The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රොනාල්ඩෝගෙන් ඡන්දය නොලැබුනත් මෙසී 2023 හොඳම පාපන්දු ක්‍රීඩකයා වෙයි

T

The Leader Desk

January 17, 2024 • 10:55 AM

රොනාල්ඩෝගෙන් ඡන්දය නොලැබුනත් මෙසී 2023 හොඳම පාපන්දු ක්‍රීඩකයා වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආජන්ටිනා පාපන්දු නායක ලිඔනල් මෙසී වීරයා බවට පත්වූ ජගත් පාපන්දු සම්මේලනයේ හොඳම සම්මාන - FIFA’s The Best Awards -
  • රොනාල්ඩෝ මේ සම්මාන ප්‍රදානයේ ඡන්ද විමසීමේ ක්‍රියාවලියට සහභාගි නොවුනේ මේ සඳහා සුදුසුකම් ලබා සිටි ජාතික පාපන්දු නායකයෙක් ලෙස සිටියදී.
  • නමුත් ඔහුගේ ඡන්දය නැතිවත් ඔහුගේ පරම ප්‍රතිවාදියා වන මෙසී 2023 හොඳම පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් වුනා.
  • මේ තරගයේදී මෙසී සම්මානය දිනා ගත්තේ සටනේ පෙරමුණේ සිටි නෝවේජියානු ජාතික අර්ලිං හාලන්ඩ් සහ ප්‍රංශයේ කිලිඅන් බප්පේ අභිබවා යමින්.  ලන්ඩනයේ පැවති මේ සම්මාන උළෙලේදී මෙසී FIFA 2023 වසරේ ක්‍රීඩකයා බවට තේරුනේ පිට පිට දෙවැනි වසර ට.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්මාන ප්‍රදානෝත්සවයේදී පෘතුගාලයේ පාපන්දු නායක ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ඡන්දය පාවිච්චි කළේ නැහැ. 

ඔහු වෙනුවට රොනාල්ඩෝගේ කණ්ඩායම් සගයා වන පෙපේ (Pepe) සහභාගි වුනත් ඔහු මෙසී ට ඡන්දය දුන්නේ නැහැ.

රොනාල්ඩෝ මේ සම්මාන ප්‍රදානයේ ඡන්ද විමසීමේ ක්‍රියාවලියට සහභාගි නොවුනේ මේ සඳහා සුදුසුකම් ලබා සිටි ජාතික පාපන්දු නායකයෙක් ලෙස සිටියදී. නමුත් ඔහුගේ ඡන්දය නැතිවත් ඔහුගේ පරම ප්‍රතිවාදියා වන මෙසී 2023 හොඳම පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් වුනා. මේ තරගයේදී මෙසී සම්මානය දිනා ගත්තේ සටනේ පෙරමුණේ සිටි නෝවේජියානු ජාතික අර්ලිං හාලන්ඩ් සහ ප්‍රංශයේ කිලිඅන් බප්පේ අභිබවා යමින්. 

ලන්ඩනයේ පැවති මේ සම්මාන උළෙලේදී මෙසී FIFA 2023 වසරේ ක්‍රීඩකයා බවට තේරුනේ පිට පිට දෙවැනි වසර ට.

පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ආජන්ටිනාව ලෝක ශූරතාව කරා ගෙන යමින් ලිඔනල් මෙසී දැක්වූ දස්කම් මේ සම්මානය සඳහා තේරීමේදී සැළකිල්ලට නොගත් තත්ත්වයක් යටතේත් ඔහු හොඳම ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීම විශේෂත්වයක්.

මේ සම්මානය තෝරා ගැනීමේ ඡන්ද අයිතිය හිමිව තිබුනේ ජාතික පාපන්දු කණ්ඩායම්වල ජාත්‍යන්තර නායකයන් හා පුහුණුකරුවන්ට. මීට අමතරව මාධ්‍යවේදීන් හා ක්‍රීඩා ලෝලීන් ට ද ඡන්ද අයිතිය ලැබී තිබුනේ සමස්ත ඡන්ද ප්‍රමාණය මේ සිවු අංශයට සියයට 25 බැගින් බෙදී යමින්.

messi sdfdf
සම්මානය වෙනුවෙන් මෙසී ජාතික නායකයන්ගේ ලකුණු 677ක් හා පුහුණුකරුවන්ගේ ලකුණු 476ක් වශයෙන් ක්‍රීඩකයන්ගේ සහයෝගය ද දිනා ගැනීමට අමතරව ක්‍රීඩා ලෝලීන්ගෙන් ලකුණු 613,293ක් ද ලබා ගැනීමට සමත් වුනා.

