පසුගිය දින වල බෞද්ධ ආගමට පහර ගහනවෝ කියල කෑ ගහපු සමහර දෙනා කිව්ව දෙයක් තමයි

මේ දේවල් ඉස්ලාම් රටක කළා නං ගල් ගහල මරන්නේ. එහෙම නැත්තන් මේ වගේ දේවල් වලට දැඩි දඬුවම් දෙන්න ඕන වගේ කතා.

ඕනෑම ආගමක හෝ විශ්වාසයක ආන්තික සහ ප්‍රචණ්ඩ කොටස් ක්‍රියා කරන විදිය තමයි ඒ. ඉස්ලාම් හි වේවා, ක්‍රිස්තියානි හි වේවා, බෞද්ධ වේවා එවැනි මර්ධනකාරී භාවිතා ශිෂ්ඨ ලෝකයේ පිළි ගන්නේ නෑ. මං පෞද්ගලිකව විශ්වාස කරන දෙය නම් පුරුෂ මූලික අතීත ලෝකයේ බිහි වුණු ආගම් වලට වර්තමාන ලෝකයේ විශාල විවේචන තියනවා. ඒක ඕනෑම ආගමකට පොදුයි.

විද්‍යාව, දර්ශනය ආදී ක්ෂේත්‍ර වල පවා න්‍යාය එක් එක් කාල වලට වෙනස් වෙනවා සහ බිඳ හෙළනු ලබනවා. ලෝකය පැතලි කියල කියපු කාලයක් තිබ්බ. මිනිසුන් විදියට අපිට මේ වෙනස් වීම දරා ගන්න අසීරුයි නං ඒ ගැන අපි දෙවරක් සිතිය යුතුයි.

Copied from Shifana Niyas? ඇත්තටම බෞද්ධ දර්ශනය අහිංසාවාදී ද? සිංහල බෞද්ධයින් අහිංසකයින් ද?
මේ ප්‍රශ්න දෙකටම සංසදනාත්මකව උත්තරයක් දෙන්න සිංහල බෞද්ධයින් යොදා ගන්නේ තලෙබාන් හා මැදපෙර දිග රටවල්. ඒකට හේතුව ලංකාවේ ඉන්න මුස්ලිම් අනෙකා දිහා එයාලා බලන්නෙත් තලෙබාන් හා සෞදි අරාබිය යන කෝණයන් නිසා. මේ ගැන කලින් සටහන් වල ලිව්වත් ඒ සටහන් වල මග හැරුනු දෙයක් මෙතන ලියනවා.

දකුණු ආසියාවේ ඇති බෞද්ධ රටවල් දෙකම බෞද්ධ දර්ශනය තුලින් ලබා ගත් පන්නරය නිසා සමූල ඝාතන කරලා තියෙනවා. මියන්මාරයේ බෞද්ධ භික්ෂූන් ප්‍රමුඛ රාජ්‍ය හා මිලිටරිය රොහින්යා (Rohingya) ජන කොටස සමූල ඝාතනය කරපු ආකාරය හිට්ලර්ගේ සමූල ඝාතනයන්ටත් එහා ගිය කුරිරුතාවයක් තිබුනා. ඒ සමූල ඝාතනයේ ප්‍රධාන වරදකරුවෙකු වුන අෂින් විරාතු කියන භික්ෂුව (චීවරය ඇදපු කෙනා භික්ෂුවක් තමයි) ලංකාවට ආපු වෙලාවේ ලංකාවේ සිංහල බෞද්ධයින් හා බෞද්ධ භික්ෂුන් රතු පලස් දාලා එයාව පිලි ගත්තේ. ආසියාවේ බින් ලාඩ්න් කියන මේ භික්ෂුව ලංකාවේ ලැබුන සැලකිලි මතක් කරන්න ඕනේ.

මේ ගැන අපි පුදුම නොවෙන්න කාරණා දෙකක් තියෙනවා.


1) සිංහල බෞද්ධයින් හා බෞද්ධ රාජ්‍යය සමූල ඝාතන හා මහ පරිමාන ඝාතන සෘජුව කරලා තියෙනවා.

බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලබන්නත් කලින් ඉදලා තමයි මුස්ලිම් හා කතෝලික ආගමික ප්‍රජාවන්ට ප්‍රහාර එල්ල කිරීම පටන් ගත්තේ. මේ කියන්නේ 1948ට කලින් සිදුවීම්. මේ සිදුවීම් සිංහල බෞද්ධ සමාජය විසින් සංවිධානාත්මකව කරපු දේවල්. ඒ දවස් වල සිංහල බෞද්ධ රාජ්‍යක් තිබුනේ නැති නිසා සමූල ඝාතන දක්වා මේ හිංසන වර්ධනය වුනේ නෑ.

සිංහල බෞද්ධ රාජ්‍ය හැදුනේ පස්සේ  1956, 1958, 1981 හා 1981 දී දෙමළ ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ල කරලා ඒකේ උච්චතම අවස්ථාව 2009දී මුල්ලිවායිකල් ජන සංසාරය කරන්න තරමට සමාජ හා දේශපාලන සංස්කෘතිය බෞද්ධ දර්ශනය මූලික කර ගත්තා. Just war theory එක තමයි එතනදී යොදා ගත්තේ.

