා.

මිහිඳු හාමුදුරුවෝ එවකට ලංකාවේ රජුගෙන් ඒ ප්‍රශ්න ඇසුවේ අන්න ඒ විවිධත්වය මතුකරන්නයි. ගස්ගල් වලට වැඳ වැඳ ඉන්න හුදෙකලා දූපතක් නොවී ලෝකයේ තව බොහෝ දේ තිබෙන බව දැනගෙන ජීවත් විය යුතු බව වටහා දෙන්නයි. එහෙම වටහා දීල , ඒ ඔස්සේ බුද්ධ ධර්මය ප්‍රචාරය කරන්නයි උන්වහන්සේ උත්සාහ කළේ.

ඒ කාලයේ රජවරුන්ට එවැනි දේ තේරුම්ගන්න බුද්ධියක් තිබුණු බව දෙවනපෑතිස් රජු දුන් පිළිතුරු වලින් පැහැදිලියි. අපේ රටට ඇවිත් තමන්ගේ ආගම ප්‍රචාරය කරන්න හදන අන්‍යාගමික විදේශීය කුමන්ත්‍රණකාරයෙක් කියල මිහිඳු මහ රහතන් වහන්සේව පළවා හැරීම වගේ දේවල් කරන්න රජතුමා මෝඩ වුනේ නැහැ.

 

`චීවරය`, ගෝත්‍රවාදී පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන්:

එහෙම පොසොන් මාසයක් මේ පාර ආරම්භ වුණේ, ඒ බුද්ධිය පාවිච්චි කරපු ඉතිහාසයටත් අවමන් කරමින්. බුදු හාමුදුරුවෝ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් පාවිච්චි කළ, මිහිඳු හාමුදුරුවො වගේ බුද්ධිමත් රහතන් වහන්සේ කෙනෙක් පාවිච්චි කළ `චීවරය`, ගෝත්‍රවාදී පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් නිර්ලජ්ජිතව යොදාගන්න හැටි අපි දැක්කා.

දළදා මාළිගාව ගාව රතන හාමුදුරුවෝ උපවාසයකට ඉඳ ගත්තේ `විවිධත්වය` තේරුම් අරගෙන නෙමෙයි, මේක සිංහල රට මුස්ලිම් මිනිස්සුන්ට මේ රට අයිති නෑ කියන ඒකාධිකාරීත්වයේ සංඥාව තමයි ඒ දුන්නේ. ඒ නිසානේ මුස්ලිම් දේශපාලනඥයන් කීපදෙනෙක් ඉලක්ක කරලා, ඒ ගොල්ලන්ව අස්කරන්න කියල උපවාස කෙරුවේ.

අපි හොඳටම දන්නව, පාස්කු දින ප්‍රහාරය මේ රටේ ඉහළම තනතුරු දරණ පුද්ගලයන් කීපදෙනෙක් දැනගෙන හිටිය කියල. කෝ ඒගොල්ලන්ට අස්වෙන්න කියල රතන හාමුදුරුවො කියන්නෙ නැහැනේ. ඇයි ඒ ? මෙතන තියෙන්නෙ වැරදි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි, මුස්ලිම් වීම පිළිබඳ ප්‍රශ්නයක්.

මේ ගොල්ලන්ට ඕන තමන් ආස අඹගස් විතරක් තියෙන රටක්. අඹ නොවන ගස් කපල දාන්න කියල ඉල්ලන හාමුදුරුවරු කොහොමද බෞද්ධ වෙන්නේ ? ඒ ගොල්ලෝ බුදු - අනුබුදු අනුගාමිකයො නෙමෙයි, දේශපාලන රූකඩ.

 

ජුනි 03 කියන්නෙ කළු දවසක් !

