මා ජනපති වුව ද අයියණ්ඩිය ඔබය...

මහින්ද රාජපක්ෂ, නිදහස් ශ්‍රී ලංකාවේ 14 වන අගමැතිවරයා ලෙසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා සිය වැඩිමල් සොයුරු අගමැති මහින්දට වැඳ ආචාර කරන ජායරුපයක්  මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ අදහස් දැක්වීම් වලින් යුතුව සංසරණය වෙමින් පවතී.

මෙම දිවුරුම්දීමේ උත්සවය ඓතිහාසික කැළණිය රජ මහා විහාරස්ථානයේදී මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවිය.

ජනාධිපතිවරයා, අගමැතිවරයාට වැඳ ආචාර කරන ජායරුපය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රවීන දේශපාලන විචාරක මහේෂ් හපුගොඩ මෙවැනි සඳහනක් පළකර ඇත.

''ආදරණිය ජායාරූපයක්.
සිදුවිය යුත්තේ සංස්කෘතික අවසන් කිරීම සඳහා වහසි බස් දෙඩීම නොව
අපට උරුම වූ සංස්කෘතිය, හර පද්ධතිය සහ අපේ ශිෂ්ටාචාර වටිනාකම්
නූතන ලෝකය වෙනුවෙන් නැවත අර්ථකතනය කර ගැනීමය. ඔවුන්ගේ සාර්ථකත්වය එයයි.
ඇතැම් විට මේ ඇත්තම හැඟීම් ප්‍රකාශනයක් විය හැකිය.
එසේ නැත්නම් අවම වශයෙන් මතුපිට තලයේ හෝ එසේ කිරීම හේතුවෙන්
ඔවුන් ලාංකික ජන විඥාණයේ නොමැකිය හැකි සටහනක් තබා ඇත.


අප ජීවත් වන්නේ ශිෂ්ටාචාරයේ සමහන් කළ නොහැකි පැලුම් රේඛාවකය... මෙසේ වන්නේ ඒ නිසාය. 

116795170 10221008591619007 6607701977036827570 n
මෙම ජයරුපය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ප්‍රවීන දේශපාලන විචාරක විදර්ශන කන්නගර මෙවැනි සටහනක් පළකර ඇත.

''ආසියාතික වටිනාකම් සහිත අධිකාරිවාදී ධනවාදයේ ලාංකේය සම්ප්‍රාප්තිය...!
දක්ෂිණාංශික 'සභ්‍යත්ව රාජ්‍යයක්' වෙනුවෙන්...

 

ඉහත ජයරුපය ගැන සිය FB පිටුවේ සටහනක් තබමින් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසන්නේ, ජනාධිපති කෙනෙක් අගමැතිට වැඳපු අවස්ථා මිට පෙරත් තිබෙන බවයි.

එම සටහනේ මෙසේ සඳහන් වේ.

''මේ  පින්තූරය මම ඊයෙ කියපු ජාතියෙ එකකට උදාහරණයක්.
මම කිව්වෙ "අර පින්තූරෙට" කියල තියෙන එකට මෙහෙම:
මේකෙ ඇත්තක් තියෙනව - මොකද "ජනාධිපති" කෙනෙක් සහ "අගමැති" කෙනෙක් නෙ.
ඒත් ජනාධිපතිනියක් අගමැතිනයකට වැඳපු අවස්ථා ඕන තරම් තියෙනව ලංකවේ.
මීට පස්සෙ ගොඩාක් ඒ වගේ; ඇය ජනාධිපති උනාම, අම්මව අගමැති කරල වැඳපු ඒවත් ඕන තරම් තියෙනව.
ඕව මහ ලොකු දේවල් නෙමෙයි. මම ඔය වැඳිලි වලට කොහොමත් කැමති නැහැ,
මගෙ පුතාව මම පොඩි කාලෙ ඉඳල හදල තියෙන්නෙ කාටවත් වඳින්නෙ නැතිවෙන්නෙ.''

CBK Sirimawo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්