''සේපාල් යූටියුබ් නාලිකා මඟින් වසරකට ඩොලර් 45,500ක් උපයලා කියල අද රජයේ නීතීඥය කිව්ව. ඉතිං ඕයි රටට $ ගේන එකාව ඇතුලෙ දාගෙන ඉන්නෙ?''

එලෙස ඊයේ (10) සවස සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇත්තේ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරියයි.

UK sepa

colombotelegraph.com වෙබ් අඩවියේ සංස්කාරක උවිඳු කුරුකුලසූරිය එවැනි පොස්ටුවක් පළකර ඇත්තේ, මහනුවර ශ්‍රි දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළා යයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල් අමරසිංහගේ ආදායම් මාර්ග පිළිබඳව අධිකරණයේදී ඊයේ (10) ප්‍රකාශිත තොරතුරු සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

සේපාල් අමරසිංහ සම්බන්ධ නීති කෘත්‍යය ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙමින් ප්‍රකාශ කළේ සැකකරු ද්වේශ සහගත ප්‍රකාශ අන්තර්ජාලයට මුදාහරිමින් මාසිකව ලක්ෂ ගණන් මුදල් උපයා ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ නිදහස් මාධ්‍යවේදියෙක් යැයි කියාගන්නා සැකකාර සේපාල් අමරසිංහ යූ-ටියුබ් නාලිකා 2 ක් පවත්වාගෙන යන බවත් ඒ වටා ග්‍රාහකයින් හෙවත් යූ ටියුබ් Subcribers 172,000 ක ප්‍රමාණයක් එක්ව සිටින බවය.

පසුගිය කාලසීමාවේ පමණක් වීඩීයෝ පට 779 ක් යූ ටියුබ් වෙත මුදාහැර ඇති සේපාල් අමරසිංහ, ඒ තුළින් වසරකට ඩොලර් 45,500 ක පමණ මුදලක් උපයාගෙන ඇති බවත් මසකට රුපියල් 14 ලක්ෂ 50,000 ක මුදලක්ද ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි දිලීප පීරිස් ප්‍රකාශ කළේය.

 
PHOTO 2023 01 11 14 29 47


කෙසේවුවද සේපාල් අමරසිංහ යූ-ටියුබ් නාලිකා දෙකට ලැබෙන ආදායම් සම්බන්ධයෙන් ඉදිරිපත්කර ඇති එම ගණන් හිලව් එලෙස පිළිගත නොහැකිබව ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු පැවසිය.

එම කාරණය තවදුරටත් පැහැදිලි කරමින් ඔහු මෙසේ සඳහන් කළේය.

''උපයපු මුදල නෙමෙයි මේ දාල තියෙන්නේ ඇස්තමේන්තුගත මාසික ඉපැයීම් (ESTIMATED MONTHLY EARNINGS)''

''සේපාල් ගේ මාසික ඉපැයිම සමාජමාධ්‍ය දත්ත විශ්ලේෂණ (socialblade) වෙබ් එකට අනුව ඩොලර් ( $244  -  $3.9K) අතර මුදලක් කියන එක.''

''මෙතන කරලා තියෙන්න ඉපැයීම් හැකියාවක් ඇති බවට සඳහන් වන වැඩිම මුදල ඒ කියන්නේ $3.9K රුපියල් වලින් වැඩි කරලා අරගෙන තියනවා. සේපාල් ගේ මාසික ඉපැයිම කියලා එක තොරතුරක් විදියට නොමඟ යැවීමක්.''

''වසරකට ඩොලර් 45,000 ඉපැයුවා කියලා කියන්නෙත් වැරදි තොරතුරක් වසරකට ඩොලර් 45,000 ඉපැයිමේ හැකියාවක් විතරයි තියෙන්නේ. ESTIMATED YEARLY EARNINGS ( $2.9K  - $46.8K )

 Youtube හරිම ඉපැයිම ගන්න Google AdSense එකවුන්ට් එක චෙක් කරන්න ඕනේ. නැත්තන් එයාගේ එකවුන්ට් එක චෙක් කරන්න ඕන. මෙහෙම තොරතුරු ඉදිරිපත් කිරීම අධිකරණය නොමග යැවීමක්..'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


සේපාල් උසස් පෙළ අසමත් ! -  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස්


ඊයේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් සැකකරු උසස් පෙළ අසමත් අයකු බව පැවසිය.

