The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔලිම්පික් උළෙලට රුසියානු - බෙලරුසියානු ක්‍රීඩකයන් වැද්ද නොගන්නැයි ඉල්ලීමක්

T

The Leader Desk

January 12, 2024 • 9:50 AM

ඔලිම්පික් උළෙලට රුසියානු - බෙලරුසියානු ක්‍රීඩකයන් වැද්ද නොගන්නැයි ඉල්ලීමක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වසරේ පැරිසියේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන් වැද්ද නොගන්නා ලෙසට තදින් ආයාචනය කරමින් යුක්රේන් ක්‍රීඩකයින් 200කට වැඩි පිරිසක් ඔවුන්ගේ අත්සනින් යුත් ලිපියක් ප්‍රංශයේ ජනාධිපති එමැන්යුඅල් මැක්රොන් ට ලියා තිබෙනවා.
  • දිනෙන් දින වැඩි වෙමින් තිබෙන මේ ලිපියේ නම් ලැයිස්තුවට දැන් යුක්රේන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 218 දෙනෙකු අත්සන් තබා තිබෙනවා.
  • “2024 ජූලි මාසයේදී පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වෙනවා.
  • ඔලිම්පික් ප්‍රතිපත්ති දිගටම ගෙන යාමටත් ත්‍රස්තවාදී රටවල ක්‍රීඩකයන් සහභාගි වීම වැළැක්වීමටත් ඔබේ අඛණ්ඩ සහයෝගය යුක්රේන් ක්‍රීඩකයන් වන අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් එම ලිපියේ සඳහන් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


යුක්රේනය හා රුසියාව අතර පැවැත්වෙන යුද්ධය මධ්‍යයේ යුක්රේනයේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් පළකර තිබෙන මේ ලිපිය පැරිස් නගරාධිපති Anne Hidalgo, ප්‍රංශයේ ක්‍රීඩා ඇමති Amelie Oudea-Castera හා ‘පැරිස් 2024’ අනෙකුත් සංවිධායකයන්ට ද යොමු කර තිබෙනවා.

දිනෙන් දින වැඩි වෙමින් තිබෙන මේ ලිපියේ නම් ලැයිස්තුවට දැන් යුක්රේන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 218 දෙනෙකු අත්සන් තබා තිබෙනවා.

paris ol

“2024 ජූලි මාසයේදී පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වෙනවා. ඔලිම්පික් ප්‍රතිපත්ති දිගටම ගෙන යාමටත් ත්‍රස්තවාදී රටවල ක්‍රීඩකයන් සහභාගි වීම වැළැක්වීමටත් ඔබේ අඛණ්ඩ සහයෝගය යුක්රේන් ක්‍රීඩකයන් වන අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් එම ලිපියේ සඳහන් වෙනවා.

“සිදුවෙමින් තිබෙන මිනීමැරුම්වලට එරෙහිව හෝ යුද්ධය අතරතුර සිදුවන යුක්රේන් ජනතාවගේ සමූල ඝාතනයට එරෙහිව හෝ මේ රටවල කිසිම ක්‍රීඩකයෙක් කතා කර නැහැ.”


පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටින රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයින්ට සුදුසුකම් ලැබීමේ යම් කොන්දේසිවලට යටත්ව මධ්‍යස්ථ ක්‍රීඩකයන් ලෙස තරග කළ හැකි බවට ජගත් ඔලිම්පික් කමිටුව (IOC) පසුගිය වසරේ නිවේදනය කළා.

මේ තීරණය බලපාන්නේ තනි ක්‍රීඩකයන්ට පමණක් වන අතර එම රටවල් නියෝජනය කරන කණ්ඩායම් මීට ඇතුළත් වන්නේ නැහැ.

යුද්ධයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන ක්‍රීඩකයන් හෝ ඔවුන්ගේ රටවල හමුදාවන් සමග කොන්ත්‍රාත්ගතව සිටින ක්‍රීඩකයන් ද ඔලිම්පික් උළෙලේ තරග කිරීමට සුදුසුකම් ලබන්නේ නැහැ. “රුසියාව හෝ බෙලරුසියාවේ කිසිම ධජයක්, ජාතික ගීයක්, ජාතික වර්ණ හෝ මේ රටවල් හඳුනා ගැනෙන වෙනත් කිසිම දෙයක් පැරිස් ඔලිම්පික් උළෙලේ ප්‍රදර්ශනය කරන්නේ නැහැ” යනුවෙන් ජගත් ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළා.

