The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලූක්ලාගේ ලෝක ශූරතා ඩාට්ස් අවසාන තරගය අද රාත්‍රියේ ලන්ඩනයේදී

T

The Leader Desk

January 3, 2024 • 3:50 PM

ලූක්ලාගේ ලෝක ශූරතා ඩාට්ස් අවසාන තරගය අද රාත්‍රියේ ලන්ඩනයේදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලන්ඩනයේදී අද රාත්‍රියේ පැවැත්වෙන ලෝක ඩාට්ස් ශූරතාවලියේ අවසාන මහා තරගය ලූක්ලා දෙදෙනෙක් අතර සටනක්.
  • 2019 වසරේ අවන්හලකදී ලිට්ල ට හම්ෆ්‍රස් මුණගැසී තිබෙන අතර එම අවස්ථාවේ දෙදෙනා අතර පැවති ඩාට්ස් තරගයෙන් ලිට්ල පරාජය වී තිබෙනවා.
  • වයස අවුරුදු දහසයක් පමණක්ව තිබියදී ඇදහිය නොහැකි දක්ෂතාවකින් පසුව අවසාන මහා තරගයට පිවිසි ලූක් ලිට්ල සංවේදනීය ක්‍රීඩකයා මේ තරගාවලියේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව සිටිනවා.
  • නව යොවුන් ක්‍රීඩක ලූක් ලිට්ල අවසන් තරගයට පිවිසීම පිණිස 6-2කින් ක්‍රොස් පැරද වූ අතර හම්ෆ්‍රස් අවසාන තරගයට සුදුසුකම් ලැබුවේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ස්කොට් විලියම්ස් (Scott Williams) පරාජය කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


වර්තමානයේ ලොව අංක 1 ඩාට්ස් ක්‍රීඩකයා ලෙසින් ශ්‍රේණිගතව සිටින 28 හැවිරිදි ලූක් හම්ෆ්‍රස් (Luke Humphries) හා 16 හැවිරිදි නවක ක්‍රීඩක ලූක් ලිට්ල (Luke Littler) අතර පැවැත්වෙන මේ තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ තරගයේ විශේෂත්වය වන්නේ සිය ප්‍රතිවාදියා ලූක් ලිට්ල ට හුරුපුරුදු කෙනෙකු වීම නිසා. 2019 වසරේ අවන්හලකදී ලිට්ල ට හම්ෆ්‍රස් මුණගැසී තිබෙන අතර එම අවස්ථාවේ දෙදෙනා අතර පැවති ඩාට්ස් තරගයෙන් ලිට්ල පරාජය වී තිබෙනවා. එදා ඒ පරාජයේ වාඩුව අද ගැනීමට ලූක් ලිට්ල මහත් ආශාවෙන් සිටින අතර දෙදෙනාගේ පරණ හමුවීමේ ඡායාරූපයක් සිවු වසරකට පසුව ඔවුන් යළි මුණගැසෙන මේ අවස්ථාවේ මතුවීම විස්මිත සිදුවීමක්.

xcfgdfgdf

වයස අවුරුදු දහසයක් පමණක්ව තිබියදී ඇදහිය නොහැකි දක්ෂතාවකින් පසුව අවසාන මහා තරගයට පිවිසි ලූක් ලිට්ල සංවේදනීය ක්‍රීඩකයා මේ තරගාවලියේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව සිටිනවා. අවසන් තරගය දක්වා පැමිණි ගමනේදී රේමන්ඩ් වැන් බානිවෙල්ඩ් (Raymond van Barneveld) සහ රොබ් ක්‍රොස් (Rob Cross) යන හිටපු ශූරයින් ලිට්ල විසින් පරාජය කර තිබෙන්නේ ලෝක ඩාට්ස් ශූරතාවලිය පැවැත්වෙන Ally Pally තරග බිමේ සුරංගනා කතාවක බඳු ක්‍රීඩාවක නිරත වෙමින්.

නව යොවුන් ක්‍රීඩක ලූක් ලිට්ල අවසන් තරගයට පිවිසීම පිණිස 6-2කින් ක්‍රොස් පැරද වූ අතර හම්ෆ්‍රස් අවසාන තරගයට සුදුසුකම් ලැබුවේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ස්කොට් විලියම්ස් (Scott Williams) පරාජය කරමින්. අද පැවැත්වෙන අවසාන තරගයේ ජයග්‍රාහකයාට පවුම් 500,000ක විශාල ත්‍යාගයක් හිමිවන අතර අනුශූරයාට ලැබෙන ත්‍යාගය පවුම් 200,000ක්.

මීට සිවු වසරකට පෙර ලූක් ලිට්ල ට ලූක් හම්ෆ්‍රස් මුණගැසෙන විට ලිට්ලගේ වයස අවුරුදු 12 යි. හම්ෆ්‍රස් ට 24 යි.

ලිට්ල විසින් ඔහුගේ Twitter ගිණුමේ පළකර තිබෙන අතීතයට දිවෙන ඡායාරූපයේ දිස්වන්නේ පුංචි ලිට්ල හා හම්ෆ්‍රස් හේලිං දූපතේ (Hayling Island) පැවති තරගයකදී ක්‍රීඩා කිරීමෙන් පසුව එකට සිටගෙන සිටින අයුරු.

xcgsdg
‘ඊයේ රාත්‍රී හේලං දූපතේ පැවති තරගාවලියක අර්ධ අවසන් පූර්ව තරගයේදී ලූක් හම්ෆ්‍රස් ට පැරදුනත් මම එයාට හොඳ සටනක් දුන්නා” යනුවෙන් ලිට්ල 2019 නොවැම්බරයේදී සමාජ මාධ්‍යයේ ලියා තිබුනා.

