20 වන සංශෝධනයට පක්ෂව අත උස්සපු විපක්ෂයේ මන්ත්‍රීවරු අට දෙනෙකි.

 

ඉන් එක් අයෙක් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ ය.

ඇය හැර අනෙක් හත් දෙනාම දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් ය.

ශ්‍රි මුස්ලිම් කොන්ග්‍රසයේ නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, එච්. එම්. එම්. හාරිස්, සහ එම්. එස්. තවුෆික්, මුස්ලිම් ජාතික සන්ධානයේ ඒ. ඒ. එස්. එම්. රහීම්, සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ ද්‍රවිඩ මහජන පෙරමුණේ අරවින්ද් කුමාර් සහ සමගි ජන බලවේගයෙන්ම ඡන්දය ඉල්ලු සමස්ත ලංකා මුස්ලිම් මුස්ලිම් කොන්ග්‍රසයේ ඉෂාක් රහමාන් ඉතිරි හත් දෙනායි.

එය චමත්කාර ජනක සහය දීමකි.

දැන් ආණ්ඩුවේ පාර්ශවයන්ට දෙමළ සහ විශේෂයෙන්ම මුස්ලිම් මහජන නියෝජිතයන්ට තවදුරටත් අපහාස කිරීමට නොහැකි ය.

වඳ බෙහෙත්, මුස්ලිම් ව්‍යාප්තිය, පැලෝපීය නාල, වඳ කොත්තු තව දුරටත් වලංගු නැත.

මේ අට දෙනා අත ඉස්සුවෙ නැතිනම් ආණ්ඩුවේ 20ට පක්ෂව ලැබෙන්නේ ඡන්ද 148කි.

දැන් 156කි.

ඉතින් ඒක හොඳ දෙයකි. හොඳ වැඩකි.

(සිසිර යාපා ) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්