The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කිරීමට සූම් මීටිමක්

T

The Leader Desk

January 11, 2024 • 4:45 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කිරීමට සූම් මීටිමක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම
  • ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් සමඟ පැවැති සාකච්ඡාවේදී ඔහු එවැනි ඉඟියක් කළ බවත්, අයි.සී.සී.
  • මීළඟ විධායක කමිටු රැස්වීමක් පැවැත්වීමට ඇත්තේ ලබන මාර්තු මස බැවින් ‘සූම්’ හරහා විශේෂ විධායක සභාවක් පවත්වා ශ්‍රී ලංකාවේ තහනම ඉවත්කිරීමට කටයුතු කරන බව ඔහු පැවසූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
  •   ක්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.  ''ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා අපි ක්‍රීඩා පනතක් ගේනවා''     "ICC එකේ නැවතත් බෝඩ් මීටින් එකක් තියෙන්නේ මාර්තු මාසයේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත්කරනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (11) පස්වරුවේ පැවසීය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් සමඟ පැවැති සාකච්ඡාවේදී ඔහු එවැනි ඉඟියක් කළ බවත්, අයි.සී.සී. මීළඟ විධායක කමිටු රැස්වීමක් පැවැත්වීමට ඇත්තේ ලබන මාර්තු මස බැවින් ‘සූම්’ හරහා විශේෂ විධායක සභාවක් පවත්වා ශ්‍රී ලංකාවේ තහනම ඉවත්කිරීමට කටයුතු කරන බව ඔහු පැවසූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පෙබරවාරි මස 15 වැනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තහනම ඉවත් නොකළ හොත් ලබන ජූනි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සමුළුව ද ශ්‍රී ලංකාවට අහිමි වන බවත් එසේ වුවහොත් එය මෙරට විශාල පාඩුවක් බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩි දුරටත් සඳහන් කළේය.  

ක්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. 


''ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා අපි ක්‍රීඩා පනතක් ගේනවා''
 
gsdgsd
 
"ICC එකේ නැවතත් බෝඩ් මීටින් එකක් තියෙන්නේ මාර්තු මාසයේ. එතෙක් ඉන්නේ නැතුව ලංකාවේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ඒ අය සූම් මීටින් එකක් ගන්නම් කිව්වා."

"හැබැයි ICC ප්‍රධාන විධායක නිලධාරියා සහ සභාපතිවරයාට ඒත්තුගැන්විය යුතුයි ලංකාව මේ දේ නැවත කරන්නේ නැහැ කියලා. ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා අපි ක්‍රීඩා පනතක් ගේනවා. ඒකෙන් ඇමතිගේ බලතලත් අයින් කරනවා කියලා. අපි අතුරු කියන එක නැති කරනවා කිව්වා."

"ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ඩොලර් මිලියන 28ක් තියෙනවා. ඊයේ ආපු විධායක නිලධාරීතුමා පැහැදිලිව කිව්වා ඒ අයට ප්‍රශ්නයක් වුණේ හිටපු ඇමති ඒ මුදල්වලින් 20%ක් ඉල්ලුවා කියලා. ඕවා කියලා කරගන්න ඕන දේවල් නෙමෙයි. මොළෙන් ගහගන්න ඕන දේවල්. ''

අපි ඇහුවා විගණකාධිපති වාර්තාව ගැන. ඒ අය තැන් 03කට ඒ වාර්තාව යොමු කළා කිව්වා. ක්‍රිකට් ආයතනය තමයි ඒ අයගේ සාමාජිකයා කිව්වා. ඒ නිසා ඒ අයට ඒ මුදල් වියදම් කිරීමේ බලය සහ අයිතිය තියෙනවා කිව්වා. අදාළ වාර්තාව ගැන ICC එකට දීලා තියෙන තොරතුරු ගැන ඒගොල්ලො සෑහිමකට පත්වෙනවා කිව්වා. ඒ නිසා ඒ ගැන කතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා කිව්වා."

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබූ අතර පසුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  ද ඔහුව හමුවී තිබුණි.
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...