The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ගැම්බියානු පාපන්දු කණ්ඩායමේ ජීවිත නූලෙන් බේරෙයි

T

The Leader Desk

January 11, 2024 • 7:11 PM

ගැම්බියානු පාපන්දු කණ්ඩායමේ ජීවිත නූලෙන් බේරෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියට (AFCON) සහභාගි වීම පිණිස අයිවරි කෝස්ට් බලා යාමට ගුවන්ගතව සිටි
  • ගුවන් යානයේ සිටි සමහරු දැඩි හිසේරදයකින් පෙළෙමින් හා අධික කරකැවිල්ලකින් පීඩා විඳිමින් සිටි බව ඔහු ‘ඉන්ස්ටග්‍රෑම්’ සටහනකින් කියා තිබුනා.
  • මේ ඇත්තමයි.” “ඔක්සිජන් සැපයීමක් නැති නිසා මිනිත්තු නවයකට පස්සෙ ගුවන් යානය ආපහු ගෙනි යන්න ගුවන් නියමුවා තීරණය කළා.
  • තව පැය භාගයක් ගුවනේ සිටියා නම් අපි ඔක්කොම මැරෙනවා.” 28 හැවිරිදි ජැන්කෝ ‘ඉන්ස්ටග්‍රෑම්’හි මෙසේ සටහන් කළා: “මේක පිළිගන්න බැරි සිද්ධියක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැම්බියා (Gambia) කණ්ඩායමේ ජීවිත බේරී තිබෙන්නේ අනූ නවයෙන්.

ක්‍රීඩකයන් ගමන් කරමින් සිටි ගුවන් යානයට ඔස්සිජන් වායුව සැපයීම බිඳ වැටුනු අතර තවත් පැය භාගයක් ගතවූවා නම් ක්‍රීඩකයන් මරණයට පත්වන්නට ඉඩ තිබුනා.

ගැම්බියා පාපන්දු සංචිතය හා පුහුණු සේවක මණ්ඩලය බැන්ජූ (Banjul) අගනුවර සිට අයිවරි කෝස්ට් වෙත යන ගුවන් යානයක ගමන් කරමින් සිටියදී ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට සිහි නැතිව ගොස් තිබෙනවා. ගුවන් යානයේ ඔක්සිජන් සැපයුම ඉතාම පහළ මට්ටමක තිබීම හේතුවෙන් යානය ගුවන්ගත වී මිනිත්තු නවයකට පසුව හදිසි ගොඩබෑමක් සඳහා නැවත බැන්ජූ ගුවන් තොටුපළ කරා ගුවන් යානය ගෙන ඒමට ගුවන් නියමුවාට සිදුවුනා. 

 එංගලන්තයේ ‘මැන්චෙස්ට යුනයිටඩ්’ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වූ සෙඩී ජැන්කෝ (Saidy Janko) ද ගැම්බියා කණ්ඩායමේ සිටියා. ගුවන් යානයේ සිටි සමහරු දැඩි හිසේරදයකින් පෙළෙමින් හා අධික කරකැවිල්ලකින් පීඩා විඳිමින් සිටි බව ඔහු ‘ඉන්ස්ටග්‍රෑම්’ සටහනකින් කියා තිබුනා.

කණ්ඩායමේ ක්‍රීඩකයන් ගුවන් යානයෙන් ගොඩබසින අයුරු දැක්වෙන වීඩියෝවක් පළ කළ ජැන්කේ අනුමත කළ නොහැකි මේ තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ රටේ පාපන්දු සංගමයට දොස් පැවරුවා.


Tom Saintfiet
ගැම්බියානු පාපන්දු කණ්ඩායමේ ටොම් සේන්ෆයට් (Tom Saintfiet) බෙල්ජියන් ජාතික පුහුණුකරු Nieuwsblad පුවත්පතට මෙසේ කියා සිටියා: “අපි ඔක්කොම මැරෙන්න ඉඩ තිබුනා. අපි සියළු දෙනාටම ඉක්මනටම නින්ද ගියා. මටත් නින්ද ගියා. මගේ ජීවිතය නැතිවෙන අන්දම ගැන මම කෙටි සිහින දුටුවා. මේ ඇත්තමයි.”

“ඔක්සිජන් සැපයීමක් නැති නිසා මිනිත්තු නවයකට පස්සෙ ගුවන් යානය ආපහු ගෙනි යන්න ගුවන් නියමුවා තීරණය කළා. යානය ගොඩබිමට බැස ටික වෙලාවක් යනතුරුත් සමහර ක්‍රීඩකයන් අවදි වුනේ නැහැ.”