මේ කාලයේ තලෙබාන් කියන සංවිධානයක් තිබුනේ නෑ. බෝහෝ විට සිංහල බෞද්ධයින් දිහා බලලා තලෙබාන් කියන සංවිධානය හැදෙන්න ඇති. ඇයි නම් තලෙබාන් කියන කුඩා කණ්ඩායම ඇමරිකාවේ අනුග්‍රහයෙන් පෝෂණය වෙන අවස්ථාවේ ලංකාවේ සිංහල බෞද්ධ සමාජය හා රජ්‍ය අපරාධ තුලින් ඉතාම අත්දැකීම් වගේම පලපුරුද්දක් ලබා තිබුනා. තලෙබාන් එකට අපරාධ ගැන කියලා දෙන තරමට හිංසනය ගැන හොද අවබෝධයක් තිබුන සමාජයක් ඒ වෙනකොට බිහි වෙලා ඉවරයි.

 

2) තලෙබාන් කියන්නේ ඇෆ්ගනිස්තානයේ මිනිසුන් විසින් පත් කරපු බලවේගයක් නෙමෙයි.

ඔවුන් ඡන්දයකින් රට, ජාතිය හා ආගම බේර ගන්න පත් කරේ නෑ ඇෆ්ගනිස්ථානයේ ජනතාව. තව තලෙබාන් එකට විරුද්ධ සන්නද්ධ අරගල කුඩා කණ්ඩායම් විසින් දැනටත් කරගෙන යනවා. තලෙබාන් කියන්නේ මර්දනකාරී සංවිධානයක්. දැන් ඔවුන් ලංකාවේ සිංහල බෞද්ධ රාජ්‍ය  වගේ එහේ තලෙබාන් රාජ්‍යයක් පවත්වාගෙන යනවා.

අනෙක් කාරණය තලෙබාන් කියන කුඩා කණ්ඩායම  හිටියේ සමාජයේ අයිනක. Mainstream දේශපාලනයේ කොටසක් නෙමෙයි එයාලා. භූ දේශපාලනය නිසා හා ඇමරිකාවේ ආසියාව දෙසට ව්‍යාප්ත වීමේ අරමුණ නිසා අයිනක හිටපු කණ්ඩායමක් රාජ්‍ය බලවේගයක් බවට පත් වුනා. ඔවුන්ට පුහුණුව හා ආයුධ ලබා දෙන්නේ ඇමරිකාව. ඔවුන්ගේ අධ්‍යාපනය (ආගමික අධ්‍යාපනය ඇතුළු) සකස් කරලා පාසැල් වල විෂයන් නිර්දේශ කරෙත් ඇමරිකාව. ඒ දවස් වල පොඩි ළමයින්ට උගන්නපු ගණිත පොතේ උදාහරණයක් නම් රුසියානු සොල්දාදුවන් 10කින් 8දෙනෙකුට වෙඩි තියලා මැරුවොත් ඉතුරු කී දෙනාද කියලා. මේ පොත් සැකසුවේ ඇමරිකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාලයක්. ඉතින් තලෙබාන් සංවිධානය හා ඒකේ සාමාජිකයින් පෝෂණය කරන්න ඇමරිකාව සෘජුව දායක වුනා.

හැබැයි ලංකාව එහෙමද?

ලංකාවේ නාමිකව හෝ ජාත්‍යන්තරවාදී සංස්කෘතියක් තිබුනා නිදහස ලැබුනට පස්සේ. මේ ප්‍රාඡාතන්තවාදය සිංහල බෞද්ධ සමාජයට විතරක් අයිති වෙන්න වැඩි කල් නොගියත් ප්‍රාඡාතන්තවාදී නැඹුරුවක් මුල් කාලයේ තිබුනා. නමුත් ලංකාවේ මෙතෙක් බිහි වුන රාජ්‍යයන් ඔක්කෝම බිහි වුනේ සමාජ සුභ සාධනය නිසා හෝ ආර්ථික සංවර්ධනය අවශ්‍ය නිසා නෙමෙයි. ඒ හැම රාජ්‍යයක්ම සිංහල බෞද්ධ ජනතාව පත් කරේ තමන්ගේ රටේ සුළු  ජාතිකයින්ට ඒ රාජ්‍ය කොච්චර මර්ධනය කරන්න පුළුවන් ද කියන ඒ නිර්ණායකය මතයි. රාජ්‍යයක් දෙමළ හා මුස්ලිම් ජනතාවට එරෙහිව මර්ධනය වැඩි කරනවා ද ඒ රාජ්‍ය සිංහල බෞද්ධ ජනතාව තෝරා පත් කර ගන්නා ආණ්ඩුවක්.

ඉතින් තලෙබාන් සංවිධානය හා සිංහල සමාජය ඇතුළු ඔවුන්ගේ රාජ්‍ය සංසංදනය කරන්න පුළුවන් ද?

