The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඩේවිඩ් වෝනගේ තොප්පි නැවත හම්බවුනත් සමරුන්ට සිද්ධිය ගැන සැකයි

T

The Leader Desk

January 5, 2024 • 3:50 PM

ඩේවිඩ් වෝනගේ තොප්පි නැවත හම්බවුනත් සමරුන්ට සිද්ධිය ගැන සැකයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට යන ඔස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනගේ නැතිවුනු කොළ පැහැති
  • තමන්ගේ කොළ කැප් තොප්පි යළි ලබා දෙන ලෙසට වෝන පසුගිය අඟහරුවාදා ‘ඉන්ස්ටග්‍රෑම්’ හරහා හැඟීම්බර ඉල්ලීමක් කළා.
  • තමන්ට ඉතාමත් ලොකු වටිනාකමක් තිබෙන ඒ තොප්පි තමා පිටේ එල්ලා ගෙන යන බෑගය ඇතුළේ තිබුනු බවත් පසුගිය සතියේ මෙල්බර්න් හා සිඩ්නි අතර ගුවන් ගමන් මාරුවේදී එය නැති වී ඇති බවත් ඔහු පැවසුවා.
  • ඩේවිඩ් වෝන මේ දිනවල සිටින්නේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඔහුගේ 112 වැනි සහ අවසාන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

කැප් තොප්පි නැවත සොයා ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමිවන මේ කොළ පැහැති පිම්බුණු කැප් තොප්පිය (Baggy Green) නැතිවීම පසුගිය දිනවල ක්‍රිකට් ලෝකය පුරා කතාබහට ලක්වුනා.

කෙසේ වෙතත්, මේ තොප්පි හරිය ට ම සොයා ගත්තේ කොහෙන්ද, ඒවා ගත්තේ කවුද යන්න තවමත් අභිරහසක්ව පවතින්නේ ඩේවිඩ් වෝන ඒ සම්බන්ධයෙන් කිසිවක් හෙළි කර නැති නිසා.

xdddser
තමන්ගේ කොළ කැප් තොප්පි යළි ලබා දෙන ලෙසට වෝන පසුගිය අඟහරුවාදා ‘ඉන්ස්ටග්‍රෑම්’ හරහා හැඟීම්බර ඉල්ලීමක් කළා. තමන්ට ඉතාමත් ලොකු වටිනාකමක් තිබෙන ඒ තොප්පි තමා පිටේ එල්ලා ගෙන යන බෑගය ඇතුළේ තිබුනු බවත් පසුගිය සතියේ මෙල්බර්න් හා සිඩ්නි අතර ගුවන් ගමන් මාරුවේදී එය නැති වී ඇති බවත් ඔහු පැවසුවා.

ඒ බෑගය එහි තිබූ සියළු දේ සමග දැන් සොයා ගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම නතර වී සිටින සිඩ්නි හෝටලයෙන්.

ගෙවුණු දින දෙක තුනක් තිස්සේ ඒ බෑගය තිබුනේ කොහේද කියා ඩේවිඩ් වෝන හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙතෙක් කිසිම නිවේදනයක් නිකුත් කර නැහැ.

ඩේවිඩ් වෝන මේ දිනවල සිටින්නේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඔහුගේ 112 වැනි සහ අවසාන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින්. පාකිස්තානය ට එරෙහිව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඒ තරගයේ පළමු ඉනිමේදී වෝන ලකුණු 34ක් ලබා ගත්තා.

zdfee
තමාගේ කොළ කැප් තොප්පි ආරක්ෂා සහිතව ආපසු ලැබී තිබෙන බව වෝන අද උදේ අනාවරණය කළා.

“මගේ බැගී ග්‍රීන්ස් සොයා ගෙන තිබෙන බව මම සියළු දෙනා ට ම දන්වා සිටින්නේ ඉතාමත් සතුටින් හා සහනයකින් යුතුව. මෙය මට ඉතාමත් හොඳ ප්‍රවෘත්තියක්” යනුවෙන් වෝන අද ‘ඉන්ස්ටග්‍රෑම්’වලින් ප්‍රකාශ කළා.

“මේ වෙනුවෙන් දායක වුනු සියළු දෙනා ට ම මම මගේ කෘතඥතාව පළ කරනවා. Qantas ගුවන් සේවය, බඩු ප්‍රවාහන ආයතනය, අපේ හෝටල් හා කණ්ඩායමේ කළමනාකාරිත්වයට ස්තූතියි” වෝන කියා සිටියා.

