පෙරහැර වෙනුවෙන් අලි ඇතුන් බැඳගෙන වධ හිංසා කිරීමට විරුද්ධව එන හැම කෙනෙක්ම වගේ මේ රටේ ආසාවෙන් පෙරහැර බලපු අය. අලි ඇත්තු දකින්න පෝලිමේ හිටපු අය.
එක වෙලාවක මේ අය දැනගන්නවා මේ අලි ඇතුන් ගෙවන්නෙ සුන්දර ජීවිතයක් නෙමෙයි කියල. පන්සල් කියන්නෙ මේ සත්තුන්ට වධකාගාර කියල. තායිලන්තෙ වගේ රටවලින් මෙහේ ඇවිත් තමන්ගෙ ඇත්තු නිදහස් කරගෙන යන්නෙ අපායකින් වගේ.
එතකොට අර ආසාවෙන් පෙරහැර නරඹපු මිනිස්සුන්ට එනවා ගිල්ටියක්. වරදකාර හැගීමක්. සුද්දන්ට යටත් විජිත පවත්වාගෙන යාම ගැන දැනෙන ගිල්ටිය වගේ එකක්.
මිනිස්සු පෙරහැරට අලි ඇත්තු එපා කියන්නෙ මේ මනුස්ස සංවේදනාව මත පිහිටලයි.
ජනරජ පක්සෙ යාලුවන්ගෙ අදහස කොයිතරම් මිළක් ගෙවා හෝ මේක දිගටම, පුළුවන් නම් තවත් වැඩියෙන් කරගෙන යන්න ඕන කියන එකයි. අලි මැරුනත් පෙරහැරේ ආඩම්බරෙන් ඇදං යන්න ඕන කියන එකයි.
කාට වුනත් එහෙම අදහස් දරන්න අයිතිය තියෙනවා. ඇමරිකාවෙ තුවක්කු අයිතිය ඉල්ලන පිරිසක් ඉන්නවා. ඒක ඒ අයගෙ සංස්කෘතිය කියලයි කියන්නෙ.
හැබැයි මේ වගේ එළඹුම් අපිට පක්ෂයක් ඇත්තටම පිහිටන තැන් තේරුම් ගන්න වැදගත් වෙනවා. කවර මිළක් ගෙවලා හෝ සංස්කෘතිය පවත්වාගෙන යන්න ඕන කියන අය සුළු ජාතික හෝ සුළු ලිංගිකයන්ගෙ ප්‍රශ්නෙකදි කොයි වගේ ස්ථාවරයක් ගනීද? පුද්ගල නිදහස, අයිතිය සම්බන්ධ කාරනාවලදි කොහොම තීරණ ගනීද කියල කෙනෙකුට හිතන්න පුළුවන්. අලි ප්‍රශ්නෙ අලි ප්‍රශ්නයක් වෙන්නෙ එතකොට .
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)