සාමාන්‍ය පෙළ පමණක් සමත්, උසස් පෙළ අසමත් සේපාල් අමරසිංහ මාසිකව යූ ටියුබ් ඔස්සේ ඩොලර් උපයා ගැනීමේ අරමුණෙන් ද්වේෂය වපුරා ඇති බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ, ඩොලර් ඉපයීම අරමුණු කරගත් සැකකරු නිදහස් මාධ්‍යවේදියෙක් නොව ජාවාරම්කරුවෙක් බවය.


ඕලෙවල් විතරක් පාස් අය රටේ ප්‍රශ්ණ ගැන කතා කරන්න එපා හරිද!
දළඳා පෙරහැරේ වැඩ විතරක් කරන්න ඉන්න!
 
 
UK 21029
 
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය
 
 
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගේ එම අදහස් දැක්වීමට හා ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදී චතුර රුපවාහිනිය හරහා සිදුකළ අදහස් දැක්වීමට  ප්‍රතිචාර දක්වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් ද පළකර ඇත.


''සේපාල් සාමාන්‍ය පෙළ විතරක් සමත් නිසා රට හදන්න උපදෙස් දෙන්න බැහැ කියල චටුර මලය කියනව. ඊයෙ නීතිපති වෙනුවෙන් හිටපු දිලීප පීරිස් කිව්ව සේපාල් සාමාන්‍ය පෙළ විතරයි සමත් කියල අධිකරණයේදී. ඒකට ආලවට්ටම් දාපු එක තමා දෙරණෙ චටුර කරේ. මේ හලෝ දැන් ඔය ජනාධිපතිට උපදෙස් දෙන හිටපු රාවය කර්තෘ විකටර් අයිවන් අයිවන් පාසැල් අධ්‍යාපනය ඉවර කරේ නැහැ. [1965 ඉඳන් 68 වෙනකන් රස්සාවකුත් නැතුව හිටියෙ. පස්සෙ සිග්මා කර්මාන්තායතනයේ ආධුනිකයෙක් විදියට වැඩට බැදුන.] හිටපු යුක්තිය කර්තෘ සුනන්ද දේශප්‍රියත් එහෙමයි. [සුනන්ද අඩු වයසෙන්ම විජේවීරට සෙට් උන නිසා වෙන්න පුලුවන්] උසස් පෙළ අසමත් තව කර්තෘල ඕන තරම් මට කියන්න පුලුවන්. මාධ්‍ය කරන උන් පැත්තකට දානවකො. පාර්ලිමේන්තුවෙ ඉන්න නීතී සම්පාදනය කරන, රට හදන, මන්ත්‍රීල කී දෙනෙක් ඕලෙවල් පාස්ද? ඇමතිල රාජ්‍ය ඇමතිල කීදෙනෙක් ඉන්නවද ඕලෙවෙල්වත් නැති. නිකන් යනව හලෝ යන්න. දැනුම කියන එක ලබාගන්න විභාග පාස්කරන්න ඕන නැහැ.

ඉස්සර කාලෙ දවසක ටීවී ටෝක් ෂෝ එකක දයාන් දයතිලක යි සුනන්දයි හිටිය. දයාන් සුන්නන්දගෙන් කැත විදියට අහපි ඔයාට ඕව කියන්න තියෙන අධ්‍යාපන සුදුසුකම් මොනවද කියල කියන්න කියල. සුනන්ද අසරණ උනා. ඒ වගේ ටැක්ටික්ස් තමා මේ චටුරල දිලීපයල දාන්නෙ. ලැජ්ජ නැද්ද හලෝ.''

UK b1


සැකකරු ''මචං ඥානසාර'' කියල !


සැකකරු ඔහුගේ එක් වීඩීයෝ පටයක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ''මචං ඥානසාර'' යනුවෙන් ආමන්ත්‍රණය කර ඇති බවත්, එලෙස උසස් පෙළ විභාගයවත් සමත් නොමැති සැකකරු පූජ්‍ය පක්ෂය නියෝජනය කරන හිමි නමකට එලෙස ආමන්ත්‍රණය කරන්නේ කෙසේදැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් ඊයේ අධිකරණයේදී ප්‍රශ්න කළේය.

ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති භාෂණයේ නිදහස, නීතිවිරෝධී දෙයකට අත ගැසූ සැණින් අවසන් වන බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සැකකරුගේ ප්‍රකාශය තුළින් බෞද්ධ සමාජය තුළ දැඩි කැළඹීමක් හටගෙන ඇති බවත් පෙන්වා දුනි.

ඒ අනුව මේ සම්බන්ධ විමර්ශන තවමත් අවසන් නොමැති නිසා සැකකරුට මේ මොහොතේ ඇප ලබාදීම කිසිලෙසකින් සිදු නොකළ යුතු බව දිලීප පිරීස් ප්‍රකාශ කළේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ''මචං ඥානසාර'' යනුවෙන් ආමන්ත්‍රණය කර ඇති බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් අධිකරණය හමුවේ කරනු ලැබූ ප්‍රකශය සම්බන්ධයෙන් ද උවිඳු කුරුකුලසූරිය වෙනම පොස්ටුවකින් ප්‍රතිචාර දක්වා ඇත. එහි මෙසේ සඳහන් වේ.

''නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප උසාවියේදි කියනව, "සේපාල් ඥාnaසාර ස්වාමීන් වහන්සේට 'මචං ඥාnaසාර' කියල අපහාස කරා" කියල. ඒ කියන්නෙ නානසාර හැර වෙනත් "ගරුතර ස්වාමීන් වහන්සේලට “ මොකුත් අපහාසයක් සේපාල් කරල නැහැ කියන එකද? නැත්තං නානසාරවම තෝරගනීවි යැයි. අනික දීලීප ඔයා දන්නෙ නැද්ද නානසාරත් ඔය සේපාල් ධාතුවට පාවිච්චි කරපු වචනෙම ඊටත් වඩා කැත විදියට තග් විදියට මුස්ලිම් මිනිස්සුන් ඉන්න ගමකට ගිහින් අල්ලා දෙවියන්ටත් පස් හය වතාවක් පාවිච්චි කරා කියල? (අල්ලගෙ laබ්බ කියල) ඒකට ඇතුලට දැම්මෙත් නැහැ සේපාල්ව වගේ. නඩුව නම් අදිනව දැන් අවුරුදු ගාණක්. පුදුම බඩුවක් තමයි ඔයත් දිලීප.

අනිත් එක නානසාර කියන්නෙ සමාජයේ ගරුබුහුමන් ලැබිය යුතු කෙනෙක්ද?


UN k3

සේපාල් ගේ ප්‍රකාශයෙන් කිසිඳු සමාජ කැළඹීමක් නැ !


කෙසේවුවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් අධිකරණයේදී ඊයේ ඉදිරිපත්කළ කරුණු දැක්වීමෙන් අනතුරුව සැකකාර සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අදහස් පළ කළේය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ නාමල් රාජපක්ෂ පැවසුවේ සේපාල් අමරසිංහගේ අදාළ ප්‍රකාශයෙන් පසු සමාජයේ කිසිඳු කැළඹීමක් හටගෙන නොමැති බවත් අඩුම තරමේ ඔහුගේ නිවස වැටලීමටවත් කිසිවෙකු හෝ නොපැමිණි බවය.

සිදුවූයේ, සුළු පිරිසක් සේපාල අමරසිංහගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ෆේස්බුක් හි කතාබහට ලක්වීම බවත් එය සිදුනොවුනානම් පැමිණිලි පාර්ශ්වය මේ පිළිබඳව දැනුවත් නොවන බවත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ සෑමවිටම නිර්මල බුදුදහමේ සුරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින සිය සේවාදායකයා දූෂිත දේශපාලනඥයින්ට, භික්ෂූන්ට සහ දූෂිත පිරිස් රට හමුවේ අනාවරණ කිරීමේ කටයුත්තේ නිරතව සිටි බවය.

''කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි'' යන පාඨය සිහිකරමින් සැකකරුගේ ප්‍රකාශයෙන් බුදු දහමට හානියක් වූවා යැයි පැවසීම පට්ටපල් බොරුවක් බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුනි.

සැකකරු විසින් සිදුකළ ප්‍රකාශය තුළින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුවී ඇති බව තහවුරු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙසයි සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වන දා ප්‍රකාශ කරන බවත් සැකකරු එතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටත් නියෝග කළේය.

radical 2

Radical 1


JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්