තමාගේ තොප්පි සොයා දෙන ලෙසට ඔහු කළින් ආයාචනය කළේ ඒවා දමා තිබූ බෑගය සොරකම් කර ඇති බවට හඟවමින්.

cap

“අවාසනාවකට, කවුරු හරි මගේ පිටේ එල්ල ගෙන යන බෑගය මගේ අනෙක් ගමන් මළු අතරින් අරගෙන තියෙනවා. මගේ දුවලාගේ තෑගිත් තිබුනේ ඒ බෑගයේ” යනුවෙන් වෝන සිඩ්නි ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර පැවසුවා.

“මගේ බැගී ග්‍රීන් කැප් තොප්පි තිබුනේ ඒ බෑගයේ. එය මට හැඟීම්බර දෙයක්. මේ සතියේ මම පිට්ටනියට යද්දී එය මගේ අතේ තියා ගෙන ඉන්න මම ආසයි” වෝන කියා තිබුනා.

“ඔබට ඇත්ත ට ම ඕන මගේ පිටේ එල්ල ගෙන යන බෑගය නම්, මා ළඟ ඉන් වැඩිපුර එකක් තියෙනවා. ඔබ කරදරේ වැටෙන්නෙ නැහැ. කරුණාකර ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය හෝ මට සමාජ මාධ්‍ය හරහා කතා කරන්න. මගේ බැගී ග්‍රීන්ස් මට ආපහු දෙනවා නම් මම ඒ බෑග් එක ඉතාම සතුටින් ඔබට දෙන්නම්” වෝන පවසා තිබුනා.

තොප්පි නැවත සොයා ගත් බවට වෝන අද සිකුරාදා උදේ නිවේදනය කළ සතුටුදායක පුවත සමග ඒවා සොයා ගැනුනේ කෙසේද කියා ඔහු විසින් හෙළි නොකිරීම නිසා වෝන ට විහිළු කිරීම පිණිස සමහර ක්‍රිකට් ලෝලීන් එය අවස්ථාවක් කර ගත්තේ එම තොප්පි අස්ථානගත වීමට හේතුව ඔහු බවට ඉඟි කරමින්.

‘ඔයා ඒක මෙල්බර්න්වල ඔයාගෙ හෝටල් කාමරේ තියලා ආවා...හා නැද්ද?’ කෙනෙක් ලියා තිබුනා.

‘මෝඩ මෝඩ ඩේවි එයාගෙ තොප්පි එයා ම නැතිකර ගත්තා. නමුත් අනුන් පිට වරද පැවරීම එයා පිළිගන්නේ නැහැ” තවත් කෙනෙක් කියා තිබුනා.

‘ඉතාම හොද ප්‍රවෘත්තියක් ඩේවිඩ්. ඒක හම්බ වුනේ කොහෙන්ද කියලා ඔයා කියන්නේ නැති නිසා මට හිතෙන්නේ ඒක දිග ට ම ඔයා ළඟ තිබුනු බව හෝ ඔයා ඒක බෑග් එකේ දාගත්තේ නැහැ කියලයි’ තවත් කෙනෙක් වෝනගේ නිවේදනයට අදහස් දක්වමින් සටහනක් දමා තිබුනා.

තවත් ක්‍රීඩා ලෝලියෙක් විහිළු කළේ තොප්පිය මුල ඉඳන් ම තිබෙන්නට ඇත්තේ ඔහුගේ බිරිඳගේ බෑගයේ බවට. එය මහජන සම්බන්ධතා කළමනාකරුගේ කාර්යාලයේ තිබුනු බවට තවත් කෙනෙක් කියා සිටියා.

xfgsdge

‘වෝනගේ කොළ පාට බැගී තොප්පි නැතිවෙලා ආපහු මතුවූනු ආකාරය සැක සහිතයි’ යනුවෙන් එක් පුද්ගලයෙක් Xවලින් (කළින් හැඳින්වුනේ Twitter ලෙසින්) ප්‍රකාශ කර තිබුනා.

ලෝකය පුරා ගුවනින් යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙතරම් වටිනා දෙයක් නිසියාකාරව තමන්ගේ ගමන් මලුවල අසුරා ගැනීමට මීට වඩා හොඳින් දැන සිටිය යුතු බව දෙවැනි පුද්ගලයෙක් X වේදිකාවෙන් කියා තිබුනා.