මැන්චෙස්ට සිටි' හාලන්ඩ්ගෙන් වේගවත්ම ප්‍රිමිය ලීග් ගෝල් 50 නව වාර්තාවක්

මෙසී ඔහුගේ ‘වසරේ පාපන්දු ක්‍රීඩකයා’ ඡන්දය හාලන්ඩ් ට ලබා දීම විශේෂත්වයක්

මෙසී ජයග්‍රහණය කළේ ජාත්‍යන්තර නායකයින් වැඩි ප්‍රමාණයකගේ පළමු කැමැත්තේ නාම යෝජනාවලින්. ඔහු 107ක පළමු මනාපය ලබා ගනිද්දී හාලන්ඩ්ට හිමිවුනේ පළමු මනාප 64ක් පමණ යි. කෙසේ වෙතත් මෙසී ඔහුගේ ‘වසරේ පාපන්දු ක්‍රීඩකයා’ ඡන්දය හාලන්ඩ් ට ලබා දීම විශේෂත්වයක්.

වාර්තාගත අටවැනි වතාවටත් 'බෙලීන් ඩෝ' සම්මානය ලයනල් මෙසී ට

මෙය ජගත් පාපන්දුවේ ප්‍රතිමාවක් වන ලිඔනල් මෙසී හිමිකර ගත් අලුත් ම ගෞරවය යි. ඔහු සමග රොනාල්ඩෝ නිතර තරග කළ ‘බැලන් ඩි ඔ්ර්’ සම්මානයේ පසුගිය වසරේ ජයග්‍රාහකයා වුනේත් හිටපු බාසිලෝනා සහ වර්තමාන ‘ඉන්ට මයාමි’ ක්‍රීඩක මෙසී.

රොනාල්ඩෝ පෘතුගාලයේ පාපන්දු නායකයා වන බැවින් මේ සම්මාන තෝරා ගැනීමේ ඡන්ද විමසීමට ඔහුගේ සහභාගිත්වය අපේක්ෂා කෙරුනත් සෞදි පාපන්දු ලීගයේ අල්-නසර් කණ්ඩායමට ක්‍රීඩා කරන හිටපු මැන්චෙස්ට යුනයිටඩ් ක්‍රීඩකයා ඊට සහභාගි වුනේ නැහැ.

ඒ නිසා රොනාල්ඩෝ වෙනුවට මේ ඡන්ද අයිතියේ ගෞරවය ලබා දී තිබුනේ ඔහුගේ ජාතික කණ්ඩායමේ සගයෙකු වන පෙපේ ට. කෙසේ වෙතත් පෙපේගේ තෝරාගැනීම් යම් ප්‍රමාණයකට මතභේදාත්මක වූයේ ඔහු මේ තරගයේ වැඩියෙන් ම ජනප්‍රිය තෝරාගැනීම්වලින් බැහැරව ගොස් ඡන්දය පාවිච්චි කළ නිසාවෙන්.

pepeරොනාල්ඩෝ - පෙපේ

කටාර් දේශයේ පැවති 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී රොනාල්ඩෝ කණ්ඩායමේ පුහුණුකරු ෆනැන්ඩෝ සන්තොස් සමග ඇතිකර ගත් අමනාපයක් හේතුවෙන් තරගාවලියේ වැඩි හරියක් ආදේශ ක්‍රීඩකයන් සමග බංකුවේ ඉඳගෙන සිටි බැවින් පෘතුගාල කණ්ඩායමේ බොහෝ තරගවලදී වැඩබලන නායකයා ලෙස කටයුතු කළ පෙපේ ට ඡන්ද වගකීම පවරා තිබුනු බවට වාර්තා වෙනවා.

පෙපේ පෘතුගාලයේ ලෝක කුසලාන තරග පහෙන් හතරක ම ආරම්භක ක්‍රීඩකයෙක් වූ අතර අර්ධ අවසන් පූර්ව වටයේදී මොරොක්කෝව විසින් තරගාවලියෙන් ඉවත් කිරීමට පෙර පෘතුගාලයේ අවසාන තරග දෙකේදී රොනාල්ඩෝ සිටියේ පිටියේ නොව එයින් පිට බංකුවේ. 

රොනාල්ඩෝ වෙනුවට මේ සම්මාන ප්‍රදානෝත්සවයේදී ඡන්දය භාවිතා කළ පෙපේ තමාගේ පළමු මනාපය ලෙස රටවැසි ක්‍රීඩක බර්නාඩෝ සිල්වා සහ දෙවැනියට අර්ලිං හාලන්ඩ් නෝවේජියානුවා තෝරා ගත්තා. ඉක්බිති මේ ‘රිආල් මැඩ්රිඩ්’ සමාජයේ පුරාවෘත්ත ක්‍රීඩකයා තමන්ගේ තෙවැනි මනාපය ලෙස නම් කළේ ‘නැපෝලි’ සමාජයේ වික්ට ඔසිම්හන් ව.

