The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සෞදි පාපන්දු ලීගයේ විදෙස් ක්‍රීඩකයන්ට සීමාවක් නැති සුර සැප

T

The Leader Desk

January 2, 2024 • 4:47 PM

 සෞදි පාපන්දු ලීගයේ විදෙස් ක්‍රීඩකයන්ට සීමාවක් නැති සුර සැප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ ක්‍රීඩා කිරීම පිණිස පසුගිය වසරේ සෞදි අරාබියට ගිය සුපිරි ක්‍රීඩකයන්ටත් ඔවුන්‌ගේ බිරින්දෑවරු හා පෙම්වතියන්ටත්
  • සෞදි අරාබිය පාපන්දුවේ නියම සළකුණ තැබුවේ ගෙවී ගිය 2023 වසරේ.
  • ඒ, 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයින් වූ ආජන්ටිනාව මූලික වටයේදී පරාජය කරමින් ලබා ගත් සාර්ථකත්වය මත ගොඩනැගෙමින් ඔවුන්ගේ දේශීය ලීග් පාපන්දු තරගාවලිය සඳහා පසුගිය වසරේදී ලොව ඉතාමත් ම ජනප්‍රිය හා දක්ෂ සුපිරි ක්‍රීඩකයින් ඇදගනිමින්.
  • ඔහු SPL කරා පැමිණියේ එංගලන්තයේ ක්‍රීඩා කරමින් සිටි මැන්චෙස්ට යුනයිටඩ් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වීමේ කටුක අත්දැකීමෙන් පසුව වසරකට පවුම් මිලියන 173ක වාර්තාගත ගිවිසුමක් අත්සන් කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):
මුදල් වියදම් කිරීමේ සීමාවක් නැහැ. මැද පෙරදිගට යාමෙන් පසුව මේ බොහෝ ක්‍රීඩකයන් උපයන්නේ අදහා ගත නොහැකි තරමේ වැටුපක්.

සෞදි වෘත්තීය ලීගයේ (SPL) සිටින සුපිරි ක්‍රීඩකයන් භුක්ති විඳින අධිසුඛෝපභෝගී හා සමාජයේ ඉහළ ම තලයේ ජීවන රටාව දැන් අනාවරණය වී තිබෙනවා.
SPL1
සෞදි අරාබිය පාපන්දුවේ නියම සළකුණ තැබුවේ ගෙවී ගිය 2023 වසරේ. ඒ, 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයින් වූ ආජන්ටිනාව මූලික වටයේදී පරාජය කරමින් ලබා ගත් සාර්ථකත්වය මත ගොඩනැගෙමින් ඔවුන්ගේ දේශීය ලීග් පාපන්දු තරගාවලිය සඳහා පසුගිය වසරේදී ලොව ඉතාමත් ම ජනප්‍රිය හා දක්ෂ සුපිරි ක්‍රීඩකයින් ඇදගනිමින්.

අරාබි රාජධානියට ප්‍රථමයෙන් පැමිණි ජනප්‍රිය ක්‍රීඩකයා වුනේ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ. ඔහු SPL කරා පැමිණියේ එංගලන්තයේ ක්‍රීඩා කරමින් සිටි මැන්චෙස්ට යුනයිටඩ් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වීමේ කටුක අත්දැකීමෙන් පසුව වසරකට පවුම් මිලියන 173ක වාර්තාගත ගිවිසුමක් අත්සන් කරමින්.
Power Rank Saudi Pro League
ඉන්පසුව Karim Benzema හා Neymar වැනි ක්‍රීඩකයන් ද, ප්‍රිමිය ලීග් සුපිරි තරු වන N’Golo Kante, Jordan Henderson හා Fabinho වැනි යුරෝපීය ක්‍රීඩකයන් ද රොනාල්ඩෝ අනුගමනය කළේ සෞදි වෘත්තීය ලීගයේ ක්‍රීඩා සමාජ පවුම් මිලියන 700ක විශාල මුදලක් වැයකළ නිසා.

ඇඳුම් පැළඳුම් හා විනෝද වීම ආදියෙන් අන්තයට නොයන දැඩි කොන්සවටිව් රාජ්‍යයක වෙසෙමින් මේ පාපන්දු ක්‍රීඩකයන්, ඔවුන්ගේ බිරින්දෑවරුන් හා පෙම්වතියන් ගෙවන ජීවිත පිළිබඳ විස්තර ලැබෙන්නේ The Times කළ විමර්ශනයකින්.

ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සමග ප්‍රකට කළමනාකරුවන් ස්වල්ප දෙනෙකු ද මැද පෙරදිග ට පැමිණි අතර ස්ටීවන් ජෙරාඩ් (Steven Gerrard) ඉන් කෙනෙක්. අල්-එටිෆාක් (Al-Ettifaq) කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන ඔහු සහ ඔහුගේ හිටපු ලිවපූල් සගයා වන අල්-එටිෆාක් කණ්ඩායමට ක්‍රීඩා කරන ලිවපූල් හිටපු නායක ජෝඩන් හෙන්ඩර්සන් (Jordan Henderson) පදිංචිව සිටින්නේ බහරේන්වල. අහස සූරන ගොඩනැගිලි හා සුදු පැහැති වැලි පිරුණු වෙරළ සහිත බහරේන් නමැති කුඩා දිවයින එහි දේශසීමා රට වන සෞදි අරාබිය ට වඩා ලිබරල් ජීවිත ර‌ටාවක් තිබෙන දේශයක්.
3944121 647655520
ජෙරාඩ් සහ හෙන්ඩර්සන්ගේ දරුවන් දේශීය බ්‍රිතාන්‍ය පාසලේ ඉගෙනුම ලබන අතර ඒ අසල තිබෙන රග්බි ක්‍රීඩා සමාජයේ මේ දෙදෙන බීම තොලගාන අයුරු ඉඳහිට දක්නට ලැබෙනවා.

අල්-එටිෆාක් පාපන්දු සමාජය පිහිටි සෞදියේ ඩමාම් නගරය වෙත බහරේන් දේශ සීමාව හරහා තිබෙන කෙටි මාර්ගයේ ගමනට ගතවන්නේ මිනිත්තු 35ක් පමණ.
කෙසේ වෙතත් SPL සඳහා පැමිණ සිටින අනෙක් බොහෝ විදේශීය ක්‍රීඩකයන් අතිවිශාල වැටුප් ලබන අයට පමණක් ලබා ගත හැකි ඉතාමත් සැපපහසු හා අධිසුඛෝපභෝගී මට්ටමෙන් ජීවත් වන්නේ සෞදි අරාබියේ. අල්-හිලාල් කණ්ඩායම සමග පවුම් මිලියන 260ක බදු රහිත දෙවසර කොන්ත්‍රාත්තුවක් මත සිටින Neymar ද මීට ඇතුළත්.
 
Ronaldo 2024.02.02
වර්ග අඩි 30,000ක් පමණ විශාලත්වයෙන් යුත් දැවැන්ත විලාවන් හෝ සුඛෝපභෝගී හෝටලවල මේ ක්‍රීඩකයින් ජීවත් වන බවත් රොනාල්ඩෝ සහ ඔහුගේ සහකාරිය වන Georgina Rodriguez මුල සිට ම පදිංචිව සිටින්නේ රියාද් අගනුවර Four Seasons තරු පහේ හෝටලයේ බවත් එම වාර්තාවේ සඳහන්.

විශිෂ්ට ඉඳුම් හිටුම්වලට අමතරව ක්‍රීඩකයන්ට භාවිතා කිරීමට පෞද්ගලික ජෙට් යානා ද තිබෙනවා.

ටැක්සි රථ ගාණට ගුවන් ගමන් සළකනු ලබන අරාබි රාජධානියේ පහළ මට්ටමේ සිටින ක්‍රීඩකයන්ට පවා ඔවුන්ගේ ක්‍රීඩා සමාජයේ හෝ අනුග්‍රාහකයාගේ පෞද්ගලික ගුවන් යානාවල සේවය ලැබෙන අන්දම පිළිබඳව ද The Times වාර්තාවේ දැක්වෙනවා.

වෙනත් රටවල ඇති Novikov හෝ Hakkasan වැනි ලෝක ප්‍රසිද්ධ බොජුන් හල් සෞදියේ අරාබියේ ද තිබෙන අතර මේවායේ එක් කෑම දීසියක මිල පවුම් 600ක් පමණ වනවා. සමහර අවස්ථාවල ජනප්‍රිය ක්‍රීඩකයන්ට ආහාර සපයන්නේ නොමිලයේ.

“ඉල්ලීමක් හෝ ලොකු අවශ්‍යතාවක් ආවොත් ඒවා ලබා දෙන්නේ සීමාවකින් තොරව. සියල්ල සංවිධානය කරලා තියෙන්නේ. සියල්ල පිළියෙල කර සපයනවා.
Ro21 2024.01.02
පැකේජයන් සැලසුම් කර තිබෙන්නේ ක්‍රීඩකයන්ගේ සැපපහසුව වෙනුවෙන් මිසක ඔවුන්ට ගෙදරින් වියෝවීමේ දුක දැනෙන්න නෙවෙයි” එක් මූලාශ්‍රයක් The Times ට කියා තිබෙනවා.

සෞදි වෘත්තීය ලීගය ට හා සෞදි අරාබිය ට ද හොඳ ප්‍රචාරයක් ක්‍රීඩකයන් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ නිල නොවන මට්ටමින්.

