The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වේදනාත්මක පරාජයකින් අවසන් වුනු ලූක් ලිට්ල වීර කාව්‍යය

T

The Leader Desk

January 4, 2024 • 9:48 AM

වේදනාත්මක පරාජයකින් අවසන් වුනු ලූක් ලිට්ල වීර කාව්‍යය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හද ගැහෙන ප්‍රමෝදමත් ලන්ඩන් රාත්‍රියක තම පෙම්වතා ලෝක ඩාට්ස් ශූරතාවලියේ අවසාන තරගයේ පරාජය වන අයුරු පෙම්වතිය බලා සිටියේ කඳුළු පිරි දෑසින්.
  • එලොයිස් මේ තරගාවලිය පුරා ම ඇගේ පෙම්වතා දිරිගන්වන ආධාරකරුවෙක් බවට පත්ව සිටියේ ඔහුගේ පවුලේ අය සමග කල් ගත කරමින් ලූක් ලිට්ලගේ ඓතිහාසික ගමන මුළුල්ලේ ඔහුට ‘චියර්’ කරමින්.
  • ලිට්ල අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ අවස්ථාවේදී ඇය ඇගේ ආඩම්බරය ප්‍රදර්ශනය කළේ සිහිනය දිග ට ම යන බව ‘ඉන්ස්ටග්‍රෑම්’හි මෙසේ සටහන් කරමින්.
  • ඩාට්ස් හා FIFA පරිඝණක ක්‍රීඩාවන්ට තිබෙන අන්‍යෝන්‍ය ආදරය මත ඇතිවූ ලිට්ල හා මිල්බර්න්ගේ ආදර අන්දරය අසමසම එකක්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

Ally Pally තරග බිමේ ඊයේ පැවති සිත් වසඟ කරවූ ලෝක ඩාට්ස් ශූරතා අවසන් තරගයේදී 16 හැවිරිදි ලූක් ලිට්ල 4-2කින් පෙරමුණේ සිටියත් ඔහුගේ ප්‍රතිවාදියා වූ ලොව අංක 1 ක්‍රීඩක ලූක් හම්ෆ්‍රස් යළි නැගිට සිටීම නිසා මේ ශූරතාවලියේ ආදරණීය ක්‍රීඩකයා බවට පත්ව සිටි ලිට්ල අවසානයේ 7-4ක පරාජයක් ලැබුවා.

79594457 12924317 image a 11 1704324892767

උද්යෝගිමත් ඩාට්ස් ක්‍රීඩිකාවක වන 21 හැවිරිදි එලොයිස් මිල්බර්න් (Eloise Milburn) ඇගේ පෙම්වතා වන ලිට්ලගේ කීර්තියේ සිහිනය බිඳ වැටීම නිසා සිටියේ  බලාපොරොත්තු සුන් වූ දුක්මුසු ලීලාවෙන්.

එලොයිස් මේ තරගාවලිය පුරා ම ඇගේ පෙම්වතා දිරිගන්වන ආධාරකරුවෙක් බවට පත්ව සිටියේ ඔහුගේ පවුලේ අය සමග කල් ගත කරමින් ලූක් ලිට්ලගේ ඓතිහාසික ගමන මුළුල්ලේ ඔහුට ‘චියර්’ කරමින්.

kiss6r765

ඔහු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී බ්‍රෙන්ඩන් ඩොලාන් පරාජය කිරීමෙන් පසුව ලිට්ල හා එලොයිස් බෙදා ගත් රාගයෙන් මත්වූ හාදුව සමාජ මාධ්‍ය හරහා පැතිර ගියේ විදුලි වේගයෙන්.

ලිට්ල අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ අවස්ථාවේදී ඇය ඇගේ ආඩම්බරය ප්‍රදර්ශනය කළේ සිහිනය දිග ට ම යන බව ‘ඉන්ස්ටග්‍රෑම්’හි මෙසේ සටහන් කරමින්.

The dream carries on!

ඩාට්ස් හා FIFA පරිඝණක ක්‍රීඩාවන්ට තිබෙන අන්‍යෝන්‍ය ආදරය මත ඇතිවූ ලිට්ල හා මිල්බර්න්ගේ ආදර අන්දරය අසමසම එකක්.

දෙදෙනාගේ සබඳතාව දළු ලා වැඩුනේ Xboxවලින්. එකිනෙකාට සැතපුම් 200ක් දුරින් ජීවත් වුනත් මේ දෙදෙන දැන් සති හයකට වැඩි කාලයක සිට නිතර මුණගැසෙමින් සිටිනවා.

TELEMMGLPICT000361445882 17042898763110 trans NvBQzQNjv4BqaNWZx5iYGvryp0mynD NN9 tjG6JnQdruC3gpq1TLZU
ආධුනික ඩාට්ස් ක්‍රීඩිකාවක වන එලොයිස් ඇගේ නිවස සමීපයේ පිහිටි Walton Working Men’s Club හි ක්‍රීඩා කරන අතර Surrey Women’s Darts කණ්ඩායම ද නියෝජනය කරනවා.

