The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආදරවන්තයින්ගේ දිනයේ පෙම්වතිය මරා දැමූ පැරාලිම්පික් ක්‍රීඩකයා හිරෙන් නිදහස්

T

The Leader Desk

January 10, 2024 • 4:31 PM

ආදරවන්තයින්ගේ දිනයේ පෙම්වතිය මරා දැමූ පැරාලිම්පික් ක්‍රීඩකයා හිරෙන් නිදහස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ක පිස්ටොරියස් (Oscar Pistorius) නමැති දකුණු අප්‍රිකානු පැරාලිම්පික් මිනීමරුවා අද නිදහස් මිනිහෙක්.
  •   2013 වැලන්ටයින් දිනය දා සිය පෙම්වතිය වූ නීති උපාධිධරයෙක් හා නිරූපිකාවක ද වන රීවා ස්ටීන්කෑම්ප් මරා දැමීමේ වරදට පැරාලිම්පික් පදක්කම්ලාභී ඔස්ක පිස්ටොරියස් ට වසර 13කට වැඩි සිරදඬුවමක් නියම වුනා.
  • නමුත් එම සිරදඬුවමෙන් අඩක් ගෙවීමෙන් පසුව ඔහු නිදහස ලබා සිටියත් 2029 වසරේ ඔහුගේ සිරදඬුවම් කාලය අවසන් වන තෙක් ඔහු යටත්ව සිටින කොන්දේසි උල්ලංඝනය කළහොත් ඔහුට නැවත බන්ධනාගාරයට යාමට සිදුවෙනවා.
  • පිස්ටොරියස් නිදහස් කිරීමේ තීරණයට තමා ගරු කළත් ‘ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් විඳින්නේ’ තමාගේ පවුලේ අය බව ස්ටීන්කෑම්ප්ගේ මව කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කෑම්ප් (Reeva Steenkamp) ඝාතනය කර වසර 11කට ආසන්න කාලයකට පසුව පිස්ටොරියස් මීට සිවු දිනකට පෙර හිරෙන් නිදහස ලැබුවේ හොඳ කල් ක්‍රියාවෙන් සිටින බවට වාචික ප්‍රතිඥාවක් දෙමින්.
 
zdfdf
2013 වැලන්ටයින් දිනය දා සිය පෙම්වතිය වූ නීති උපාධිධරයෙක් හා නිරූපිකාවක ද වන රීවා ස්ටීන්කෑම්ප් මරා දැමීමේ වරදට පැරාලිම්පික් පදක්කම්ලාභී ඔස්ක පිස්ටොරියස් ට වසර 13කට වැඩි සිරදඬුවමක් නියම වුනා.

නමුත් එම සිරදඬුවමෙන් අඩක් ගෙවීමෙන් පසුව ඔහු නිදහස ලබා සිටියත් 2029 වසරේ ඔහුගේ සිරදඬුවම් කාලය අවසන් වන තෙක් ඔහු යටත්ව සිටින කොන්දේසි උල්ලංඝනය කළහොත් ඔහුට නැවත බන්ධනාගාරයට යාමට සිදුවෙනවා.
පිස්ටොරියස් නිදහස් කිරීමේ තීරණයට තමා ගරු කළත් ‘ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් විඳින්නේ’ තමාගේ පවුලේ අය බව ස්ටීන්කෑම්ප්ගේ මව කියනවා.

2012 වසරේ අගෝස්තු මාසයේදී ඔස්ක පිස්ටොරියස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ධාවනයේ යෙදුනු පාද දෙක ම කපා ඉවත් කරන ලද පළමු ක්‍රීඩකයා බවට පත්වුනා. එම වසරේ පැවති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔහු රන් පදක්කමක් දිනා ගැනීමට ද සමත් වුනා.

ඉන් මාස හයකට පසුව 2013 ‌පෙබරවාරි 14 වැනිදා පිස්ටොරියස් ඔහුගේ ප්රුටෝරියා (Pretoria) නිවසේ වැසිකිළි කුටියේ දොර පසාරු කර‌ යන පරිදි සිවු වතාවක් වෙඩි තැබීමෙන් ස්ටීන්කෑම්ප් එතැනම මිය ගියා. ඒ වන විට දෙදෙනාගේ සම්බන්ධයට ගතව තිබුනේ මාස තුනක කාලයක් පමණයි. එම වෙඩිතැබීම හා ඉන්පසුව පැවති නඩු විභාගයෙන් දකුණු අප්‍රිකාව පමණක් නොව මුළු ලෝකය ම බියෙන් ඇලළී ගියා.

දැන් 37 වැනි වියෙහි සිටින පිස්ටොරියස් පසුව කියා සිටියේ එදා රාත්‍රියේ නිවසට රිංගූ සොරෙක් ලෙසින් තමා ඇයව වරදවා සිතා ගත් බව.

සාපරාධී මනුෂ්‍ය ඝාතනය යනුවෙන් දුන් නඩු තීන්දුව වෙනස් කරන ලෙසට ඉදිරිපත් කළ ඇපෑල ප්‍රතික්ෂේප වීමෙන් පසුව පිස්ටොරියස් මිනීමැරුමට වරදකරු ලෙස 2015දී තීරණය කෙරුනා.
 
trrt4
දකුණු අප්‍රිකානු නීතියට අනුව හොඳ කල් ක්‍රියාවෙන් පසුවන බවට දෙන පොරොන්දුව මත තාවකාලික නිදහසක් ලැබීමට බන්ධනාගාරගතව සිටින සියළුම සිරකරුවන්ට අයිතියක් තිබෙනවා. මේ අනුව කෙනෙක් ඔහුගේ සම්පූුර්ණ සිරදඬුවමෙන් භාගයක් අවසන් කිරීමෙන් පසුව යම් යම් කොන්දේසිවලට යටත්ව කළින් නිදහස ලබනවා.

