මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක පිළිබඳ වැඩි අවධානයක් යොමු වුයේ, මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ වැඩිම වටිනාකමක් හිමිවූ ක්‍රීඩකයා බවට ඔහු පත්වීම හේතුවෙනි.


ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් ඔහු සිය කණ්ඩායමට මිලදී ගනු ලැබුවේ, ඇමෙරිකානු ඩොලර් 92,000කටය.

පළමු වටයේ වෙන්දේසියේ දී ඔහුට කිසිදු කණ්ඩායමක් ලංසු නොතැබූ අතර පසුව ඔහු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම ලංසුවට මිලදී ගැනීම විශේෂ සිද්ධියක් විය.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ඉදිරිපත් කෙරුණු අතර ඉන් ක්‍රීඩකයින් 156 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් විය.

lpl 1

ඩිල්ෂාන් මධුෂංක කියන්නේ කවු ද ?


2000 වසරේ සැප්තැම්බර් මස 18 වෙනිදා උපත ලද ඩිල්ෂාන් මධුෂංකගේ උපන් ගම වන්නේ හුංගම ප්‍රදේශයයි.

ඔහු සිය අධ්‍යාපනය හදාරනු ලැබුවේ හුංගම විජයබා මධ්‍ය විද්‍යාලයෙන්ය.

වමත් වේග පන්දු යවන්නෙක් වන ඔහු 2020 වර්ෂයේ දිය සිය පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරනුයේ කොළඹ කොල්ට්ස් ක්‍රීඩා සමාජයෙන්ය.

2020 වර්ෂයේ ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයේ දී දඹුල්ල වයිකින්ස් කණ්ඩායම නියෝජනය කිරීමට ඩිල්ෂාන්ට හැකි විය.

ඉන් අනතුරුව 2021 වර්ෂයේ දී ඔහු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමත්, ඉකුත් වසරේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමත් නියෝජනය කිරීමට සමත් විය.

 

එමෙන්ම 2020 වර්ෂයේ දී අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීමට වරම් ලැබූ ඩිල්ෂාන්, එම තරගාවලියේ නයිජීරියාවට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී කඩුලු පහක් දවා ගැනීමට සමත් විය.

 

විචාරකයින් මවිත කළ ඩිල්ෂාන් මධුෂංක කෝලිට යැවු පන්දුව


2022 වසරේ පැවති ආසියානු කුසාලන තරගාවලියේ දී පළමු වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ ඩිල්ෂාන් මධුෂංක සිය පළමු තරගය ඇෆ්ගනිස්ථානයට එරෙහිව ක්‍රීඩා කරන ලදි.

 

එම තරගාවලියේ දී සුපිරි සිව්දෙනා ගේ වටයේ තරගයේ දී ඩිල්ෂාන් මධුෂංක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී සුපිරි පිතිකරු විරාට් කෝලිගේ කඩුල්ල දවා ගත්තේ, විස්තර විචාරකයින් පවා මවිතයට පත් කළ ඉන්ස්වින් පන්දුවකිනි.



lpl 2

එම තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔහු සිය පන්දු වාර 04 අවසානයේ දී ලකුණු 24 කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් විය.

එමෙන්ම මෙම වසරේ ජනවාරි මස 10 වෙනිදා ඉන්දීය කණ්ඩායමට එරෙහිව එක්දින වරම් හිමිකර ගත් ඔහු සිය මංගල තරගයේදී නායක රෝහිත් ෂර්මා ගේ කඩුල්ල දවා ගැනීමට ද සමත් විය.

 

මේ දක්වා ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් ජාත්‍යන්තර විස්සයි 20 තරග 11 කදී කඩුලු 12ක් ද, එක්දින තරග දෙකකදී කඩුලු 02ක් ද දවා ගැනීමට ඔහු සමත්ව ඇත.


වැඩි මිලකට ක්‍රීඩකයින් මිලදී ගත් කණ්ඩායම් මොනවා ද ?


ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉහළ මිලකට ක්‍රීඩකයින් මිලදී ගත් කණ්ඩායම් අතර ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පෙරමුණේ පසු වෙයි.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් ඩිල්ෂාන් මධුෂංක ඇමෙරිකානු ඩොලර් 92,000කට සහ චරිත් අසලංක ඇමෙරිකානු ඩොලර් 80,000 ක මුදලකට මිලදී ගනු ලැබූවේ ය.

මේ අතර තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ මිලදී ගනු ලැබුවේ ඇමෙරිකානු ඩොලර් 56,000කට ය.

ඊට අමතරව පාකිස්ථාන ක්‍රීඩක ෂොයිබ් මලික් ඇමෙරිකානු ඩොලර් 50,000කට ඔවුන් විසින් මිලට ගෙන තිබේ.

