The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අවුරුදු තුනේ ‘පුංචි ලිට්ල’ - මතුවී එන ඩාට්ස් ආශ්චර්යය

T

The Leader Desk

January 8, 2024 • 11:55 AM

අවුරුදු තුනේ ‘පුංචි ලිට්ල’ - මතුවී එන ඩාට්ස් ආශ්චර්යය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොළකැටි වියේ පසුවන්නෙක් ඩාට්ස් ලෝකය ආක්‍රමණය කරමින් සිටින්නේ පසුගියදා ලෝක ඩාට්ස් ශූරතාවලිය කළඹවමින් අනුශූරයා වූ ලූක් ලිට්ලගේ (Luke Littler) දස්කම්වලින් ප්‍රබෝධමත් වෙමින්.
  •   ලූක් ලිට්ල   ඩාට්ස් ක්‍රීඩාව කෙරෙහි බාකගේ ආදරයක් හටගෙන තිබෙන්නේ 16 හැවිරිදි ලූක් ලිට්ල ක්‍රීඩා කරන අයුරු දැකීමෙන් පසුව.
  • එයාගෙ මේ කැපවීමේ ප්‍රතිඵල ලැබීම දැන් ආරම්භ වෙලා.
  • බො බාකගේ ඩාට්ස් විසිකිරීමේ දක්ෂතාව පෙන්නුම් කරන TikTok හි වීඩියෝ likes සිය ගණනින් ආකර්ෂණය කරගෙන තිබෙන්නේ මේ ළදරුවා අන්තර් ජාලයේ කුඩා තරුවක් බවට පත්කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):
 

පුංචි ලිට්ල - Little Littler - ලෙසින් දැනටමත් හුරතල් නාමයක් පටබැඳී තිබෙන එයාගේ වයස අවුරුදු 3 යි. උඩ අඩි 3 යි. නම බො බාක (Beau Barker).
ඩාට්ස් ක්‍රීඩාවේ මේ ආශ්චර්යමත් හපන්කම් පාන කුඩා බො බාක සාමාන්‍ය උසකින් යුත් ඩාට්ස් පුවරුවේ ඉලක්කය හරි මැදට වදින සේ ඩාට්ස් එල්ල කරන්නේ ආයාසයකින් තොරව. ඉක්බිති ඒ ඩාට්ස් ආපසු ගේන්න යන්නේ පියවර මනිමින්.
 
වේදනාත්මක පරාජයකින් අවසන් වුනු ලූක් ලිට්ල වීර කාව්‍යය
ලූක් ලිට්ල
 
ඩාට්ස් ක්‍රීඩාව කෙරෙහි බාකගේ ආදරයක් හටගෙන තිබෙන්නේ 16 හැවිරිදි ලූක් ලිට්ල ක්‍රීඩා කරන අයුරු දැකීමෙන් පසුව. ආධුනික ඩාට්ස් ක්‍රීඩකයෙකු වන බො බාකගේ පියා වන සෑම් බාක ද පුංචි පුතාව ඩාට්ස් ක්‍රීඩාවට පෙළඹවීම පිණිස ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර තිබෙනවා.

ඩාට්ස් විසිකිරීම සඳහා බාකගේ ඇල්ම ආරම්භ වී තිබෙන්නේ එයාට යන්තම වයස මාස හයක්ව තිබෙද්දී. ඒ පියාගේ ඩාට්ස් විසිකිරීම අනුකරණය කරමින්. එයාගෙ හැකියාවන්ගේ පෙර නිමිති පහළ වුනේ සෙල්ලම් කොටුවේ ඉඳන් අත කෙළින් දිග හැර එයා ප්ලාස්ටික් බෝල විසි කළ විලාසයෙන්. මේ හැකියාව හඳුනා ගත් බාකගේ නැන්දා එයාට සෙල්ලම් ඩාට්ලෑල්ලක් තෑගි කළා. එය බාකගේ ජනප්‍රිය ම සෙල්ලම් බඩුව වුනේ ඉතා ම ඉක්මනින්. ටංස්ටන් ලෝහමය ඩාට්ස් පාවිච්චිය දක්වා උසස් වීමට එයාට වැඩි කාලයක් ගත නොවූ අතර එයා දැන් සම්මත උසකින් යුත් ඩාට්ලෑල්ලක සෙල්ලම් කරන්නේ ඩාට්ස් විසිකිරීමෙන් පසුව නැවත ඩාට්ස් පුවරුව වෙත ගොස් ඒවා ගලවා ගැනීම පිණිස තබන පියවර ද ගණන් කරමින්.
 
