The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක්

T

The Leader Desk

April 30, 2023 • 3:23 PM

ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව
  • අද පස්වරුවේ පැවති මීටර 400 කඩුලු මතින් දිවීමේ බාලක ඉසව්වට එක් වු අඹගමුව ජාතික පාසලේ අයෝමාල් අකලංක විසින් එම ලෝකඩ පදක්කම දිනාගනු ලැබීය.
  • ඒ තත්පර 51.40ක දක්ෂතාවක් වාර්තා කරමිනි.
  • මේ අතර ඊයේ පැවති  මීටර 800  බාලිකා ධාවන ඉසව්වේ අවසන් තරගයට එක් වූ ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ කසුනි නිර්මලී වික්‍රමසිංහ එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (30) තවත් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

අද පස්වරුවේ පැවති මීටර 400 කඩුලු මතින් දිවීමේ බාලක ඉසව්වට එක් වු අඹගමුව ජාතික පාසලේ අයෝමාල් අකලංක විසින් එම ලෝකඩ පදක්කම දිනාගනු ලැබීය.

ඒ තත්පර 51.40ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

මේ අතර ඊයේ පැවති  මීටර 800  බාලිකා ධාවන ඉසව්වේ අවසන් තරගයට එක් වූ ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ කසුනි නිර්මලී වික්‍රමසිංහ එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුණි.

ඒ විනාඩි 2යි තත්පර 17.4ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

බාලක උස පැනීමේ ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ නිලුපුල් පැහැසර එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේය.

ඒ මීටර් 2.01ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

උස්බෙකිස්තානයේ පැවැත්වෙන 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී (U18) පිරිමි රිටි පැනීම ඉසව්වේ  රිදී පදක්කම දිනා ගැනීමට තුෂේන් සිල්වා සමත්විය.

(adaderana.lk)

 

සබැඳි පුවත් :

වසර 72කට පසු රිටි පැනීමෙන් ලංකාවට ජාත්‍යන්තර පදක්කමක්

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...