පිස්ටොරියස් ට නියම කරන ලද සම්පූර්ණ සිරදඬුවම අවුරුදු 13ක් හා මාස 5ක්.  

ඔහුගේ මේ සිරදඬුවම 2029දී අවසන් වන තුරු ඔහු ජීවත් වනු ඇත්තේ දවසකට නියම කෙරුණු පැය ගාණක් නිවසට වී සිටීම හා මත්පැන් භාවිතා කිරීමේ තහනම ඇතුළු දැඩි නීති යටතේ. මාධ්‍ය ට කතා කිරීම ද ඔහුට තහනම්.

මීට අමතරව ලිංගභේදය පාදක කරගත් ප්‍රචණ්ඩත්වය හා කෝපය සමග කටයුතු කිරීමට උපකාරී වීම පිණිස මානසික රෝග චිකිත්සාව ලබා ගැනීම ද පිස්ටොරියස් ට අනිවාර්ය කෙරුණු දෙයක්.

හිරෙන් නිදහස් වීමෙන් පසුව ඔහු දකුණු අප්‍රිකාවේ අගනුවර වන ප්රුටෝරියා හි උපනගර පෙදෙසක වෙසෙන ඔහුගේ මාමා ආනොල්ඩ් පිස්ටොරියස් සමග ජීවත් වීමට ගොස් ඇතැයි වාර්තා වෙනවා.

බන්ධනාගාරයේ සිටියදී ඔස්ක එහි භූමියේ ට්‍රැක්ටරයක් පදවා තිබෙන අතර පුස්තකාලයේ වැඩ කරමින් රැඳවියන්ගේ සිරකූඩු ශුද්ධ කිරීමේ කාර්යයේ නිරතව සිටි බව පැවසෙනවා.

වාචික ප්‍රතිඥාවකින් පසුව කළින් නිදහස ලබා දීම දකුණු අප්‍රිකානු නීති පද්ධතියේ කොටසක් බව තම පවුලේ අය සැමවිටම දැන සිටි බව ස්ටීන්කෑම්ප්ගේ මව කියා තිබුනා. නමුත් ඇය මෙසේ ප්‍රශ්න කර සිටිනවා.

fdfdfee
“රීවා ට යුක්තිය ඉටුවුනාද? ඔස්කා ප්‍රමාණවත් දඬුවමක් ලැබුවාද? ඔබේ ආදරණීය කෙනා නැවත ආපහු එන්නේ නැත්නම් එතන කවදාවත් සාධාරණය තියෙන්න බැහැ. ඔහු කොතරම් කාලයක් හිරේ හිටියත් රීවා නැවත එන්නේ නැහැ. ඉතුරු වෙලා ඉන්න අපි තමයි ජීවිතාන්තය දක්වා දඬුවම් විඳින්නේ.”


උපතේ සිට පැවතුන තත්ත්වයක් යටතේ පිස්ටොරියස්ගේ කකුල් දෙකේ ම පහළ කොටස කපා ඉවත් කරන විට ඔහුගේ මෙලොව ජීවිතයට ගෙවී තිබුනේ අවුරුද්දකටත් අඩු කාලයක්. ඔහු උපන්නේ පාදවල පහළ කොටසේ අස්ථි දෙකේ කුඩා අස්ථි නැතිව. ඔහු පසුව කෘතිම ශරීර කොටස් කෙරෙහි විශ්වාසය රඳවමින් Blade Runner නමින් ලෝක පූජිත මලල ක්‍රීඩකයෙක් බවට පත්වුනා.
 
sdsfse
 
ජවන පිටියේ සාර්ථක ක්‍රීඩා දිවියක් ගත කළ ඔස්ක පිස්ටොරියස් රන් පදක්කම් දිනා ගනිමින් ප්‍රථමයෙන් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී දස්කම් ප්‍රදර්ශනය කිරීමෙන් පසුව තමන්ගේ කීර්තිය තවත් ශක්තිමත් කර ගත්තේ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ආබාධිත නොවන මලල ක්‍රීඩකයන්ට එරෙහිව තරග වදිමින්.

මිය යන විට 29 වැනි වියේ පසුවූ රීවා ස්ටීන්කෑම්ප් නීති උපාධිධරයෙක් හා සාර්ථක නිරූපිකාවක වීමට අමතරව රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ද වූ අතර ඇය Tropika Island of Treasure නමැති රිඇලිටි වැඩසටහනක පෙනී සිටියා.

උපාධිය ලැබීමෙන් පසුව, අපයෝජනයට ලක්වූ කාන්තාවන් වෙනුවෙන් නීති ආයතනයක් ආරම්භ කිරීමට ඇය සැලසුම් කර තිබුනා.
 

 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආදරවන්තයින්ගේ දිනයේ පෙම්වතිය මරා දැමූ පැරාලිම්පික් ක්‍රීඩකයා හිරෙන් නිදහස් | The Leader