පසුගිය වසරේදී ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව (IPC) ද මේ දෙරටේ ජාතික පැරාලිම්පික් කමිටුවලට එරෙහි පූර්ණ තහනමකට විරුද්ධව ඡන්දය දෙමින් රුසියානු හා බෙලරුසියානු පැරාලිම්පික් ක්‍රීඩකයන්ට ද මධ්‍යස්ථ කොඩියක් යටතේ පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි විය හැකි බවට නිවේදනය කළා.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යනුවෙන් තීරණය කිරීමේ නීතිමය බලයක් ‘පැරිස් 2024’ සංවිධායක කමිටුවට හෝ ප්‍රංශ ආණ්ඩුවට නැහැ.

zdfwertw34

“පැරිස් 2024 ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීම මෙන්ම තනි මධ්‍යස්ථ ක්‍රීඩකයන් වෙනුවෙන් වන සුදුසුකම් ලබා ගැනීමේ දැඩි කොන්දේසි පැනවීම අයත් වන්නේ IOCයට හා ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවලට පමණක් බව අවධානයට ලක්කර ගැනීම වැදගත්” යැයි ‘පැරිස් 2024’ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.

“පැරිස් 2024 සංවිධායක කමිටුවේ වගකීම වන්නේ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මොන ජාතියකට අයිති වුනත් ඔවුන්ට හැකි උපරිමයෙන් සත්කාරකත්වය ලබා දීමයි. ඔලිම්පික් පටන් ගන්න මාස හයකට වැඩි කාලයක් තිබියදී අපේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ එය යි”

ukraine vr

“දැන් පවතින යුද්ධය ගැන කතා කරන විට, අපි යුක්රේනයට, එහි ජනතාවට හා යුක්රේන් ඔලිම්පික් හා පැරාලිම්පික් කමිටුවලට අපේ නිරතුරු සහයෝගිතාව ප්‍රකාශ කරන්න කැමතියි.”

රුසියාව විසින් 2022 වසරේ පෙබරවාරි මාසයේ යුක්රේනය ආක්‍රමණය කිරීම හා බෙලරුසියාව ඊට සහයෝගය දීමෙන් පසුව ජාත්‍යන්තර තරගාවලියන් රැසක් රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය තහනම් කළා.

ukranian athletes2023 අප්‍රේල් 18 වන දින ගන්නා ලද මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ රුසියානු ආක්‍රමණය හේතුවෙන් මියගිය යුක්‍රේන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙසීයකගේ ඡායාරූප යි.

රුසියානු යුද ආක්‍රමණය හේතුවෙන් 400කට වැඩි යුක්රේන් ක්‍රීඩකයන් මිය ගොස් සිටින බව යුක්රේනයේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති Vadym Gutzait පසුගිය මාසයේදී යුක්රේන රාජ්‍ය රූපවාහිනියෙන් ප්‍රකාශ කර සිටියා.

යුක්රේනයේ යුද්ධය තිබියදීත් රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයින්ට 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා බහු විධ සැලැස්මක් ජගත් ඔලිම්පික් කමිටුව විසින් පසුගිය වසරේ මාර්තුවේදී ප්‍රකාශයට පත්කළා. ඒ තීරණය විවේචනයට ලක්වූ අතර ගෝලීය මලල ක්‍රීඩක හා යුක්රේන මලල ක්‍රීඩක අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ආයතන ඒකාබද්ධ නිවේදනක් නිකුත් කරමින් කියා සිටියේ මේ සැලැස්මෙන් සිදුවන්නේ රුසියාවේ ප්‍රචාරක යාන්ත්‍රණය තවත් ශක්තිමත් වන බව.

ඉන්පසුව දෙසැම්බර් මාසයේදී IOCය අනාවරණය කර සිටියේ පැරිස් ඔලිම්පික් උළෙලට දැනටමත් සුදුසුකම් ලබා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,600 අතරින් රුසියානු විදෙස් ගමන් බලපත්‍ර තිබෙන්නේ අට දෙනෙකුට පමණක් හා බෙලරුසියානු විදෙස් ගමන් බලපත්‍ර ඇත්තේ තිදෙනෙකුට පමණක් බව.

IENCHWELJ5LSJBH6A4FFDBBZPY
දෙසැම්බර් මාසයේදී ජගත් ඔලිම්පික් කමිටුව ගත් තීරණයෙන් පසුව යුක්රේනය පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වනවාද යන්න පිළිබඳව සලකා බැලිය යුතුව තිබෙන බව යුක්රේන් යෞවන කටයුතු හා ක්‍රීඩා ඇමති Matviy Bidnyi පවසා තිබෙනවා.

සටහන :
වෝනගේ නැතිවුනු තොප්පිය ආපසු ලබා ගන්න ඔස්ට්‍රේලියාව පුරා සෝදිසි මෙහෙයුමක්(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි පුවත් :

රුසියානු හා බෙලරුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් යන්න වරම් !

සෑම රුසියානු ක්‍රීඩක මධ්‍යස්ථ කොඩියකම ලේ පැල්ලම් තියෙනවා - යුක්රේනය


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔලිම්පික් උළෙලට රුසියානු - බෙලරුසියානු ක්‍රීඩකයන් වැද්ද නොගන්නැයි ඉල්ලීමක් | The Leader