The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වෝනගේ නැතිවුනු තොප්පිය ආපසු ලබා ගන්න ඔස්ට්‍රේලියාව පුරා සෝදිසි මෙහෙයුමක්

T

The Leader Desk

January 4, 2024 • 12:18 PM

වෝනගේ නැතිවුනු තොප්පිය ආපසු ලබා ගන්න ඔස්ට්‍රේලියාව පුරා සෝදිසි මෙහෙයුමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනගේ කොළ පැහැති පිම්බුණු කැප් තොප්පිය සුරක්ෂිතව නැවත ලැබෙන්නට සලස්වන ලෙසට
  • වැදගැම්මකට නැති මිනිහෙක් ඒ තොප්පිය සොරකම් කරන්නට ඇතැයි පියා පවසනවා.
  • “අවාසනාවකට, මගේ තොප්පිය හොයා ගන්න මම දරණ අවසන් උත්සාහය මෙය යි” යනුවෙන් වෝන ප්‍රකාශ කළ ‘ඉන්ස්ටග්‍රෑම්’ වීඩියෝව ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.
  • ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ ලෝක පූජිත දඟ පන්දු යවන්නා වූ ෂේන් වෝන් 2022 වසරේ මිය යාමට පෙර ඔහුගේ කොළ කැප් තොප්පිය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයකට වැඩි මුදලකට (අමෙරිකානු ඩොලර් 676,000) විකුණා දැමුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔස්ට්‍රේලියානු අගමැතිවරයා, ලොව ඉහළ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා වෝනගේ පියා විසින් කරන ලද ඉල්ලීම්වලට තවමත් යහපත් ප්‍රතිඵලයක් ලැබී නැහැ.

වැදගැම්මකට නැති මිනිහෙක් ඒ තොප්පිය සොරකම් කරන්නට ඇතැයි පියා පවසනවා.

කොළ කැප් තොප්පියේ මේ අභිරහස මතු වුනේ වෝන Qantas ඔස්ට්‍රේලියා ජාතික ගුවන් යානයකින් ගිය ගමනක් අතරතුර සිදුවූ මාරුවීමකදී තොප්පිය අතුරුදන් වීමෙන් පසුව එය සොයා ගැනීම පිණිස ඔහු සමාජ මාධ්‍ය වෙත යොමු වීමේදී.

“අවාසනාවකට, මගේ තොප්පිය හොයා ගන්න මම දරණ අවසන් උත්සාහය මෙය යි” යනුවෙන් වෝන ප්‍රකාශ කළ ‘ඉන්ස්ටග්‍රෑම්’ වීඩියෝව ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

පිම්බුණු කොළ කැප් තොප්පිය (baggy green) ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලබා දෙන්නේ අවුරුදු සියයකට වැඩි සම්ප්‍රදායකට අනුව.

මෙය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ සංකේතයක් පමණක් නොව විශ්වාස කළ නොහැකි වටිනාකමක් ද තිබෙන තොප්පියක්.

ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ ලෝක පූජිත දඟ පන්දු යවන්නා වූ ෂේන් වෝන් 2022 වසරේ මිය යාමට පෙර ඔහුගේ කොළ කැප් තොප්පිය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයකට වැඩි මුදලකට (අමෙරිකානු ඩොලර් 676,000) විකුණා දැමුවා.

ad7b8bb6041145c0131d8cc116d71e9b

මේ තොප්පිය තමාගේ දියණියන්ට ගෙන යන ත්‍යාග සමග තමා පිටේ එල්ලා ගෙන යන බෑගයේ තිබුනු බවත් නමුත් පාකිස්තානය සමග බදාදා ඇරඹුනු ටෙස්ට් තරගය සඳහා මෙල්බර්න් සිට සිඩ්නි දක්වා යන ගුවන් ගමනේ මාරුව අතරතුර ඒ සියල්ල අතුරුදන්ව ඇති බවත් වෝන දුකෙන් පවසා සිටියා.

