The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඩාට්ස් ක්‍රීඩකයිනි......ආඩම්බරයි!

T

The Leader Desk

January 3, 2024 • 8:41 AM

ඩාට්ස් ක්‍රීඩකයිනි......ආඩම්බරයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදියහනේ හොඳම ක්‍රීඩකයන් වන්නේ ඩාට්ස් ක්‍රීඩකයන් බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
  • නිදියහනේදී හොඳම ක්‍රීඩකයින් බවට පත්ව සිටින්නේ ඩාට්ස් ක්‍රීඩකයින් යැයි හෙළි වී තිබෙන්නේ විවාහකයින් හමුවීමේ වෙබ් අඩවියක් කළ සමීක්ෂණයකින්.
  • පිහිනුම් ක්‍රීඩකයින් සියයට 16ක්ද, පාපන්දු ක්‍රීඩකයින් සියයට 14ක්ද ලබා ගත්තා.
  • මේ අතර ටේබල් ටෙනිස් ක්‍රීඩාවට ලැබී තිබුනේ සියයට 1ක් පමණ යි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදහසකගේ ඡන්ද විමසීමෙන් පසුව ඩාට්ස් (Darts) ක්‍රීඩකයින් පිහිනුම් හා පාපන්දු ක්‍රීඩකයන් අභිබවා ගොස් සිටිනවා.

නිදියහනේදී හොඳම ක්‍රීඩකයින් බවට පත්ව සිටින්නේ ඩාට්ස් ක්‍රීඩකයින් යැයි හෙළි වී තිබෙන්නේ විවාහකයින් හමුවීමේ වෙබ් අඩවියක් කළ සමීක්ෂණයකින්.

විවාහකයින් අතර අයථා හමුවීම් සඳහා වන illicitencounters.com වෙබ් අඩවිය බ්‍රිතාන්‍ය ජාතිකයින් 2,000ක් සම්බන්ධ කරගෙන 2022 වසරේ පැවැත්වූ ඡන්ද විමසීමකදී ඩාට්ස් ක්‍රීඩාවේ‌ යෙදෙන ක්‍රීඩකයින් පෙරමුණට පිවිස ඇත්තේ සියයට 19ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.

sid waddell trophy 61d393b6144af
ඔවුන් පරාජය කළේ මේ ඡන්ද විමසීමේදී ඉහළ ම ස්ථාන තුන ට පිවිසි අනෙක් ක්‍රීඩා දෙක වන පිහිනුම් හා පාපන්දු. පිහිනුම් ක්‍රීඩකයින් සියයට 16ක්ද, පාපන්දු ක්‍රීඩකයින් සියයට 14ක්ද ලබා ගත්තා.

මේ අතර ටේබල් ටෙනිස් ක්‍රීඩාවට ලැබී තිබුනේ සියයට 1ක් පමණ යි. මේ ඡන්ද ලැයිස්තුවේ ඉහළ ම 10 දෙනාගෙන් අන්තිමයා වුනේ ටේබල් ටෙනිස් ක්‍රීඩකයින්. බොක්සිං සියයට 6ක්ද, ක්‍රිකට් සියයට 4ක්ද ලබා ගත්තා.

මේ ඡන්ද ප්‍රතිඵලවලට බොහෝ දෙනෙක් විස්මය දක්වනු ඇත්තේ පසුගිය වසර කිහිපය මුළුල්ලේ ඩාට්ස් ක්‍රීඩකයින්ට ලැබී තිබෙන්නේ නරක ප්‍රසිද්ධියක් නිසා.

darts

ඩාට්ස් ක්‍රීඩාව මුලින් ම ආරම්භ වුනේ අවන්හලේ ක්‍රීඩාවක් ලෙසින්. ක්‍රීඩකයින් වේදිකාවේ මධුවිත පානය කරමින්, දුම් බොමින් සිටිනු දක්නට ලැබුනු මේ ක්‍රීඩාවේ ජනප්‍රියත්වය කෙමෙන් වැඩි වුනේ 1980 හා 90 වකවානුවේ. නමුත් වර්තමාන සුපිරි ක්‍රීඩකයින් විසින් ඩාට්ස් ක්‍රීඩාවට තිබෙන පිළිගැනීම වෙනස් කරමින් එය සරාගී ක්‍රීඩාවක් බවට පත්කර ගෙන තිබෙනවා.

Jocky Wilson හා Eric Bristow මේ ක්‍රීඩාවේ පූර්ණ පුරාවෘත්තයන් වුනත් ඔවුන් හොඳම මානව ආදර්ශයන් නොවූ බව illicitencounters.com ප්‍රකාශයෙක් පවසනවා.

“මේ දවස්වල ඩාට්ස් ක්‍රීඩකයන් පිහිනුම් හා පාපන්දු ක්‍රීඩකයන්ගෙන් මැන්ටලය උදුරා ගෙන තිබෙන බවක් දිස්වෙනවා. මෙකද, සාමාන්‍යයෙන් වැඩියෙන් ම සරාගී ක්‍රීඩාවන් ලෙසින් ඡන්ද ලබා ගන්නේ පිහිනුම් හා පාපන්දු බැවින්” යැයි එම ප්‍රකාශකයා කියනවා.

240102121900 02 world darts championship fans 010123
මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන තවත් ඉතාමත් ආකර්ෂණීය ඩාට්ස් ලෝක ශූරතාවලියක් මධ්‍යයේ ඩාට්ස් ක්‍රීඩකයන් මේ සමීක්ෂණයෙන් ඉතාමත් සතුට ට පත්වනු ඇත්තේ ඔවුන්ගේ ක්‍රීඩාව තව තවත් ව්‍යාප්ත වෙමින් තිබෙන නිසා.

ලෝක ඩාට්ස් ශූරතාවලිය දැන් අද රාත්‍රියේ පැවැත්වෙන අවසාන මහා තරගය දක්වා පැමිණ තිබෙන අතර මේ තරගාවලිය නැරඹීම පිණිස ඩාට්ස් ක්‍රීඩා ලෝලීන් පසුගිය දින කිහිපය තිස්සේ ම ලන්ඩනයේ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ පිහිටි විනෝදයේ හා ක්‍රීඩාවේ ප්‍රධාන ඉසව්වක් වන Ally Pally ලෙසින් ප්‍රචලිත Alexandra Palace වෙත ඇදී එමින් සිටින්නේ රොදබැඳ ගෙන.

bfd9275e 17a6 44c9 9c67 3dc6120b898a

Luke Littler - Luke Humphrie

ඩාට්ස් ලෝක කුසලාන අවසාන තරගය අද පැවැත්වෙන්නේ ලූක් (Luke)ලා දෙදෙනෙක් අතර. එය මීළඟට ලියැවෙන කතාව යි.



නිදියහනේ හොඳම ක්‍රීඩකයන් දස දෙනා (illicitencounters.com 2022 සමීක්ෂණයට අනුව)

1.ඩාට්ස් - සියයට 19
2.පිහිනුම් - සියයට 16
3.පාපන්දු - සියයට 14
4.බැඩ්මින්ටන් - සියයට 12
5.රග්බි - සියයට 11
6.ටෙනිස් - සියයට 10
7.රුවල් ඔරු පැදීම - සියයට 7
8.බොක්සිං - සියයට 6
9.ක්‍රිකට් - සියයට 4
10.ටේබල් ටෙනිස් - සියයට 1

සටහන :
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා නෙස්ලේ අර්ධ මැරතන් ජයග්‍රාහකයා රත්නපුර විද්‍යාරාජ  විදුහලෙන්(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...