The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පච්චයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු පොලිස් නිලධාරියා

T

The Leader Desk

January 8, 2024 • 5:50 AM

පච්චයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු පොලිස් නිලධාරියා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පච්චයක් කොටා ගත් කිසිම පුද්ගලයෙක් ශ්‍රී ලංකා පොලිසියට බඳවා ගන්නේ නැහැ.
  • “පුරුද්දක් වශයෙන් අතීතයේදී පච්චයක් තිබෙන කිසිම කෙනෙක් කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා පොලිසියට බඳවා ගෙන නැහැ.
  • නමුත් දැන් උද්ගතව ඇති මේ තත්ත්වය අවධානය යොමු කළ යූතු කාරණයක්.
  • සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් ඒ නීතිය අතීතයට පමණක් සීමා වී ඇති බවක් පෙනී යන්නේ පච්චයක් සහිත පුද්ගලයෙක් දැන් පොලිස් පරීක්ෂකවරයෙක් වී සිටින නිසා. 

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන මේ පුද්ගලයා අශේන් බණ්ඩාර. පොලිස් නිල ඇඳුමෙන් සැරසී පච්චයක් ප්‍රදර්ශනය කරන ශ්‍රී ලංකා පොලිසියේ පළමු පොලිස් පරීක්ෂකවරයා වන ඔහුගේ වම් අතේ මේ පච්චය දක්නට ලැබෙනවා.

GDQELoTaYAA0sEF

අශේන් බණ්ඩාර සමග තවත් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු ද මෑතකදී පොලිසිය ට බැඳුනා. කුසල් ජනිත් පෙරේරා (ප්‍රධාන පොලිස් පරීක්ෂක), චාමර සිල්වා (ප්‍රධාන පොලිස් පරීක්ෂක) හා නුවන් ප්‍රදීප් (පොලිස් පරීක්ෂක) එම ක්‍රීඩකයන්.

අතීතයේදී පොලිසියට බැඳීමට අපේක්ෂා කළ ශ්‍රී ලාංකික තරුණයන් බොහෝ දෙනෙකු බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී සැණින් ප්‍රතික්ෂේප වුනේ ඔවුන් පච්ච කොටා ගෙන සිටි බැවින්.

ashen bandara 1
මේ සම්බන්ධයෙන් The Morning Telegraph පුවත්පත විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි ගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කියා සිටියා.

“පුරුද්දක් වශයෙන් අතීතයේදී පච්චයක් තිබෙන කිසිම කෙනෙක් කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා පොලිසියට බඳවා ගෙන නැහැ. පොලිසිය නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයන් බඳවා ගත් අවස්ථාවලදී පවා ඔවුන් පොලිස් සේවයට බඳවා ගැනීමක් හෝ පොලිස් නිල ඇඳුම් ලබා දීමක් හෝ කිසිම විටෙක සිදුකර නැහැ. නමුත් දැන් උද්ගතව ඇති මේ තත්ත්වය අවධානය යොමු කළ යූතු කාරණයක්. පච්ච සහිතව ඔහුගේ බඳවා ගැනීමෙන් පච්ච නිසා අතීතයේදී ප්‍රතික්ෂේප කෙරුනු අනෙක් බොහෝ දෙනෙකුගේ මානව අයිතීන් උල්ලංඝනය වී තිබෙනවා. පොලිස් සේවයට බඳවා ගැනීමේදී මේ විශේෂ නිර්ණායකය නොසලකා හැරියේ කුමන තත්ත්වයන් යටතේ ද කියා පොලිස් කොමිසමෙන් විමසීම වඩා හොඳයි. කවුද දන්නේ...මේ ක්‍රිකට් ක්‍රීඩකයන් බඳවා ගැනීම සඳහා ම ඔවුන් මේ බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය සංශෝධනය කළාද කියලා. දැනට සේවයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ටත් ඔවුන්ගේ ශරීර ඔවුන්ට කැමති පච්චවලින් සරසා ගැනීමට දැන් මෙය හොඳ අවස්ථාවක් වන්න ඉඩ තිබෙනවා.”

FB IMG 1704558627907

මේ ක්‍රිකට් ක්‍රීඩකයන් ද ඇතුළත් පොලිස් සේවයට බඳවා ගත් අයගේ සමූහ ඡායාරූපයක අනෙක් ක්‍රිකට් ක්‍රීඩකයන් අත් කොට නිල ඇඳුම් කමිස පැළඳ සිටියදී අශේන් බණ්ඩාර (ඡායාරූපයේ දකුණේ සිට පස් වැනියට) අත් වසා ගත් අත් දිග කමිසයක් පැළඳ පිටුපසට වී සිටින අයුරු අද පහසුවෙන් පෙනෙන දසුනක් වුනා.

.

සටහන :
බ්‍රසීල පාපන්දුවේ Godfather මිය යයි(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පච්චයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු පොලිස් නිලධාරියා | The Leader