The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අප්‍රිකාවේ පාපන්දු කීර්තියට කුරුමානම් අල්ලන මොරොක්කෝව

T

The Leader Desk

January 10, 2024 • 8:34 AM

අප්‍රිකාවේ පාපන්දු කීර්තියට කුරුමානම් අල්ලන මොරොක්කෝව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප්‍රිකාවේ පාපන්දු ශූරයින් තීරණය කෙරෙන 2024 Africa Cup of Nations – AFCON - තරගාවලිය අයිවරි කෝස්ට් හි සෙනසුරාදා (13) ආරම්භ වෙනවා.
  • මූලික තරගවලින් පසුව එළඹෙන 16 දෙනාගේ වටය ජනවාරි 27 ආරම්භ වන අතර අර්ධ අවසන් පූර්ව වටය පෙබරවාරි 2 වැනිදාත්, අවසන් පූර්ව වටය පෙබරවාරි 7 වැනිදාත් පැවැත්වීමෙන් පසුව අවසාන මහා තරගය පෙබරවාරි 11 වැනිදා පැවැත්වීමටයි නියමිත.
  • මොරොක්කෝව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ස්පාඤ්ඤය හා පෘතුගාලය පරදවා ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසාන කණ්ඩායම් හතර ට පිවිසි පළමු අප්‍රිකානු කණ්ඩායම බවට පත්වීමෙන් පසුව අප්‍රිකානු පාපන්දු තරග බිමට අලුත් වටිනාකමක් එක්වී තිබෙනවා.
  • අවසන් පූර්ව වටයට පැමිණි ඓතිහාසික FIFA ලෝක කුසලාන මෙහෙයුමෙන් පසුව මොරොක්කෝවට ඔවුන්ගේ චමත්කාරජනක ක්‍රීඩාව දිග ට ම ගෙන යමින් අප්‍රිකාවේ පාපන්දු ශූරයන් බවට පත්වීමට හැකි වේවි ද?
අකුරු ප්‍රමාණය (Font Size):


අප්‍රිකාවේ අංක 1 ජාතික පාපන්දු කණ්ඩායම ලෙසින් ඔටුනු පැළඳීම පිණිස අප්‍රිකානු මහාද්වීපයේ රටවල් 24ක් මේ තරගාවලියට සහභාගි වෙනවා. මූලික තරගවලින් පසුව එළඹෙන 16 දෙනාගේ වටය ජනවාරි 27 ආරම්භ වන අතර අර්ධ අවසන් පූර්ව වටය පෙබරවාරි 2 වැනිදාත්, අවසන් පූර්ව වටය පෙබරවාරි 7 වැනිදාත් පැවැත්වීමෙන් පසුව අවසාන මහා තරගය පෙබරවාරි 11 වැනිදා පැවැත්වීමටයි නියමිත.

මොරොක්කෝව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ස්පාඤ්ඤය හා පෘතුගාලය පරදවා ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසාන කණ්ඩායම් හතර ට පිවිසි පළමු අප්‍රිකානු කණ්ඩායම බවට පත්වීමෙන් පසුව අප්‍රිකානු පාපන්දු තරග බිමට අලුත් වටිනාකමක් එක්වී තිබෙනවා.

අවසන් පූර්ව වටයට පැමිණි ඓතිහාසික FIFA ලෝක කුසලාන මෙහෙයුමෙන් පසුව මොරොක්කෝවට ඔවුන්ගේ චමත්කාරජනක ක්‍රීඩාව දිග ට ම ගෙන යමින් අප්‍රිකාවේ පාපන්දු ශූරයන් බවට පත්වීමට හැකි වේවි ද?

afcon 2023 atlas lions satisfied with training conditions 800x566
අප්‍රිකානු මහාද්වීපයේ වැඩියෙන් ම වටිනා ත්‍යාගය වන Africa Cup of Nations දිනා ගැනීම පිණිස මොරොක්කෝව අප්‍රිකානු පාපන්දු තරග බිමට පිවිසෙන්නේ ඔවුන්ගේ 2022 ලෝක කුසලාන සුරංගනා කතාවෙන් මාස දහතුනක් වැනි සුළු කාලයකින් පසුව.

‘ඇට්ලස් ලයන්ස්’ ලෙසින් හඳුන්වනු ලබන මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායම අවසන් වතාවට අප්‍රිකාවේ පාපන්දු ශූරයින් ලෙස කිරුළ පැලඳුවේ මීට වසර පනහකට ආසන්න කාලයකට ඉහත 1976 වසරේ. ටියුනීසියාව ට පරාජය වන තෙක් ශූරතාව ආසන්නයටම 2004දී ඔවුන් පැමිණියත් එතැන් සිට මේ දක්වා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ඔබ්බට යාමට අසමත් වී සිටිනවා.

නමුත් මේ වසර ඊට වඩා වෙනස් බවක් හැඟෙනවා.