‘මේ සිද්ධිය ගැන හරි අවබෝධයක් නැත්නම් ඒ කියන්නේ මේක ඇත්තක් නෙවෙයි....ඩේවිඩ් වෝන වැනි පළපුරුදු සංචාරකයෙක් තමාගේ කොළ තොප්පිය වැනි වටිනා දෙයක් තමන්ගේ ලගේජ්වල දාගන්නවාට වඩා එය තමා සමග යන තම පෞද්ගලික ලගේජයේ දාගෙන ගුවන් යානයට නොයන්නේ ඇයි?’ යනුවෙන් X ප්‍රකාශයක සඳහන් කර තිබුනා.

අනෙක් ක්‍රීඩා ලෝලීන් මේ දෙස වෙනස් ම කෝණයකින් බලමින් මේ තොප්පි වෝනගේ දිගු ක්‍රීඩා දිවිය තුළ ඔහුට සිටි ප්‍රතිවාදීන් විසින් සොරකම් කරන්නට ඇති බව හඟවා සිටියා.

‘තොප්පිය ආපසු දීම ගැන ස්ටුවර්ට් බ්‍රෝඩ් ට මගේ ගෞරවය’ යනුවෙන් එක් ක්‍රීඩා ලෝලියෙකු ලියා තිබුනේ වෝන ට එරෙහි අතීතයක් තිබෙන බවට ප්‍රසිද්ධ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයා වෙත යොමු වෙමින්.

‘බබාර් ගත්තාද?’ තවත් කෙනෙක් ඇසුවේ වර්තමාන ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරන පාකිස්තාන සුපිරි ක්‍රීඩක බබාර් අසාම් ගැන සඳහන් කරමින්.

වෝනගේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් සගයෙක් වන මිච් මාෂ් ද විහිළුවක් කරමින් පවසා තිබෙන්නේ වරදකරු තමා බව.

“පහුගිය දවස් දෙක තුනේ ඒ තොප්පිය තිබුනේ මගේ බෑගයේ කියලා එයාට කියන්න මට සිද්ධ වෙනවා.”

“අරුම පුදුම තත්ත්වයක්. මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ ඩේවි ට විතරක් ම වෙන්න පුළුවනි.”


ඩේවිඩ් වෝන සතුව Baggy Greens දෙකක් තිබෙනවා. ඒ, 2017 වසරේ බංග්ලාදේශ සංචාරයේදී වෝන ඔහුගේ තොප්පිය නැතිකර ගැනීමෙන් පසුව එය නැවත සොයා ගැනීමට පෙර ඔහුට ආදේශන තොප්පියක් ලබා දුන් බැවින්.

මේ තොප්පිවලට පවුම් 40,000ක් බැගින් වන මිලක් නියම කළ හැකි වුනත් ඒවා අලෙවි කිරීම ඉතාම අසීරු වනු ඇත්තේ කිසිම නවීන ටෙස්ට් ක්‍රීඩකයෙක් ඔවුන්ගේ මේ ඉතාමත් වටිනා තොප්පි කිසිම විටෙක විකුණා නැති නිසා බව ක්‍රීඩා සිහිවටන විශාරදයෙක් සඳහන් කරනවා.

එක් කෙනෙක් හැර.....

sdfsere
2020 වසරේ හටගත් ලැව් ගින්නෙන් පීඩාවට පත්වූවන්ට අරමුදල් රැස් කිරීම පිණිස ලෝක පූජිත ඔස්ට්‍රේලියානු දඟ පන්දු ක්‍රීඩක ෂේන් වෝන් ඔහුගේ කොළ කැප් තොප්පිය ඩොලර් මිලියනයකට විකුණා දැමුවා.

යම් කෙනෙක් ඩේවිඩ් වෝනගේ තොප්පිය සොරකම් කර තිබුනා නම් ඒ සම්බන්ධයෙන් ලැබුනු ප්‍රසිද්ධිය නිසා සොරෙකුට එය කිසිම වටිනාකමක් නැති දෙයක් බවට පත්වනු ඇතැයි ප්‍රකාශ කරන එම විශාරදයා යම් හෙයකින් එය විකිණීමට තැත් කළා නම් ලැබෙනු ඇත්තේ සොච්චම් මුදලක් පමණක් බව අවධාරණය කරනවා.

සටහන :
වෝනගේ නැතිවුනු තොප්පිය ආපසු ලබා ගන්න ඔස්ට්‍රේලියාව පුරා සෝදිසි මෙහෙයුමක්(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 


සබැඳි පුවත් :
වෝනගේ නැතිවුනු තොප්පිය ආපසු ලබා ගන්න ඔස්ට්‍රේලියාව පුරා සෝදිසි මෙහෙයුමක්

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...