සිය ක්‍රීඩා දිවියේ අවසාන ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීම පිණිස තමා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයට දිව යන විට ඒ තොප්පිය පැළඳ සිටීමට ඩේවිඩ් වෝන සැලසුම් කරගෙන සිටි බැවින් එය අතුරුදන් වී ඇත්තේ ඉතා ම නරක වෙලාවක.

“කවුරු හරි මගේ ගමන් මළුවල තිබුණු පිටේ එල්ල ගෙන යන බෑගය අරගෙන තියෙනවා. මගේ කොළ බැගී තොප්පිය තිබුනේ ඒ බෑගය ඇතුලේ. එය මට හැඟීම් බර වූ දෙයක්. ඒක ආපහු ලබා ගන්න මම බොහොම කැමතියි” වෝන ‘ඉන්ස්ටග්‍රෑම්’ වීඩියෝවෙන් කියා සිටියා.

වෝනගේ මේ අවාසනාවන්ත තත්ත්වය කනවැකුණු පාකිස්තාන ක්‍රිකට් නායක ෂාන් මසූඩ්, වහාම රට පුරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටියා.

de434188b971b43bbd6db9a412086e59
“ඒ තොප්පිය ආපසු ලබා ගන්න අපට දක්ෂතම රහස් පරීක්ෂකයන් අවශ්‍ය වන්න ඉඩ තියෙනවා. මොකද, ඩේවිඩ් වෝන යනු ක්‍රිකට් ක්‍රීඩාවේ අතිවිශිෂ්ට තානාපතිවරයෙක් නිසා සෑම ගෞරවයක් ම ඔහුට අයිතියි. ඔහුගේ ඇදහිය නොහැකි දස්කම් පිරි ක්‍රීඩා ජීවිතයේ අවසාන තරගය උත්සවාකාරයෙන් සමරන්න ඔහු ඉතාම සුදුස්සෙක් වන නිසා මේ තොප්පිය වහාම සොයා ගත යුතුයි” මසූඩ් තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී පැවසුවා.

මෙය ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ට ද ඇසෙන්නට ඇත. මක්නිසාද යත්, ඔහු නව වසරේ ඔහුගේ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ කළේ එම තොප්පිය පිළිබඳව විශේෂ සඳහනක් කරමින් හා එය නැවත ලබා දෙන ලෙසට ඉල්ලීමක් කරමින්.

“ඩේවිඩ් වෝන තරග සියයකට වැඩියෙන් ඔස්ට්‍රේලියාව නියෝජනය කර තිබෙනවා. බැගී කොළ තොප්පි අයිති එයාට. ඔහු ඒවා හම්බ කර ගෙන තිබෙන නිසා ඒවා නැවත ලැබිය යුතුයි” අගමැතිවරයා ප්‍රකාශ කළා.

dl.beatsnoop.com ghflmdkfjm
මුළු රට ම මේ ගැන අවධියෙන් සිටියදී වෝනගේ පියා වන හොවාඩ් අනාවැකි පළ කරන්නේ තොප්පිය නැවත මතු වීම කාලයාගේ ප්‍රමාදයක් පමණක් බව කියමින්.

දේශීය ගුවන්විදුලියකට කතා කරමින් ඔහු මෙසේ පැවසුවා: “මේ තොප්පිය ගත්ත, කිසිම වැදගැම්මකට නැති මොකා වුනත්, එයාට ඒක ළඟදීම අතහරින්න සිද්ධ වෙනවා. ඒක කොහෙ හරි දාලා තිබිලා හොයා ගන්න ලැබේවි.”

කොළ කැප් තොප්පිය ඊයේ වන විට ලැබී නොතිබුනු අතර වෝන ඔහුගේ අවසාන ටෙස්ට් තරගය සඳහා පැළඳුවේ ආදේශන තොප්පියක්. මෙය ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝන වමත් පිතිකරුවාගේ 112 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය යි.

සටහන :
වේදනාත්මක පරාජයකින් අවසන් වුනු ලූක් ලිට්ල වීර කාව්‍යය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වෝනගේ නැතිවුනු තොප්පිය ආපසු ලබා ගන්න ඔස්ට්‍රේලියාව පුරා සෝදිසි මෙහෙයුමක් | The Leader