සිංහල බෞද්ධ මිනිසුන් විසින් නිර්මාණය කරපු සිංහල බෞද්ධ  රාජ්‍ය හා ඇමරිකාව විසින් පෝෂණය කරපු සංවිධානයක් සංසංදනය කරන්න බෑ. එකක් ඡන්දයකින් පත් වුනා, අනෙක ආයුධ බලයෙන් බලය අත්පත් කර ගත්තා.



තලෙබාන් සංවිධානය හා සිංහල බෞද්ධ සමාජයේ/රාජ්‍යයේ කාන්තාව...

නැවක සුක්කානමක් ඇද ගත් කාන්තාවක් ධර්ම චක්‍රය ඇන්දා කියලා ICCPR එකෙන් අත් අඩංගුවට ගත්ත රටක් මේක. සැමියා අත් අඩංගුවට ගන්න ආපු වෙලාවේ ඒ පුද්ගලයා හිටපු නැති නිසා ගෙදර හිටපු පිළිකා රෝගයෙන් පෙළෙන බිරිද අත් අඩංගුවට ගත්තා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන අය.

දෙමළ කාන්තාවන්ගේ මල මිනී පවා ලිංගිකව අපයෝජනය කරපු මිලිටරියට දේවත්වය දීපු සමාජයක් තමයි සිංහල බෞද්ධ සමාජය. සුනිල් රත්නායක වැනි කෲර මිනීමරුවන් විරුවන් කරපු මිනිසුන් ඉන්න රටක්. උතුරේ හමුදාව විසින් යුධ සමයේ ලිංගිකව හිංසා නොකරපු කාන්තාවක් හිටියේ නෑ. හැම දෙමළ කාන්තාවකටම හමුදාවේ ලිංගික හිංසන අත් දැකීමක් තියෙනවා. ඒ නිසා, සිංහල බෞද්ධ සමාජයට තලෙබාන් එකෙන් අලුතින් ඉගෙන ගන්න දෙයක් නෑ.

අනිත් කාරණය නම් දැන් ඔය කියන භාෂණයේ නිදහස කාගේ භාෂණයේ නිදහස ද? මුස්ලිම් හා දෙමළ ජනතාවට කවදත් ඒ නිදහස තිබුනේ නෑ. රම්සි රාසික් අත් අඩංගුවට ගත් වෙලාවේ කොන්දේසි රහිතව කට්ටිය පෙනී සිටියේ. ඒ වෙලාවේ කිව්වේ රම්සි කියපු දේ වැරදියි නමුත් තමන් progressive කියලා පෙන්නන්න ඕනේ නිසා රම්සි ගැන කතා කරේ. එතකොට රම්සිට මේ භාෂණයේ නිදහස තිබුන ද? කතෝලික හා ඉස්ලාම් දහමට සිංහල සමාජය කරන අපහස මුස්ලිම් හෝ කතෝලික කෙනෙකුට බෞද්ධ දර්ශනය ගැන කරන්න පුළුවන් ද?

මේ රටේ සුළු ජාතීන්ට අපේ ප්‍රශ්නවත් කතා කරන්න ඉඩක් නෑ. එහෙම කතා කරලා සිංහල බෞද්ධ ජනතාවට රිදුනොත් අන්තිමට සිදු වෙන්නේ හිරේ ලගින්න. ඉතින් සිංහල බෞද්ධ ජනතාවගේ ඒ වරප්‍රසාද රැක ගන්න කරන මේ වෑයමට තලෙබාන් හා මැදපෙර දිග රටවල් අවශ්‍ය නෑ.

චමීරගේ කතාවට කියන්නේ, තලෙබාන් එකේ කරන දේවල් වලට එරෙහිව එහේ ඉන්න කාන්තාවන් සටන් කරනවා. මම මොකටද ඒ දේවල් සිංහල බෞද්ධ ස්වොත්තමවාදීන් නලවන්න ලියන්නේ? ඔයා ලියනවද මියන්මාරයේ, කැම්බෝඩියාවේ, අප්‍රිකානු මහාද්වීපයේ, දකුණු ඇමරිකාවේ වෙන හැම දෙයක් ගැනම? අන්න, ඒ වගේ මුස්ලිම් බහුතරයක් ඉන්න රටක් නිසා එහේ වෙන දේවල් මම ලියන්න ඕනේ නෑ. මටයි ඒ රටටයි කිසිම සම්බන්ධයක් නෑ. මාව මර්ධනය වෙන්නේ තලෙබාන් එකෙන් නෙමෙයි.  මාව සෘජුව මර්ධනය කරන්නේ සිංහල බෞද්ධ සමාජය හා සිංහල බෞද්ධ රාජ්‍ය. ඉතින් සිංසල බෞද්ධයින්ගේ මමත්වය වර්ධනය කරන්න ලෝකේ ඉන්න අනිත් අය ගැන මම ලියන්න හෝ කියන්න ඕනේ නෑ.

ඇෆ්ගනිස්තානයේ තලෙබාන් මුහුණුවර තමයි ලංකාවේ සිංහල බෞද්ධ රාජ්‍ය මුහුණුවර.


(Madhubhashini R. Rathnayaka ෆේස්බුක් පිටුවෙන්..)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්