ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස් ගේ සහ එම ආයතනයේ කටයුතු අත්හිටුවමින්

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (14) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ රග්බි ආයතනයේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමක තීන්දුව දෙමිනි.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස් විසින් ගොනුකළ පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කෙරුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ, මරික්කාර් යන විනිසුරු මඩුල්ලක් එම නියෝගය නිකුත් කළේය.

එම තහනම් නියෝගයට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ඔහුගේ නියෝජිතයින්ට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පරිපාලන කටයුතුවලට මැදිහත්වීම තහනම් කර තිබෙන බවද නියෝගයේ සඳහන් වෙයි.

මෙම අතුරු නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවද නියෝගයේ දැක්වෙයි.



සබැඳි පුවත් :

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්