theleaderlk 01

ඕස්ට්‍රේලියාවේදී එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකාවට අද (3) රාත්‍රීයේ පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ස්ත්‍රී දූෂණ චෝදනාවට නොවැම්බර් මස 6 වැනිදා පොලිසිය අත්අඩංගුවට පත්වූ ධනුෂ්ක දින කීපයක් බන්ධනාගාරගතව මාස 11කට ආසන්න කාලයක් ඕස්ට්‍රේලියාවේ ගත කළේය.

ධනුෂ්ක නිදොස් කොට නිදහස් කිරීමට පසුගිය සැප්තැම්බර් මස 28 වැනිදා ඕස්ට්‍රේලියානු අධිකරණය පියවර ගත්තේය.



සබැඳි ලිපි :

ධනුෂ්ක දෙස නොව ඕස්ට්‍රේලියාවේ නීතියේ අප්‍රමාදය දෙස බලන්න

ලංකාවේ බොහොමයක් පිරිමි ධනුෂ්කට සමානම චෝදනා ලබන්න පුළුවන් !- (චින්තන ධර්මදාස)

 

JW