ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (31) පැවැති තරගයකින් සුපිරි ජයක් ලබාගැනීමට 'කලම්බු ස්ට්‍රයිකර්ස්' කණ්ඩායම සමත්විය.

ඒ 'ගෝල් බී-ලව් කැන්ඩි' කණ්ඩායම ලකුණු 27කින් පරාජයට පත්කරමිනි.

තරගයේ කාසිය වාසිය දිනූ 'කලම්බු ස්ට්‍රයිකර්ස්' කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් 'කලම්බු ස්ට්‍රයිකර්ස්' කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 157ක් රැස් කළේය.

කලම්බු 'ස්ට්‍රයිකර්ස් කණ්ඩායම' වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 59ක් රැස්කළ අතර නුවනිදු ප්‍රනාන්දු ලකුණු 28ක් රැස් කළේය.

ඒ අනුව ලකුණු 158ක ජයග්‍රහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි 'බී-ලව් කැන්ඩි' කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 130ක් පමණි.

image 2628b3a5d0image fea5ec10d2image 1a1e9eb6c3image 0a6702ea23image fc2019087dimage f87a68d31dimage 42f6ae7367image 7339cb2da0
අද LPL පිටියට එන කණ්ඩායම් මෙන්න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයේ තවත් තරග දෙකක් අද (01) පැවැත්වීමට නියමිතය.

එක් තරගයක් 'ජැෆ්නා කිංග්ස්' සහ 'දඹුල්ල අව්රා කණ්ඩායම' අද පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
අනෙක් තරගය 'බී-ලව් කැන්ඩි' කණ්ඩායම සහ 'ගෝල් ටයිටන්ස්' කණ්ඩායම අතර රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්