“ලූක් වගේම එලොයිස් ද ඩාට්ස් හා FIFA ක්‍රීඩා කිරීමට ආසයි. ඒ දෙන්නා අතර පොදු දේවල් ගොඩක් තියෙනවා. ඔවුන් කතා කරන්න පටන් ගත්තේ Xboxවලින්. එතන ඉඳන් සම්බන්ධය දියුණු වුනා” යනුවෙන් දෙදෙනාගේ මිතුරෙක් පවසනවා.

“ඇය හොඳ කෙල්ලෙක්. ඩාට්ස් හා FIFA තරග ක්‍රීඩා කිරීමේ සතුටුදායක හැකියාවක් ඇයට තිබෙනවා. ලූක් ද මේ ක්‍රීඩා දෙක ට ම ලොකු ඇල්මක් දක්වන නිසා මේ දෙන්නා හොඳට ගැළපෙන ජෝඩුවක් කියලා කියන්න පුළුවනි. ඔහුගේ සාර්ථකත්වයන් ගැන ඇය හරියට ආඩම්බර වෙනවා. ඇය ඔහුට නිතර ම සහයෝගය දක්වනවා.”

එලොයිස් ජීවත් වන්නේ ඇගේ මවුපියන් වන ෆිල් හා අමන්ඩා සමග. මෑතකදී ඇය ඇගේ රූපලාවන්‍ය උපදේශිකා රැකියාව සමග Hersham Golf Club හි බාර් කවුන්ටරයේ රැකියාවක් ද එකතු කරගෙන සිටිනවා.

ලිට්ල සමග ඇගේ පෙම්බැඳුම එංගලන්ත ජාතික හදවත් දිනා ගෙන තිබෙන්නේ විශේෂයෙන් ඔවුන් එම ප්‍රේම සම්බන්ධය පවත්වා ගෙන යන උඩඟු නැති නිහතමානී ආකාරය නිසාවෙන්.



එලොයිස්ගේ පෙම්වතා තරගාවලියේ අනුශූරයා වීමෙන් පසුව පෙර ට වඩා දැන් පවුම් 200,000කින් පොහොසත්. මානසිකව වේදනාත්මක පරාජයෙන් ඔහුට අහිමි වුනේ පවුම් 500,000ක පළමු ත්‍යාගයක්.

ඩාට්ස් ක්‍රීඩාවේ දක්වන දස්කම් නිසා ලෝක ශූරතාවලිය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ දහසය හැවිරිදි ලූක් ලිට්ල German Doner Kebab ක්ෂණික ආහාර බොජුන් හල් දාමයේ පිටිවලින් සැකසූ දවටනයෙන් යුත් මිශ්‍ර මස්වර්ග ඇතුළත් ආහාරයට ලොල් වූ කෙනෙක්.

GC3iyTjXoAAA66b
ලන්ඩනයේ Alexandra Palace හි පැවති ලෝක ශූරතා තරගාවලියේ තරග කරන අතරතුර තමා ලැගුම් ගෙන සිටි හෝටලයේ පිවිසුම් මඟේ තිබෙන බොජුන් හලකින් මේ ආහාරය අනුභව කරමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ඔහු මෑතකදී පළ කර තිබුනා.

Luke the Nuke යන නාමය පටබැඳුනු ලූක් ලිට්ල හරක් මස් හා කුකුල් මස්වලින් යුත් පවුම් 7.99ක් මිලැති මේ දවටන ආහාරය අතකින් ගෙන කෑම රසයෙන් මුසපත් වූ මුහුණින් යුතුව සිටින අයුරු ඒ ඡායාරූපයෙන් දිස්වුනා. ලිට්ල ඔහුගේ ජයග්‍රහණ සැමරුවේ මේ ආහාර අනුභව කරමින්. තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී 2018 ශූර රොබ් ක්‍රොස් පැරදවීමේ ප්‍රීතිය ලිට්ල භුක්ති වින්දේ ද ඔහුගේ මේ ජනප්‍රිය ආහාරයෙන්.

ලූක් ලිට්ල‌ ලෝක ඩාට්ස් ශූරතාවලියට සහභාගි වුනේ එක් තරගයක් පමණක් ජය ගැනීමේ උවමනාවෙන්. නමුත් ඔහු ඔහුගේ ඒ මංගල තරගාවලිය අනුශුරතාවෙන් අවසන් කිරීම ලොකු හාස්කමක්.

ලූක් ලිට්ල වීර කාව්‍යයේ ඇරඹුම පමණයි මේ.

සටහන :
ලූක්ලාගේ ලෝක ශූරතා ඩාට්ස් අවසාන තරගය අද රාත්‍රියේ ලන්ඩනයේදී(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි පුවත :
ලූක්ලාගේ ලෝක ශූරතා ඩාට්ස් අවසාන තරගය අද රාත්‍රියේ ලන්ඩනයේදී


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...