මේ වන විට සෞදි වෘත්තීය ලීගයේ ලොකුම නාමය බවට පත්ව සිටින්නේ රොනාල්ඩෝ. ඔහු සහ ඔහුගේ සහකාරිය වන Rodriguez විවාහ වී නැති බැවින් ඔවුන්ට සෞදියේ එක ට ජීවත් වීම සඳහා විශේෂ අවසරයක් අවශ්‍ය වුනා.

ශක්තිමත් මුස්ලිම් ජනගහණයක් සිටින ඉතාමත් කොන්සවටිව් දේශයක්ව තිබියදීත් සෞදි අරාබියේ සමාජමය සීමා කිරීම් ලිහිල් වෙමින් තිබෙන අතර බොහෝ පාපන්දු සුපිරි ක්‍රීඩකයින් ජීවත් වන එළිමහන් තැන්වල මේ සීමාවන් පෙනෙන්නටවත් නැහැ.

මත්පැන් සෞදි අරාබියේ දැඩි ලෙස තහනම්. එහෙත් ක්‍රීඩකයින් ලෙසින් තමන්ට තිබෙන කාර්ය තත්ත්වය මත පාපන්දු ක්‍රීඩකයින් මෙය ප්‍රශ්නයක් ලෙස දකින්නේ නැහැ.
නමුත් ඔවුන්ට මත්පැන් අවශ්‍ය වුනොත්, හොරෙන් ගෙන එමින් හෝ තානාපති සබඳතා මත හෝ ඒවා ලබා ගැනීම පහසු බව එම වාර්තාවේ සඳහන්. ‘Vision 2030’ නමැති සෞදි දර්ශනයේ කොටසක් ලෙසින් ඉදිරි වසරවලදී ජාතික සීමාවන් තවදුරටත් ලිහිල් වීමටයි නියමිතව තිබෙන්නේ.
 
629c6d8418097d3208984c33 vzbomklwnawfkb9hnjujvqlpcwnddthsbcji2efakr9amttcq vgp8skl fw6ogohobpgn9t2a6bxn66mhrtebxg slu u yhr1kcsof qcdeefaopn5pgq651e7ubxfnbjuhfyqakeax6ekw
සෞදි අරාබියේ ස්ථානගතව සිටින පාපන්දු ක්‍රීඩකයින්ට එරට ජනතාව අතිශයින් ගෞරව දක්වන අතර රියාද් හෝ ජෙඩා වැනි ප්‍රදේශවල ගමන් කරන විට ඔවුන්ට සලකනු ලබන්නේ කුමාරයෙකුට මෙන් බව ද එම වාර්තාව කියනවා.

සෞදියේ ජීවිතය මහත් ආස්වාදයක් ලෙසින් බොහෝ ක්‍රීඩකයන් සැළකුවත් සමහර විදේශීය බිරින්දෑවරු හා පෙම්වතියන් තවමත් මේ අරාබි දේශයට පැමිණ නැති බවද මෙහිදී සැළකිය යුතු කරුණක්. මොවුන්ගෙන් තවත් සමහරු වැඩි කැමැත්තක් දක්වන්නේ සෞදියේ සංචාරය කිරීමට පමණයි. එසේත් නැත්නම් සෞදි අරාබිය අසල ඩුබායි රටේදී ඔවුන්ගේ පෙම්බරයන් මුණගැසෙන්න.

නමුත් ක්‍රීඩා කිරීම පිණිස මේ රට ට පැමිණි ක්‍රීඩකයන්ට ලැබෙන්නේ ඉහළ ම තලයේ සත්කාර. ගුවන් තොටුපළට සම්ප්‍රාප්ත වූ මොහොතේදී ඔවුන්ගේ ක්‍රීඩා සමාජ නිළධාරීන් විසින් ඔවුන් පිළිගනු ලැබුවේ ඔවුන්ගේ ජංගම දුරකථනවලට සිම් කාඩ්පත් ලබා දෙමින් බවත් කෑම බීමවලින් පිරුණු මහල් නිවාස වෙත ඔවුන් ගෙන ගියේ ඉන්පසුව බවත් වාර්තා වෙනවා.

සමස්තයක් වශයෙන් ගත් කළ, සෞදියේ ලබන අත්දැකීම ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට බොහෝ ධනාත්මක වී තිබෙනවා. ක්‍රීඩකයන් මාරුවීමේ ජනවාරි කාලයක් ද ක්ෂිතජයේ තිබීම සහ විදෙස් ක්‍රීඩකයන් වෙනුවෙන් වියදම් කිරීම පිණිස සීමාවක් නැති මුදලක් සෞදි වෘත්තීය ලීගයේ ක්‍රීඩා සමාජවලට තිබීම යන කාරණා දෙක එක ට කැටිකර ගත් විට තවත් විදේශීය ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ම මැද පෙරදිග ට එනු දැකීම පුදුමයක් වන්නේ නැහැ.

warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සෞදි පාපන්දු ලීගයේ විදෙස් ක්‍රීඩකයන්ට සීමාවක් නැති සුර සැප | The Leader