The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඩේවිඩ් ටීග දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායකත්වයෙන් දොට්ට

T

The Leader Desk

January 13, 2024 • 3:59 PM

ඩේවිඩ් ටීග දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායකත්වයෙන් දොට්ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන
  • ආරක්ෂක හේතුන් මත ඩේවිඩ් ටීග (David Teeger) ලේක කුසලාන සත්කාරක කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කර තිබෙන්නේ පසුගිය වසරේදී යුදෙව් නැගී එන තරුව - Jewish Rising Star - සම්මානයක් ලබා ගත් අවස්ථාවේදී ඔහු විසින් සිදුකළ ඊශ්‍රායල් හිතවාදී ප්‍රකාශයන් හේතුවෙන්.
  • නමුත් නියම නැගී එන තරු වන්නේ ඊශ්‍රායලයේ සිටින තරුණ සොල්දාදුවන්” යනුවෙන් ටීග පසුගිය ඔක්තෝබරයේ එම සම්මානය පිළිගැනීමේ කතාවේදී ප්‍රකාශ කර තිබෙනවා.
  • ඊට අමතරව, ඊශ්‍රායල් දේශයට සහ අපට ඩයස්පෝරාවේ ජීවත් වෙමින් එහි ශක්තිමත්ව වැඩෙන්නට හැකි වන පරිදි අපි වෙනුවෙන් සටන් කරන සෑම සොල්දාදුවෙක් වෙනුවෙන් මේ සම්මානය කැප කරන්න මම කැමතියි” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ යුදෙව් ජාතික නායකයා එම නායකත්වයෙන් ඉවත් කිරීම ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනාගේ කෝපයට හේතු වී තිබෙනවා.

ආරක්ෂක හේතුන් මත ඩේවිඩ් ටීග (David Teeger) ලේක කුසලාන සත්කාරක කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කර තිබෙන්නේ පසුගිය වසරේදී යුදෙව් නැගී එන තරුව - Jewish Rising Star - සම්මානයක් ලබා ගත් අවස්ථාවේදී ඔහු විසින් සිදුකළ ඊශ්‍රායල් හිතවාදී ප්‍රකාශයන් හේතුවෙන්.

xdfser
“ඔව්, මට මේ සම්මානය ලබා දී තිබෙනවා. ඔව්, මම තමයි දැන් නැගී එන තරුව. නමුත් නියම නැගී එන තරු වන්නේ ඊශ්‍රායලයේ සිටින තරුණ සොල්දාදුවන්” යනුවෙන් ටීග පසුගිය ඔක්තෝබරයේ එම සම්මානය පිළිගැනීමේ කතාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

“ඒ නිසා මම මේ සම්මානය එක පුතෙක් තවමත් අතුරුදන්ව සිටියදී අනෙක් පුතාව බන්දලා දීපු දකුණු අප්‍රිකානු පවුලට පිළිගන්වන්න කැමතියි. ඊට අමතරව, ඊශ්‍රායල් දේශයට සහ අපට ඩයස්පෝරාවේ ජීවත් වෙමින් එහි ශක්තිමත්ව වැඩෙන්නට හැකි වන පරිදි අපි වෙනුවෙන් සටන් කරන සෑම සොල්දාදුවෙක් වෙනුවෙන් මේ සම්මානය කැප කරන්න මම කැමතියි” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.



ටීගගේ මේ ප්‍රකාශයන් පිළිබඳව පලස්තීන සහයෝගිතා සන්ධානය - Palestinian Solidarity Alliance (PSA) - විසින් දකුණු අප්‍රිකානු ක්‍රීඩා සන්ධානය හා ඔලිම්පික් කමිටුව ට නිල වශයෙන් පැමිණිලි කර තිබෙනවා.

නානාප්‍රකාර ක්‍රීඩකයන්ගෙන් සමන්විත දකුණු අප්‍රිකානු කණ්ඩායමක් නියෝජනය කිරීමට ඩේවිඩ් ටීග සුදුසු ද, එවැනි කණ්ඩායමක් මෙහෙයවීම පිණිස අවශ්‍ය හැකියාව ඔහුට තිබෙනවාද යනුවෙන් PSA ප්‍රශ්න කර තිබෙනවා.

මේ පිළිබඳ විමර්ශනයකින් පසුව ටීග තවදුරටත් කණ්ඩායමේ නායකත්වයේ රැඳී සිටිනු ඇති බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය (CSA) මුලින් තහවුරු කළ ද ඔවුන් දැන් ආරක්ෂක උපදෙස් මත යැයි පවසමින් එම තීරණය වෙනස් කර තිබෙනවා.

