The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ගැටුම් උග්‍රවේ ! - පාපන්දු විධායක සභාවේ ප්‍රධාන ලේකම් ඉල්ලා අස්වෙයි

T

The Leader Desk

February 25, 2023 • 7:36 PM

ගැටුම් උග්‍රවේ ! - පාපන්දු විධායක සභාවේ ප්‍රධාන ලේකම් ඉල්ලා අස්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විධායක සභාවේ
  • ඉන්දික තේනුවර මාතර පාපන්දු ලීගයේ වත්මන් ලේකම්වරයා ද වන අතර ජනවාරි 14 වැනිදා පැවැති පාපන්දු ආයතනයේ නිලවරණයේ දී සභාපති ධුරයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්තී ජේ.ශ්‍රී රංගා ට සහය පළ කරමින් එම පාර්ශ්වයෙන් තරග වැදුණු අපේක්ෂකයෙකි.
  • ඔහුගේ ඉල්ලා අස්වීමට ආසන්තම හේතුව ලෙස පාපන්දු ආයතන ආරංචි මාර්ග සඳහන් කරන්නේ වත්මන් සභාපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඔහුගේ නොසතුට බවද වාර්තා වේ.
  • එහිදී උපලේකම් (පරිපාලන) තනතුරට ඉදිරිපත් වූ නාමයෝජනා සියල්ල ප්‍රතික්ෂේප වූ බැවින් එම ධූරය හිස්ව පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

(2022-23) ව්‍යාකූල තත්වයක් ඇති කරමින් එහි ප්‍රධාන ලේකම් ධුරයට තේරී පත්වූ ඉන්දික තේනුවර එම ධුරයෙන්  ඉල්ලා අස්වී තිබේ.

ඉන්දික තේනුවර මාතර පාපන්දු ලීගයේ වත්මන් ලේකම්වරයා ද වන අතර ජනවාරි 14 වැනිදා පැවැති පාපන්දු ආයතනයේ නිලවරණයේ දී සභාපති ධුරයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්තී ජේ.ශ්‍රී රංගා ට සහය පළ කරමින් එම පාර්ශ්වයෙන් තරග වැදුණු අපේක්ෂකයෙකි.

ඔහුගේ ඉල්ලා අස්වීමට ආසන්තම හේතුව ලෙස පාපන්දු ආයතන ආරංචි මාර්ග සඳහන් කරන්නේ වත්මන් සභාපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඔහුගේ නොසතුට බවද වාර්තා වේ.

ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයේදී ඉන්දික තේනුවර ඡන්ද 29ක් ලැබීය. ඒ ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද හතක් ලබමිනි.

පැවැති නිලවරණයේ දී පාපන්දු ආයතනයට තේරී පත්වූයේ අසම්පූර්ණ විධායක සභාවකි. එහිදී උපලේකම් (පරිපාලන) තනතුරට ඉදිරිපත් වූ නාමයෝජනා සියල්ල ප්‍රතික්ෂේප වූ බැවින් එම ධූරය හිස්ව පවතී.

කෙසේ වුවත් උපලේකම් (තාක්ෂණ) ධුරය සඳහා පිළිගත් එකම නාමයෝජනාව ලෙස එහිදී එස්.ආර්.එම්.එම්. අසාඩ් නිතරගයෙන් පත්විය.



මේ අතර ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වත්මන් විධායක සභාව පත්ව මේ වනවිට මාස එකහමාරක් වන ආසන්න කාලයක් ගෙවමින් තිබුණත් කිසිදු ක්‍රියාකාරී වැඩසටහනක් මෙතෙක් ආරම්භ නොකිරීම ගැන චෝදනා එල්ල වේ.



උද්ගතවී තිබෙන තත්ත්වය හමුවේ පැවැති නිලවරණයේ දී ශ්‍රී රංගා ට සහයෝගය දැක්වූ පාර්ශවයේ ප්‍රබලයන් ගණනාවක් ඉදිරියේදී රැස්වී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයිද වාර්තා වේ.

කළුතර පාපන්දු ලීගයේ සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු, පොල්ගහවෙල පාපන්දු ලීගයේ සභාපති අනුර ද සිල්වා, වෙන්නප්පුව පාපන්දු ලීගයේ සභාපති, සුපර්ලීග් ක්‍රීඩා සමාජ සංසදයේ සභාපති රෝහිත ප්‍රනාන්දු, මීගමුව පාපන්දු ලීගයේ සභාපති රංජිත් රුද්‍රිගු, ගම්පොල පාපන්දු ලීගයේ ලේකම් සුනිල් සෙනවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට සහභාගි වනු ඇතැයි වාර්තා වේ.

ඒ අතර පාපන්දු ආයතනයේ වත්මන් සභාපතිවරයාගේ ක්‍රියාකාලාපය හෙළා දකිමින් කරුණු 35කින් සමන්විත ලිපියක් යොමු කිරීමටද රංජිත් රුද්‍රිගු ඉකුත්දා පියවර ගෙන තිබුණි. එහෙත් ඊට මෙතෙක් ශ්‍රී රංගා ප්‍රතිචාර දක්වා නැතැයි ද වාර්තා වේ.

(kelimandala.lk)

 

 JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...