ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු සාමාජිකයන්ට නායකත්වය ලබාගැනීමට අවශ්‍ය වී ඇති නිසා

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩා වැටී ඇති බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (17) රාත්‍රියේ පැවති පාසල් ක්‍රිකට් සම්මාන උලෙළට එක්වෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පාසල් ක්‍රිකට් සංගමය එක් ව සංවිධාන කළ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් ව සිටියේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ය. 

 

 

 මහේල හදිසියේම ලංකාවට

ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන යළි ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ.

සිය පෞද්ගලික කරුණක් හේතුවෙන් මහේල ජයවර්ධන මෙලෙස නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.

කෙසේ වෙතත් වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහේල යළි ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බවය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ මහේල එළඹෙන  ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී යළි කණ්ඩායම සමග එක්වීමට නියමිත බවය.

(adaderana.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්