මේ අතර B-Love Kandy කණ්ඩායම වැඩිම මිලකට මිලදී ගනු ලැබුවේ දිනේෂ් චන්දිමාල් ය. ඔහුට නියම වූ ලංසුව ඇමෙරිකානු ඩොලර් 72,000ක් වේ.

එමෙන්ම වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඇමෙරිකානු ඩොලර් 70,000 කට සහ කමිදු මෙන්ඩිස් ඩොලර් 60,000කට මිලදී ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් විය.

lpl 3

ගෝල් ටයිටන්ස් කණ්ඩායම වැඩිම මිලකට ලංසු තබමින් මිලදී ගනු ලැබුවේ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරය. ඔහු ඇමෙරිකානු ඩොලර් 42,000 කට මිලදී ගනු ලැබූ අතර කසුන් රාජිත ඩොලර් 40,000කට මිලදී ගැනීමට ඔවුන් කටයුතු කළේය.

ක්ලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම විසින් ඩොලර් 44,000 ක ලංසුවකට නිරෝෂන් දික්වැල්ල මිලදී ගනු ලැබූ අතර එයට අමතරව පැතුම් නිස්සංක සහ පාකිස්ථානයේ වහාබ් රියාස් ඇමෙරිකානු ඩොලර් 40,000 බැගින් ලංසු තබා මිලදී ගන්නා ලදි.

Dambulla Aura කණ්ඩායම විසින් ධනංජය සිල්වා සහ වේග පන්දු ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් දෙදෙනාට ඇමෙරිකානු ඩොලර් 76,000 බැගින් ලංසු තබමින් සිය කණ්ඩායමට එක් කර ගැනීමට සමත් විය.

ඊට අමතරව සදිර සමරවික්‍රම ඇමෙරිකානු ඩොලර් 68,000 කටත්, ඇෆ්ග්නිස්ථාන ක්‍රීඩක නුර් අහමඩ් ඇමෙරිකානු ඩොලර් 50,000 කට සහ කුසල් ජනිත් පෙරේරා ඇමෙරිකානු ඩොලර් 40,000 කටත් මිලට ගැනීමට ඔවුන් කටයුතු කළේය.

මෙවර තරගාවලියට එක්වන සුපිරි විදෙස් ක්‍රීඩකයින් කවු ද ?


මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා පෙර පැවති තරගාවලි තුනට සාපේක්ෂව ක්‍රිකට් පිටියේ දැවැන්තයින් රැසක් ක්‍රීඩා කිරීමට නියමිතය.

 

ඒ අතර ඩේවිඩ් මිලර්, ලුන්ජි එන්ඩිඩි, මැතිව් වෙඩ්, ෆකර් සමාන්, බාබර් අසාම්, ෂකිබ් අල් හසන්, නසීම් ෂා, වහබ් රියාස් , ෂොයිබ් මලික් සහ ටබ්රේයිස් සම්සි ද වේ.


වයිල්කාඩ් වෙන්දේසිය

ලබන සඳුදා (ජුනි මස 19 වෙනිදා) ට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් වලට විදෙස් ක්‍රීඩකයෙකු සමග වයිල්කාඩ් වෙන්දේසිය යටතේ ගිවිසුම් ගත වීමට හැකි බවට තරගාවලියේ සංවිධායකයින් (ජුනි මස 14 වෙනිදා) දැනුම් දෙන ලදී.

ඒ අනුව සඳුදාට පෙර නම් ඉදිරිපත් කිරීමෙන් කණ්ඩායම්වලට මෙලෙස විදේශීය ක්‍රීඩකයෙකු සමග ගිවිසුම් ගත වීමට හැකි වේ.


වෙන්දේසියේ දී අලෙවි නොවූ සුපිරි ක්‍රීඩකයින් කවු ද ?

ලංකා ප්‍රමියර් ලීග් තරගාවලියේ දී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණ ද එහිදී කිසිදු කණ්ඩායමක් විසින් මිලට නොගත් පළපුරුදු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද විය.

ඒ අනුව දිමුත් කරුණාරත්න, ප්‍රභාත් ජයසුරිය, සිකන්දර් රාසා, මුෂ්ෆිකර් රහීම්, ඉම්රාන් තාහිර්, රේසී වැන්ඩ ඩුසන් ඒ අතර විය.


මෙවර LPL තරගාවලිය

1686732477 2023 LPL AUCTION 6

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් පහක් තරග වැදීමට නියමිතය.

 

එලෙස තරග වදින කණ්ඩායම් වන්නේ Jaffna Kings, B-Love Kandy, Galle Titans, Colombo Strikers සහ Dambulla Aura යන කණ්ඩායම් වේ.

 

සිව්වන වරට පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජුලි මස 31 වෙනිදා සිට අගෝස්තු මස 22 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

(BBC සිංහල සේවය)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්