little a
 
ඩාට්ස් ක්‍රීඩාව කෙරෙහි බො බාකගේ තිබෙන ආශාව පිළිබඳව කිසිම සැකයක් නැහැ. ඩාට්ස් විසිකිරීමේ හැකියාවන් මුවහත් කර ගනිමින් හැමදාම පැය ගණන් පුහුණු වෙමින් එයා උත්සාහ කරන්නේ ඉලක්කය හරි මැදට ඩාට්ස් එල්ල කිරීමට. එයාගෙ මේ කැපවීමේ ප්‍රතිඵල ලැබීම දැන් ආරම්භ වෙලා. බො බාකගේ ඩාට්ස් විසිකිරීමේ දක්ෂතාව පෙන්නුම් කරන TikTok හි වීඩියෝ likes සිය ගණනින් ආකර්ෂණය කරගෙන තිබෙන්නේ මේ ළදරුවා අන්තර් ජාලයේ කුඩා තරුවක් බවට පත්කරමින්.
බො බාකගේ මවුපියන් වන ළමයින් ඇති දැඩි කරන ස්ථානයක සේවය කරන කේලී (Kayleigh) හා ප්‍රධාන කෝකියෙකු වන සෑම් බාක (Sam Barker) ඔවුන්ගේ පුතාගේ මේ ආශාව වෙනුවෙන් සහයෝගය දක්වන්නේ විස්මිත අයුරින්. එයාගෙ කැපවීම දකින ඔවුන් එයාගෙ සහජ කුසලතාවට උනන්දු කරනවා. ඩාට්ස් විසිකරන්න තියෙන එයාගෙ මේ තද ආශාව රැක බලාගෙන එයාගෙ හැකියාවන් තවදුරටත් දියුණු කර ගැනීම සඳහා අවස්ථාවක් සැලසීම පිණිස එයාව ඩාට්ස් ක්‍රීඩා සමාජයකට ඇතුළත් කිරීමට මවුපියන් කටයුතු කරමින් සිටිනවා.
 
little a 2

ඩාට්ස් ක්‍රීඩාව කෙරෙහි ‘පුංචි ලිට්ල’ගේ තිබෙන උනන්දුව තවත් වැඩිවුනේ ලූක් ලිට්ල ලෝක ඩාට්ස් ශූරතාවලියේ අවසාන තරගයේ ක්‍රීඩා කරන අයුරු දැකීමෙන්. එයා ඒ තරගයට කොතරම් දුරට ගැලී සිටියේද කියනවා නම් තරගය ඉවර වෙන්න පරක්කු වුන නිසා එයාට නින්ද ගියා.
 
“ලොකු වුනාම ඩාට්ස් ශූරයෙක් වෙනවා කියලා එයා කියනවා. එයා හැමදාම ඩාට්ස් සෙල්ලම් කරනවා. එයා පැය ගණන් ඒක සෙල්ලම් කරන්නේ හරිම ආසාවෙන්” යැයි මව කේලී කියනවා.
 
“ලෝක ශූරතාවලියේ අවසාන තරගගේ ලූක් ලිට්ල ක්‍රීඩා කරනවා එයා බලාගෙන හිටියේ ලොකු ආසාවකින්. නමුත් බබාගෙ නිදාගන්න වෙලාව පහුවෙලා තිබුනු නිසා එයාට නින්ද ගියා.

නමුත් නින්දේ දි පවා බො බාක දකින්නේ ඩාට්ස් පුවරුවේ හරි මැද ඉලක්කය බව පැහැදිලියි. 

‘පුංචි ලිට්ල’ සිහින දකින්නේ දිනෙක තමාගේ වීරයා වන ලූක් ලිට්ල මෙන් ශූරයෙකු වීමට බව ද පැහැදිලියි.

සටහන :
ලූක්ලාගේ ලෝක ශූරතා ඩාට්ස් අවසාන තරගය අද රාත්‍රියේ ලන්ඩනයේදී(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...