පෙපේ තමාගේ තේරීම්වලින් මෙසීව ඈතින් තබා ගැනීම පුදුමයට කරුණක් නොවන්නේ රිආල් මැඩ්රිඩ් හා බාසිලෝනා අතර ‘ලාලීගා’ තරග පැවැත්වෙද්දී මේ දෙදෙනා අතර තිබූ දරුණු ප්‍රතිවාදිත්වය නිසා.



මේ සම්මාන උළෙලේදී කිසිම ක්‍රීඩකයෙක් රොනාල්ඩෝ‌ව තෝරා නොගත්තේ ඔහු මේ සම්මානය සඳහා ජනප්‍රිය නාමයක් ලෙස නොතිබීම නිසා ම නොව ඔහු පසුගිය තරග වාර දෙක ම ගතකළේ ‘අල්-නසර්’ කණ්ඩායම සමග සෞදි අරාබි වෘත්තීය පාපන්දු ලීගයේ ක්‍රීඩා කරමින් නිසා.

මෙසීගේ 2022 ලෝක කුසලාන ජයග්‍රහණය ඔහුට Ballon d’Or හා FIFA Best Awards යන සම්මාන දෙක ම හිමිකර ගැනීමට උපකාරී වූ අතර ඔහුට ‘මෑන් සිටි’ කණ්ඩායමේ හාලන්ඩ් ට වඩා වැඩි සහයෝගයක් ජාතික කණ්ඩායම් නායකයින්ගෙන් ලැබුනා. 

මෙසී' තරුව බැස යද්දි 'ම්බප්පේ' තරුව නැග එමින් - (මහින්ද රුබසිංහ)

මෙසී සමග සටනක් තිබියදීත් Kylian Mbappe ඡන්දය දුන්නේ මෙසී ට

ප්‍රංශ නායක Kylian Mbappe ලකුණු 35ක් ලබා තෙවැනි ස්ථානයට පත්වූ අතර මේ සම්මානය සඳහා මෙසී සමග සටනක් තිබියදීත් ඔහු ඡන්දය දුන්නේ මෙසී ට. බප්පේ ඔහුගේ දෙවැනි ඡන්දය හාලන්ඩ්ටත්, තෙවැන්න Kevin de Bruyneටත් ලබා දුන්නා.

එංගලන්ත නායක හැරී කේන් සිය ඡන්දය ප්‍රකාශ කළේත් මෙසී වෙනුවෙන්. ඔහු හාලන්ඩ් දෙවැනියටත් ‘මෑන් සිටි’හි බර්නාඩෝ සිල්වා තෙවැනියටත් තෝරා ගත්තා.

සෑම ජාතික කණ්ඩායමක ම නායකයා සහ පුහුණුකරුගෙන් ඡන්දය විමසුනු මේ සම්මාන උළෙලේදී බෙල්ජියමේ නායක Romelu Lukaku, නෙදර්ලන්තයේ නායක Virgil van Dijk, ඉතාලියේ නායක Gianluigi Donnarumma සහ ක්‍රොඒෂියාවේ නායක Luka Modric වැන්නවුන් ඔවුන්ගේ ඡන්ද ලබා දුන්නේ ලිඔනල් මෙසී ට. 

කෙසේ වෙතත්, පුහුණුකරුවන් අතර මෙසී ට වඩා ජනප්‍රියව සිටියේ හාලන්ඩ්. එංගලන්තය, ජර්මනිය හා බෙල්ජියම යන කණ්ඩායම්වල පුහුණුකරුවන් ඔවුන්ගේ හොඳම ක්‍රීඩකයන් තිදෙනාගේ නම්වලට මෙසී ඇතුළත් කර නොගෙන හාලන්ඩ්ව නම් කර තිබුනා.

mail 2024 01 16T003909.342
අර්ලිං හාලන්ඩ් ට වසරේ පාපන්දු ක්‍රීඩකයා වීමට නොහැකි වුනත් මේ සම්මාන සන්ධ්‍යාවේ ආධිපත්‍ය පැතිරුවේ ඔහුගේ ‘මැන්චෙස්ට සිටි’ ක්‍රීඩා සමාජය. එම කණ්ඩායමේ Ederson 2023 වසරේ හොඳම ගෝල් රකින්නා ලෙසත්, Pep Guardiola හොඳම පුහුණුකරු ලෙසත් සම්මාන දිනා ගත්තා.

සටහන :
බ්‍රසීල පාපන්දුවේ Godfather මිය යයි(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...