2022 වසරේ දෙසැම්බරයේදී වලීද් රෙග්රෙගී (Walid Regragui)ගේ කණ්ඩායම වෙනත් කිසිම අප්‍රිකානු රටක් FIFA ලෝක කුසලානයේ නොගිය දුරක් ගමන් කරමින් අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසීමට සමත් වුනා. එතැනට පිවිසීම සඳහා මොරොක්කෝව මූලික වටයේදී ඔවුන්ගේ කොටසේ සිටි බෙල්ජියම, ක්‍රොඒෂියාව හා කැනඩාව අභිබවමින් පෙරමුණට පිවිසියා. පාපන්දු යෝධයන් වන ස්පාඤ්ඤය හා පෘතුගාලය තරගාවලියෙන් ඉවතට අතුගා දැමුවේ ඉන්පසුව.

අවසන් පූර්ව තරගයේදී ගෝල් 2-0කින් ප්‍රංශය ට පරාජය වෙමින් ලෝක කුසලාන අවසාන තරගයේ ස්ථානයක් සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඔවුන් අසමත් වුනත් ‘ඇට්ලස් ලයන්ස්ලා’ ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ නොමැකෙන නමක් සනිටුහන් කළේ ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ අවධානය හා හදවත් දිනා ගනිමින්.

දැන් ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන්නේ සිය ඓතිහාසික ලෝක කුසලාන සංචාරයෙන් ලැබූ පන්නරයෙන් දෙවැනි අප්‍රිකානු කුසලානයක් අයිවරි කෝස්ට් රටේදී හිමිකර ගැනීම.

AtlasLions 900x600

2022 ලෝක කුසලාන පාපන්දු සාර්ථකත්වයෙන් පසුව මොරොක්කෝව 2023 වසරේදී තරග හතකට ක්‍රීඩා කළා. එයින් ඔවුන් පැරදුනේ එක් තරගයක් පමණයි. 

පාපන්දුවේ දස්කම් නොවනවත්වා ගෙන ගිය ‘ඇට්ලස් ලයන්ස්’ 2023 වසරේ ඔවුන්ගේ පළමු මිත්‍ර තරගයේදී ගෝල් 2-1ක ජයග්‍රහණයක් වාර්තා කළේ පස් වතාවක් ලෝක ශූරයින් වූ බ්‍රසීලය පරාජය කරමින්. සොෆිආන් බූෆැල් (Sofiane Boufal) හා ඇබ්ඩෙලැමීද සබිරි (Abdelhamid Sabiri) ලබා ගත් ගෝල්වලින් මොරොක්කෝවේ ජයග්‍රහණය තහවුරු කෙරුනු අතර ඔවුන් දකුණු අමෙරිකානු පාපන්දු දැවැන්තයින් පරාජය කළේ ඉතිහාසයේ ප්‍රථම වතාවට.

morocco afonc squad

අනතුරුව පෙරූ (Peru) හා කෙයිත් වර්ඩ් (Cape Verde) යන රටවල් සමග පැවැති 0-0ක විසඳුමක් නැති තරග දෙකකින් පසුව වලීද් රෙග්රෙගීගේ කණ්ඩායම ජූනි මාසයේදී දකුණු අප්‍රිකාව ට ගෝල් 2-1කින් පරාජය වුනා.

වසරේ පසු කාලයේදී ඔවුන් බකීනා ෆාසො (Burkina Faso) ගෝල් 1-0කින් පරාජය කළේ AFCON සත්කාරකයන් වන අයිවරි කෝස්ට් (Ivory Coast) ගෝල් 1-1ක ජය පැරදුමින් තොර ප්‍රතිඵලයකට හිර කිරීමට පෙර.

මොරොක්කෝව ඔවුන්ගේ 2023 තරග වාරය අවසන් කළේ 2026 ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලබා ගැනීමේ අප්‍රිකානු රටවල් අතර තරගාවලියේදී ටැන්සානියාව ගෝල් 2-0කින් පහසුවෙන් පරදවමින්.

f group
මොරොක්කෝව අප්‍රිකානු කුසලාන තරගාවලියේ ‘එෆ්’ කොටසට ඇතුළත්ව සිටින්නේ ඩීආර් කොන්ගෝ, ටැන්සානියා හා සිම්බාබ්වේ යන කණ්ඩායම් සමග.

දුර්වලයෙක් ලෙසින් කලක් හංවඩු ගැසුනු ‘ඇට්ලස් ලයන්ස්’ දැන් FIFA ලෝක ශ්‍රේණිගත කිරීමේ 13 වැනි ස්ථානයට පිවිස සිටින්නේ මේ වසරේ AFCON තරගාවලියේ ශූරයින් බවට පත්වන ලෙසට තිබෙන ප්‍රබල පීඩනයකට මුහුණ දෙමින්. 

සටහන :
බ්‍රසීල පාපන්දුවේ Godfather මිය යයි(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...