“අපි කාබන් මොනොක්සයිඩ් විෂවීමක් ආසන්නයටම ආවා. තව පැය භාගයක් ගුවනේ සිටියා නම් අපි ඔක්කොම මැරෙනවා.”

28 හැවිරිදි ජැන්කෝ ‘ඉන්ස්ටග්‍රෑම්’හි මෙසේ සටහන් කළා: “මේක පිළිගන්න බැරි සිද්ධියක්. සෞදි අරාබියේ පුහුණු කඳවුරකින් පස්සෙ ඉස්ටාන්බුල් හා කැසබ්ලන්කාවල දීර්ඝ නැවතුම්වලින් පසුව පැය 32ක ගමනක් අවසානයේ ගැම්බියාවට ආවම අපි එතන ඉඳන් අයිවරි කෝස්ට්වලට AFCON තරගාවලිය සඳහා අද ගුවන්ගත වෙන්නයි නියමිතව තිබුනේ.”


“අපිව ගෙන යාම පිණිස කුලියට ගෙන තිබූ කුඩා ගුවන් යානයට අපි ඇතුළු වූ විගස අපේ ඇඟෙන් දාඩිය ගලන රස්නයක් අපට දැනුනා. අපි ගුවනට ගියායින් පස්සේ වායුසමීකරණය වැඩ කරාවි කියලා යානයේ සේවක මණ්ඩලය අපට සහතික කළා.”

“අනුකම්පා විරහිත උෂ්ණත්වය ඔක්සිජන් වායුවේ අඩුවීමත් එක්ක මිශ්‍ර වුනාම බොහෝ මිනිසුන්ට දැඩි හිසරදය හා අධික කරකැවිල්ල හැදුනා. යානයට ඇතුළු වී එය ගමන් ආරම්භ කළ විගස මිනිසුන්ට නින්ද යන්න පටන් ගත්තා.”


“අහසට ගියායින් පස්සේ තත්ත්වය තවත් බරපතළ වුනා. මේ නිසා ගුවන්ගත වී මිනිත්තු නවයකට පසුව යළි බැන්ජූ ගුවන් තොටුපළේ හදිසි ගොඩබෑමකට යාම හැර වෙනත් විකල්පයක් ගුවන් නියමුවාට තිබුනේ නැහැ. ඒක සාර්ථකව කෙරුනා.”

“ඒක එහෙම නොවුනා නම් මෙහි ප්‍රතිවිපාක මීට වඩා ගොඩක් භයානක වෙන්න ඉඩ තිබුනා. ඔක්සිජන් අඩුවේගන යන ගුවන් යානයක මීට වඩා වැඩි වෙලාවක් අපට ඉන්න සිද්ධ වුනා නම් මොකක් වෙයිද දන්නවා නේ...”

Gambia

“සියළු දෙනාම හොඳින් ඉන්න එක ගැන අපට සතුටුයි. නමුත් AFCON තරගාවලියට සහභාගි වීමට යන අතරතුර, අපේ ජාත්‍යන්තර රාජ්‍ය සේවයේ අපට තිබුනු එක ම බාධකය ලෙසින් මේ සිද්ධිය ගැන බලධාරීන් සොයා බැලිය යුතුයි.”

Nieuwsblad සමග කළ සාකච්ඡාවේදී පුහුණුකරු සේන්ෆයට් කියා සිටියේ ගැම්බියා කණ්ඩායම බ්‍රහස්පතින්දා (අද) අයිවරි කෝස්ට්වලට යා යුතු බවත් එසේ නොවුනහොත් තරගාවලියෙන් ඉවතට විසිවීමේ අවදානම ගත යුතු බව. ඔවුන්ගේ පළමු තරගය තිබෙන්නේ සෙනෙගාලය සමග සඳුදා.


“අපි දැන් ඉන්නේ ගැම්බියාවේ. මේ වගේ ගුවන් යානයක තවදුරටත් ගමන් කරන්න අපට උවමනාවක් නැහැ. අවරපෙති තිබෙන, පුද්ගලයින් 50කට යන්න පුළුවන් විදියේ ඔවුන්ට සොයා ගත හැකිව තිබුනු පුංචි ම ගුවන් යානය ඒක වෙන්න ඇති” ඔහු ප්‍රකාශ කළා.

“ඔවුන්ට ඔ්න වුනේ පියාසර කරන්න පුළුවන් ඔ්නම දෙයක්. අපට සීමාවන් තියෙනවා. මම පාපන්දු පිටියේ මැරෙන්න වුනත් සූදානම්. නමුත් මගේ රැකියාව නිසා පිටියෙන් පිටතදී මැරෙන්න මගේ කැමැත්තක් නැහැ.”


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගැම්බියානු පාපන්දු කණ්ඩායමේ ජීවිත නූලෙන් බේරෙයි | The Leader