The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මල්ලවපොර නිලධාරීන් මර නින්දේ !- නෙත්මි අහිංසාගේ ඔලිම්පික් සිහින බොඳ වෙයි?

T

The Leader Desk

January 2, 2024 • 7:44 AM

මල්ලවපොර නිලධාරීන් මර නින්දේ !- නෙත්මි අහිංසාගේ ඔලිම්පික් සිහින බොඳ වෙයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් ක්‍රොඒෂියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර මල්ලවපොර තරගාවලියකට සහභාගීවීමට සූදානමින් සිටින
  • මේ වසරේ පැවැත්වෙන ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීමට නම් නෙත්මි අහිංසා ලෝක මල්ලවපොර ක්‍රිඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ 16 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණිය යුතු අතර, ඒ වෙනුවෙන් සුදුසුකම් ලැබිමේ තරගාවලි කිහිපයකදී දස්කම් දැක්වීම අනිවාර්යවී තිබේ.
  • සංගමයේ නිලධාරීන් කැඳවා අවශ්‍ය කටයුතු කඩිනමින් කරන ලෙස මා උපදෙස් දුන්නා.
අකුරු ප්‍රමාණය (Font Size):

මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා වෙනුවෙන් වීසා ලබා ගැනීමට ශ්‍රී ලංකා මල්ලවපොර සංගමය උනන්දු නොවීමෙන් ඇය බලවත් අපහසුතාවකට ලක්ව තිබේ. 

තවත් දින 7කින් ක්‍රොඒෂියා ජාත්‍යන්තර මල්ලවපොර තරගාවලිය ආරම්භ වන අතර, ඊයේ වනවිටත් ශ්‍රී ලංකා මල්ලවපොර සංගමය තම ක්‍රීඩිකාව වෙනුවෙන් වීසා ඇයදුම්කොට නොතිබුණි.

ශ්‍රී ලංකාවේ ක්‍රොඒෂියා තානාපති කාර්යාලයක් නොමැති බැවින් එම වීසා බලපත්‍රය ලබා ගැනීම ඉන්දියාවේ පිහිටි ක්‍රොඒෂියා තානාපති කාර්යාලය හරහා සිදුවිය යුතු වේ. ඒ සඳහා දින කිහිපයක් ගතවන අතර, වීසා ඇයදුම් කිරීම තවමත් ප්‍රමාද කිරීමෙන් ඇයට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ සිහිනය බොඳවන තත්ත්වයක් නිර්මාණයවී තිබේ.

4 5

නෙත්මි අහිංසා හා ඇයගේ පුහුණුකරු සුරංග පුෂ්පකුමාර මෙම සංචාරයට සහභාගීවීමේ අපේක්ෂාවෙන් සිටින අතර, ඒ වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශය අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඇත. 

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ගේ නියෝගය මත මෙම සංචාරය සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර හා අනෙකුත් වියදම් ලැබී තිබියදී ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයේ නිද්‍රාශීලී ප්‍රතිපත්තිය හේතුවෙන් මෙම තරගාවලිය අහිමි වුවහොත් දැනට ලෝක මල්ලවපොර ක්‍රිඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ 36 වැනි ස්ථානයේ සිටින නෙත්මි අහිංසා 70 දක්වා පහළට ඇද වැටෙනු ඇත.

මේ වසරේ පැවැත්වෙන ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීමට නම් නෙත්මි අහිංසා ලෝක මල්ලවපොර ක්‍රිඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ 16 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණිය යුතු අතර, ඒ වෙනුවෙන් සුදුසුකම් ලැබිමේ තරගාවලි කිහිපයකදී දස්කම් දැක්වීම අනිවාර්යවී තිබේ.

WhatsApp Image 2022 08 05 at 11.47.11 PM 1280x720
නෙත්මි අහිංසාගේ මෙම වීසා ප්‍රමාදය පිළීබඳ ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්සිවෙල් ද සිල්වා හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයෙන් කරුණු විමසා ඇති බව ද වාර්තා වේ. 

මේ පිළීබඳ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ විමසීමකදී පැවැසුවේ මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන්ට මේ සම්බන්ධ සිහි කැඳවීම් සිදුකොට ඇති බවයි. “ මේ සම්බන්ධයෙන් මා පෞද්ගලිකව අවධානය යොමු කළා. සංගමයේ නිලධාරීන් කැඳවා අවශ්‍ය කටයුතු කඩිනමින් කරන ලෙස මා උපදෙස් දුන්නා. සංගමය වීසා ලබා ගැනීමට උනන්දුවක් දක්වන්නේ නැතිනම් වෙනත් ක්‍රමයක් උපයෝගී කර ගන්නවා“ ෂේමාල් ප්‍රනාන්දු පැවැසීය.

බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ මල්ලවපොර කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනා ශ්‍රී ලංකා නාමය මල්ලවපොර ඉතිහාසයට එක්කළ නෙත්මි අහිංසා ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවෙන් එම ක්‍රීඩාව නියෝජනය කළ පළමු ක්‍රීඩිකාව වනු ඇත.

බර්මින්හැම් ක්‍රීඩා උලෙළේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රබල ක්‍රීඩිකා අයිරින් සයිමන්ඩ්ස් සමඟ තරග කළ අහිංසා ලෝකඩ පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර විචාරකයින් පැවැසූවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාව විශාල අනාගතයක් ඇති අයෙක් බවය. 

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් පළමු කාන්තා මල්ලවපොර පදක්කම දිනාගනිමින් ශ්‍රී ලාංකික මල්ලවපොර ඉතිහාසයේ නව වාර්තාවක් තැබූ ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී පදක්කමක් දිනාගත් ළාබාලතම ලාංකික ක්‍රීඩිකාව ලෙසද ඉතිහාසයට එක්වූවාය.

නෙත්මි අහිංසා කුරුණෑගල වෙල්පල්ල ගම්මානයේ තාවකාලිකව තනාගත් මල්ලවපොර පිටියක පුහුණුවෙමින් සිටින්නීය.

(dinamina.lk- ප්‍රින්ස් ගුණසේකර)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...