The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඩාට්ස් ක්‍රීඩා තරුවගේ පෙම්වතියට චෝදනා

T

The Leader Desk

January 5, 2024 • 11:14 AM

ඩාට්ස් ක්‍රීඩා තරුවගේ පෙම්වතියට චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩාට්ස් ක්‍රීඩා සුපිරි තරුව වන ලූක් ලිට්ලගේ ප්‍රේම වෘත්තාන්තයේ තිබෙන වයස් පරතරය නිසා ඔහුගේ පෙම්වතිය සමාජ මාධ්‍යයේ අපහාස කරන්නන්ගේ ඉලක්කයක් බවට පත්ව සිටිනවා.
  • ලිට්ලගේ වයස අවුරුදු 16ක් වන අතර ඔහුගේ පෙම්වතිය වන එලොයිස්ගේ වයස අවුරුදු 21ක්.
  • ලිට්ල මේ මස 21 වැනිදා 17 වැනි වියට පා තබනවා.  එලොයිස් ද ඩාට්ස් ක්‍රීඩිකාවක්.
  • එම තරගාවලියේ අනුශූරයා බවට පත්වූ ලූක් ලිට්ල ලෝක ඩාට්ස් ශූරතාවලියක අවසාන තරගයට පිවිසුනු වයසින් අඩු ම ක්‍රීඩකයා ලෙස ඉතිහාසගතව සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත් එලොයිස් මිල්බර්න්ගේ මව මේ නින්දිත අපවාදයන් හමුවේ තම දියණිය වෙනුවෙන් පෙනී සිටිමින් දෙදෙනා අතර තිබෙන ප්‍රේමයේ වයස් පරතරය අනුමත කර තිබෙනවා. 

සිය හපන්කම්වලින් ඩාට්ස් ක්‍රීඩා ලෝලීන් වසඟයට ගැනීමෙන් පසුව නව යොවුන් ක්‍රීඩක ලූක් ලිට්ල ලෝ පතල නාමයක් බවට පත්වුනා. ඔහු දැන් ලෝක ඩාට්ස් අනුශූරයා යි.

ලිට්ලගේ වයස අවුරුදු 16ක් වන අතර ඔහුගේ පෙම්වතිය වන එලොයිස්ගේ වයස අවුරුදු 21ක්. ලිට්ල මේ මස 21 වැනිදා 17 වැනි වියට පා තබනවා. 

kiss6r765
එලොයිස් ද ඩාට්ස් ක්‍රීඩිකාවක්. ඇගේත් ලිට්ලගේත් ප්‍රේම කතාව ට තවමත් ගතව තිබෙන්නේ සති හයක කාලයක් පමණ යි.

Xboxවලින් FIFA තරග ක්‍රීඩා කරද්දී මුණගැසුනු මේ දෙදෙනාගේ ප්‍රේම වෘත්තාන්තය ප්‍රසිද්ධියට පත්වුනේ ලන්ඩනයේ Alexandra Palace හි පැවති ලෝක ඩාට්ස් ශූරතාවලියේදී. එම තරගාවලියේ අනුශූරයා බවට පත්වූ ලූක් ලිට්ල ලෝක ඩාට්ස් ශූරතාවලියක අවසාන තරගයට පිවිසුනු වයසින් අඩු ම ක්‍රීඩකයා ලෙස ඉතිහාසගතව සිටිනවා.

අවසාන තරගයේදී ලිට්ල ජයග්‍රහණය කළා නම් ඔහුට අගනා කුසලානයට අමතරව පවුම් 500,000ක් හිමිකර ගැනීමට අවස්ථාව තිබුනත් පරාජය නිසා ඔහුට ලැබුනේ පවුම් 200,000ක දෙවැනි ත්‍යාගය.



මේ මුදල් කන්දරාව නිසා ලිට්ල ට වඩා අවුරුදු පහකින් වැඩිමල් එලොයිස් ට සමාජ මාධ්‍යයේ දුෂ්ටයන් පරිභව කරන්නට පටන් ගත්තේ ඇය ඔහුගේ මුදල්වලට කෑදරකමෙන් ප්‍රේම සබඳතාවක් ඇතිකර ගත් බවට චෝදනා කරමින්. නමුත් එලොයිස්ගේ මව වන අමන්ඩා ඊට තදින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

තම දියණිය වන එලොයිස්ගේ අලුත් පෙම්වතා ලිට්ල අමන්ඩා ට තවමත් මුණගැසී නැහැ. නමුත් ඔවුන්ගේ එක්වීම සම්බන්ධයෙන් සතුට පළ කරන ඇය දිනෙක දෙන්නා විවාහ වීමට පවා ඉඩ තිබෙන බව‌ට අඟවා තිබෙනවා.

