The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් නිලවරණය : ශම්මිට කැමති පිරිසම ආයෙත් එයි !

T

The Leader Desk

March 2, 2023 • 5:17 AM

ක්‍රිකට් නිලවරණය : ශම්මිට කැමති පිරිසම ආයෙත් එයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ක්‍රීඩා ඇමතිවරයා විසින් 10 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබියදී, ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය සඳහා නාමයෝජනා බාරගැනීම අඟහරුවාදා (පෙබරවාරි 28 වැනිදා) අවසන් විය.
  • සභාපති තනතුර සඳහා ශම්මි සිල්වා, ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වල නාමයෝජනා ඉදිරිපත් කර ඇතත්, ශම්මි සිල්වා යළිත් වරක් සභාපතිවරයා ලෙස පත්වනු ඇති බවට අනාවැකි පලවෙමින් තිබේ.
  • වත්මන් උප සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න දෙදෙනාම නැවත වරක් උප සභාපතිවරුන් ලෙසත්, වත්මන් ලේකම්වරයා වන මොහාන් ද සිල්වා තවදුරටත් ලේකම්වරයාම ලෙසත් පත්වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
  • භාණ්ඩාගාරික තනතුර සඳහා ලසන්ත වික්‍රමසිංහත්, උප ලේකම්වරයා ලෙස ක්‍රිෂාන්ත කපුවත්තත්, උප භාණ්ඩාගාරිකවරයා ලෙසින් සුජීව ගොඩලියැද්දත් තේරී පත්වීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):



සභාපති තනතුර සඳහා අපේක්‍ෂකයන් තිදෙනකු නාම යෝජනා බාරදී ඇතත් තිදෙනාම එකම පාර්ශ්වයක වන බැවින් මීළඟ නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිලධාරී මණ්ඩලයට කිසිම ආකාරයක අභියෝගයක් එල්ල වී නොමැත.

සභාපති තනතුර සඳහා ශම්මි සිල්වා, ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වල නාමයෝජනා ඉදිරිපත් කර ඇතත්, ශම්මි සිල්වා යළිත් වරක් සභාපතිවරයා ලෙස පත්වනු ඇති බවට අනාවැකි පලවෙමින් තිබේ.

මේ අතර සමන්ත දොඩන්වල උප සභාපති තනතුර සඳහා මෙන්ම ප්‍රධාන ලේකම් ධූරය සඳහාත් සිය නාම යෝජනා ඉදිරිපත් කර තිබේ.

වත්මන් උප සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න දෙදෙනාම නැවත වරක් උප සභාපතිවරුන් ලෙසත්, වත්මන් ලේකම්වරයා වන මොහාන් ද සිල්වා තවදුරටත් ලේකම්වරයාම ලෙසත් පත්වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

භාණ්ඩාගාරික තනතුර සඳහා ලසන්ත වික්‍රමසිංහත්, උප ලේකම්වරයා ලෙස ක්‍රිෂාන්ත කපුවත්තත්, උප භාණ්ඩාගාරිකවරයා ලෙසින් සුජීව ගොඩලියැද්දත් තේරී පත්වීමට නියමිතය.

නිලවරණය සඳහා නාම යෝජනා බාරගැනීම පෙබරවාරි 28 වැනි සඳුදා පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර එදින පස්වරු 3.30 ට අවසන් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අති විශේෂ මහ සභා රැස්වීමකදී ඇතිකරගන්නා ලද තීරණයක් අනුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න ගේ සභාපතිත්වයෙන් යුතුව නිලවරණ කමිටුව පත්කරගන්නා ලදි. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරී සුනිල් සිරිසේන නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි මස 20 වැනිදා පැවැත්වෙයි.


නාම යෝජනා භාර දුන් අපේක්‍ෂකයෝ


සභාපති (තනතුරු 1 යි)
ශම්මි සිල්වා, ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වල

උප සභාපතිවරු (තනතුරු 2 යි)
ජයන්ත ධර්මදාස, රවීන් වික්‍රමරත්න, විනෝදන් ජෝන්, කුමාර හැළඹගේ සහ සමන්ත දොඩන්වල

ලේකම් (තනතුරු 1 යි)
මොහාන් ද සිල්වා, රොෂාන් ඉද්දමල්ගොඩ, සමන්ත දොඩන්වල සහ නලීන් අපෝන්සු

භාණ්ඩාගාරික (තනතුරු 1 යි)
ලසන්ත වික්‍රමසිංහ සහ සුජීව ගොඩලියැද්ද

උප ලේකම් (තනතුරු 1 යි)
ක්‍රිෂාන්ත කපුවත්ත, ඩිලාන් පොලොන්නෝවිට, නිසිත රූපසිංහ සහ ශම්මි ගුණසේකර

උප භාණ්ඩාගාරික (තනතුරු 1 යි)
නලීන් අපෝන්සු, කිත්සිරි ද සිල්වා සහ සුජීව ගොඩලියැද්ද

(kelimandala.lk)


සබැඳි පුවත් :

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 20 වනදා

ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනයට එරෙහිව අභියාචනාධිකරණ නියෝගයක්


JW


 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...