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ සිටින ජනකොටස් බලහත්කාරයෙන් පළවා හැරියට පස්සෙ, ඒ මිනිස්සු කැලෑ පාරවල් දිගේ ආපහු එනකොට නවත්තන්න බැරි වෙයි. අන්න ඒ නිසා තමයි මංගල සමරවීර ඇමතිවරයා කිව්වේ, ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු අස්වෙච්ච ජුනි 03 කියන්නෙ කළු දවසක් කියල. `

`අන්තවාදී භික්ෂුන් වහන්සේලා කිහිප නමකගේ බලපෑමට යටත් වෙලා අගමැති බණ්ඩාරනායක 1958 අප්‍රේල් 09දා 'බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම' ඉරා දාපු කාලකන්නි දිනයට පසු උදවු අවාසනාවන්තම දිනය`` කියල මංගල සමරවීර ජුනි 03 හඳුන්වනවා. ඒක සහතික ඇත්ත.

ජාතික ප්‍රජාවන් හැටියට මහජන නියෝජිතයන් පත්වීම හොඳ දෙයක් නෙමෙයි තමයි. හැබැයි අපි කැමති වුනත් නැති වුනත් එහෙම තමයි තාමත් ලංකාවෙ වෙන්නේ. එහෙව් තත්වයක් තුළ, මුස්ලිම් ප්‍රජාව ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයෙන් බලහත්කාරයෙන් පළවා හරිනකොට, ඊළඟ පරම්පරාව කොහේ ගිහින් නතර වෙයිද කියල කවුද දන්නෙ ?

බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඉරපු එකේ ප්‍රතිඵලය වුණේ, ලේ වැකුණු තිස් අවුරුදු යුද්ධයක්. මේ පළවා හැරීමේ ප්‍රතිඵලය මොකක් වෙයිද කියල කියන්න අපි දන්නෙ නැහැ.

 Bad Wark

ප්‍රශ්නය තියෙන්නෙ, මේ කැත වැඩ ඔක්කොම වෙන්නෙ බුදු දහමට මුවා වෙලා. පූජනීය චීවරයට මුවා වෙලා. ගැටුම් ඇතිකිරීම නෙමෙයි බෞද්ධකම. ගැටුම් වැලැක්වීමයි බෞද්ධකම. යුද්ධ වලට මගපාදන එක නෙමෙයි බෞද්ධකම. යුද්ධ ඇතිවෙන එක වැලැක්වීමයි බෞද්ධකම.

රතන හාමුදුරුවෝ උපවාස කරන්න තෝරගන්නෙ දළඳා මාළිගාව ඉදිරිපිට භූමිය. මේක ආගමික ප්‍රශ්නයක් නෙමෙයිනම් - මේක දේශපාලන ප්‍රශ්නයක් නම්, පාර්ලිමේන්තුව ඉස්සරහට හරි ජනාධිපති කාර්යාලය ඉස්සරහට හරි එන්න තිබ්බනෙ.

ඇයි දළඳා මාළිගාව ඉස්සරහට ගියේ. එතකොට තමයි සිංහල බෞද්ධයව පටු ජාතිවාදී ආගම්වාදී මානසිකත්වයකට ගේන්න ලේසි. ඒකයි රතන හිමි එතනටම ගියේ. මේ සියල්ල බෞද්ධ විරෝධියි. හරියට බැලුවොත් මාරාන්තික උපවාස පවා බෞද්ධ විරෝධියි. තමන්ගෙ ප්‍රාණය ඝාතනය වුනාට කමක් නැහැ කියල බුදු හාමුදුරුවො කියල නැහැ.

මුස්ලිම් ප්‍රාණ නසන්න සිංහල ප්‍රාණ රකින්න කියල බුදු හාමුදුරුවො කියල නැහැ. ඒ නිසා රටේ අනාගතය අඳුරට ඇදල දාන්න හදන මේ බෞද්ධ විරෝධී කුමන්ත්‍රණය පරදවන්න සැබෑ බෞද්ධයො ඉස්සරහට එන්න ඕනේ ! වෛරය වෙනුවට කරුණාව පතුරවන්න මේ පොසොන් මාසෙ බෞද්ධයො පෙරට එන්න ඕනේ !! බුද්ධ වචනයට බුද්ධ චීවරයට මුවා වෙලා නටන මේ නාඩගම් වහාම නවත්තන්න ඕනේ !!!

(විමුක්ති)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...