හම්ෆ්‍රස් වෙතින් එදා ලැබූ ඒ පරාජයේ වාඩුව ගත හැකි හොඳම අවස්ථාව ලිට්ල ට අද උදාවී තිබෙන්නේ ලෝක කුසලාන අවසාන තරග වේදිකාවේ වීම විශේෂ සිදුවීමක්. ලූක් ලිට්ලගේ නම දැන් බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ මුවග රැඳුනු නාමයක් බවට පත්වෙලා.

“මම මගේ පළවෙනි ම ලෝක මට්ටමේ තරගයේදී ලෝක ශූරතාවලියේ අවසාන තරගයට ඒවි කියා මම කොහෙත්ම හිතුවේ නැහැ” යැයි ලිට්ල පවසනවා.

bfghfgh
ලූක් හම්ෆ්‍රස් මේ වසරේ තරගාවලියට ජනප්‍රිය ක්‍රීඩකයා ලෙසින් පැමිණියේ ලෝක ග්‍රොන් ප්‍රී තරගාවලියේ පවුම් 120,000ක ත්‍යාගය දිනා ගැනීම ඇතුළු රේස් ධාවන පථයේ විශිෂ්ට වසරකින් පසුව. ඔහු අද රාත්‍රියේ ඔහුගේ අවසන් ප්‍රතිවාදියා කෙරෙහි මෙසේ අවධානය යොමු කළා.


“ලිට්ල ක්‍රීඩා කර තිබෙන ආකාරය මම ගොඩක් දැකලා තියෙනවා. මේ අන්දමේ වේදිකාවකට පිවිසෙන විට තරගය ගොඩක් අසීරු වෙන්න ඉඩ තියෙනවා. නමුත් එයා ළඟ ලොකු සටනක් තිබෙන බව එයා ඔප්පු කර තිබෙනවා.”
“ඔහු කිසිම දෙයකින් සැලෙන්නේ නැහැ. ඔහු අවසන් පූර්ව තරගයේ ක්‍රීඩා කළ ආකාරයට අවසාන තරගයේත් ක්‍රීඩා කළොත් එයාව සසල කරන්න කිසිම දෙයකට පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා එයාව පරද්දන්න නම් මට මගේ ජීවිතයේ හොඳම ක්‍රීඩාව කරන්න සිද්ධ වෙනවා.”


ඩාට්ස් ක්‍රීඩා ලෝලීන් ට ඔවුන් මෙතෙක් දුටූ හොඳම ලෝක ශූරතා අවසන් සටන ලබා දීමට අප දෙදෙනා ට හැකි වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද හම්ෆ්‍රස් කියා සිටියා.

zxdgfsert
“මම ලෝකයේ අංක 1 ට ඒවි කියා මම කවදාවත් හිතුවේ නැහැ. එය විශේෂිත හැඟීමක්.”

“නමුත් ලෝකයේ අංක 1 තත්ත්වය මාස දෙක තුනකට රැඳී තිබේවි. නමුත් ‘ලෝක ශූරයා’ සදහටම තියෙන දෙයක්. ඒ නිසා ලිට්ල ට එරෙහිව මට තිබෙන්නේ දැවැන්ත කාර්යයක්.”

අවසාන තරගයේදී හම්ෆ්‍රස් සමග ඇත්තේ තියුණු සටනක් වුවද තරගයට පෙර තිබුනු තමාගේ ජීවන රටාව තමා වෙනස් නොකරණ බව ලූක් ලිට්ල අවධාරණය කළා.


“මම වෙනදා කරමින් සිටි දේවල් ම කරනවා” යනුවෙන් අවසන් පූර්ව ජයග්‍රහණයෙන් පසුව ලිට්ල කියා සිටියා. “උදේට මම හැම් සහ චීස් ඔම්ලට් එකක් කන්න එළියට යනවා. ඊට පස්සෙ මෙතනට ඇවිත් පීසා එකක් කනවා. ඊටත් පස්සෙ පුහුණු වෙනවා. මම හැමදාම කළෙත් ඒක ම යි.”


ලූක් හම්ෆ්‍රස් සිය ක්‍රීඩා දිවියේ ඉහළට ගිය මෑත වසර තුළ ඔහුගේ ශරීරයේ පරිවර්තනයක් සිදුවී තිබෙන්නේ විස්මිත ලෙසින්. විසිඅට හැවිරිදි ඔහු මෑතකදී අත්කර ගත් ක්‍රීඩා සාර්ථකත්වයන්ට හේතුව ලෙසට පෙන්වා දී තිබෙන්නේ 2021 සිට ස්ටෝන් හතරකට වැඩි බරක් අඩුකර ගත් තමාගේ ශරීරයේ සිදුවූ පුදුමාකාර වෙනස්වීම.

මේ ඩාට්ස් සුපිරි තරුව පුදුම සහගත අයුරින් ඔහුගේ ශරීරය කෙට්ටු කරගෙන සිටින අන්දම හම්ෆ්‍රස්ගේ සමාජ මාධ්‍ය පිටුවල තිබෙන ඡායාරූපවලින් පෙනෙනවා.

මේ අතර ලෝක ශූරතාවලියේ අවසන් පූර්ව තරගයෙන් ලිට්ල ට පරාජය වීමෙන් පසුව 2018 ලෝක ශූර රොබ් ක්‍රොස් තමා ට දුන් වචන අටේ පණිවුඩය කුමක්දැයි ලූක් ලිට්ල හෙළි කර තිබෙනවා.

“එයා මට මෙහෙම කිවුවා.”

God Bless, I respect you and do it. 



සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...