el

අමන්ඩා මෙසේ කියනවා: “අපි ඩාට්ස් ක්‍රීඩා කරන පවුලක්. අපි මේ ක්‍රීඩාව කරන්නේ මහත් ආසාවෙන් හා කැපවීමකින්. මට මගේ සැමියා හමුවුනේත් ඩාට්ස් ක්‍රීඩාව හරහා වීම දෛවෝපගත කාරණයක්. මගේ එලොයිස් දුවටත් ඒ විදිය ට ම ඇගේ සැමියාත් මුණගැසී තියෙනවා වෙන්න පුළුවනි. කොහොමටත් ඒක දැන් ම කියන්න බැරි තරමට ඒ දෙන්නාගේ සම්බන්ධය අලුත්. විවාහයක් ගැන කතාවක් මතු කළොත් දුව මාව මරාවි.”

එලොයිස් ඇගේ පවුලේ සාමාජිකයින් මෙන්ම ඩාට්ස් ක්‍රීඩාවට ඇළුම් කරන අතර ඇය එංගලන්තයේ සරේ ප්‍රාන්ත කාන්තා ඩාට්ස් කණ්ඩායමේ ක්‍රීඩිකාවක්.

ඔහු Warrington හා ඇය Surrey වශයෙන් සැතපුම් 200ක් දුරින් වෙන්ව වාසය කළත් ඩාට්ස් තරගාවලියන්හිදී දෙදෙනා එක්ව කාලය ගත කරමින් විනෝද වනවා.

TELEMMGLPICT000361434716 17042908056980 trans NvBQzQNjv4BqOJkU1S5ptq8w1t8DrVezkJdg2jgP321QEm Hk0LxUtQ
එලොයිස් ට නොයෙකුත් චෝදනා එල්ල වී තිබෙන බව පවසන මව අමන්ඩා තම දියණිය ලිට්ල සමග සිටින්නේ ඔහුගේ මුදල ට හා ජනප්‍රියත්වය ට පමණක් බවට වන බැණුම් හා අපහාස ප්‍රතික්ෂේප කරන්නේ ඒවා සම්පූර්ණයෙන්ම පිළිකුල් සහගත බව පවසමින්.

“සමාජ මාධ්‍යවල මගේ දුව ගැන අප්‍රසන්න දේවල් බොහොමයක් පළකර තියෙනවා. මගේ සැමියා ෆිල් සහ මම ඉන්නේ ඒ ගැන හරිම තරහින්. දුව ලිට්ල සමග ඉන්නේ එයාගෙන් සල්ලි ඩැහැ ගන්නවත් ඔය කියන වෙනත් හේතුවක් නිසාවත් නෙවෙයි. ලිට්ලගේ මුදල් ගැනවත් ජනප්‍රියත්වය ගැනවත් එලොයිස් ට එච්චර ගාණක් නැහැ. මගේ දුව ලිට්ලත් එක්ක ඉන්නේ එයා ඔහුට කැමති නිසායි. එය එතරම් ම සරල යි.”

0 eloise

“මේ නින්දිත ප්‍රකාශ කියවීමෙන් අපට ලොකු වේදනාවක් දැනෙනවා. මේවායින් ගොඩක් එන්නේ ඩාට්ස් ක්‍රීඩා ලෝලීන් යැයි කියා ගන්නා අයගෙන්. මේ අධම මිනිසුන් කියන අන්දමේ කිසිම කෙනෙක් නෙවෙයි මගේ දුව. ඇය අලුත් සම්බන්ධතාවක යෙදී සිටින ආදරණීය තරුණ කෙල්ලෙක් විතරයි. එයාලට ඒ අයගේ දේවල් කර ගන්න මිනිස්සු ඉඩ දිය යුතුයි” මව අමන්ඩා වැඩිදුරටත් කියා සිටිනවා.

සටහන :
වෝනගේ නැතිවුනු තොප්පිය ආපසු ලබා ගන්න ඔස්ට්‍රේලියාව පුරා සෝදිසි මෙහෙයුමක්(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි පුවත් :
වේදනාත්මක පරාජයකින් අවසන් වුනු ලූක් ලිට්ල වීර කාව්‍යය 

ලූක්ලාගේ ලෝක ශූරතා ඩාට්ස් අවසාන තරගය අද රාත්‍රියේ ලන්ඩනයේදී


 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...