‘මේ ආකාරයේ වෙනත් ඔ්නෑම ඉසව්වකදී මෙන්, මේ ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් ද ආරක්ෂක හා අවදානම් අලුත් ම තත්ත්වයන් පිළිබඳ තොරතුරු CSA ට ක්‍රමවත්ව ලැබී තිබෙනවා. ගාසා තීරයේ පවතින යුද්ධය සම්බන්ධ විරෝධතාවන් ලෝක කුසලාන ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවලදී බලාපොරොත්තු විය හැකි බවට අපට උපදෙස් ලැබී තිබෙනවා’ යනුවෙන් නිවේදනයක දැක්වෙනවා.

ඒ නිවේදනයේ මෙසේ ද සඳහන් වී තිබෙනවා.

‘දකුණු අප්‍රිකානු අවුරුදු 19න් පහළ නායක ඩේවිඩ් ටීගගේ මතය ඔවුන් විසින් කේන්ද්‍ර කර ගැනීමට ඉඩ තිබෙන බවට ද අපට උපදෙස් ලැබී තිබෙනවා. මේ නිසා එමගින් විරෝධතාකරුවන් අතර සිටින ප්‍රතිවාදී කණ්ඩායම් අතර ගැටුමක් හෝ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හට ගත හැකි බව ට අපට අනතුරු අඟවා තිබෙනවා.’

‘ලෝක කුසලානයට සහභාගි වන සියළු දෙනාගේ ම ආරක්ෂාව සහතික කිරීමට CSA ට මූලික වගකීමක් තියෙනවා. ඒ නිසා ක්‍රීඩකයන් හා නරඹන්නන්ගේ ආරක්ෂාව ගැන වගකියන අයගේ විශාරද උපදෙස්වලට අපි ගරු කළ යුතුයි. මේ තරගාවලිය වෙනුවෙන් ඩේවිඩ් නායකත්වයෙන් ඉවත් කළ යුතු බවට CSA තීරණය කළේ මේ සියළු තත්ත්වයන් සැළකිල්ලට ගෙන.’

‘මේ තීරණය ගත්තේ සියළුම ක්‍රීඩකයින්, දකුණු අප්‍රිකානු අවුරුදු 19න් පහළ කණ්ඩායම හා ඩේවිඩ් ගැනත් අවධානය යොමු කරමින්.’

zdxfsdf
මේ නිවේදනය පිළිබඳව කෝපයට පත් පිරිස අතර පෙරමුණේ සිටින්නේ ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙකු වන පීස් මෝගන් (Piers Morgan). “ඔවුන් එයාව ඉවත් කළේ එයා යුදෙව්වෙක් නිසා ද?” ඔහු ප්‍රශ්න කරනවා.

“මෙය CSAගේ ලජ්ජාශීලී බියගුලු ක්‍රියාවක්.”

බ්‍රිතාන්‍යයේ හිටපු ඇමතිවරයෙකු වන සැක් ගෝල්ඩ්ස්මිත් (Zac Goldsmith) මේ තීරණය දැඩි ලෙස හෙළා දකිමින්, දකුණු අප්‍රිකාව ඔවුන් ට ම ලජ්ජාව ගෙනැවිත් තිබෙන බව ප්‍රකාශ කරනවා.


“දකුණු අප්‍රිකානු අවුරුදු 19න් පහළ ක්‍රිකට් නායක ඩේවිඩ් ටීග ඊශ්‍රායලය ට දක්වන සහයෝගය පිළිබඳව හමාස් සංවිධානයට සහයෝගය දක්වන PSA පැමිණිලි කර තියෙනවා. එවැනි දේකට ඔවුන්ට අයිතියක් තිබෙනවා. නමුත් එයට දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය දැක්වූ ප්‍රතිචාරය පිළිකුලක් ඇති කරවනවා. පළමුව ටීග නිදොස් බවට තහවුරු වුනු විමර්ශනයක් පැවැත්වුවා. ඊට පස්සේ ඒ නිදොස් බව නොතකා ඔවුන් ඔහුව ඉවත් කළා.”

zdfer3
“ඔවුන් ‘ආරක්ෂාව’ යන වචනය කියමින් සිදුකරන අවමන් සහගත ප්‍රකාශය ගණන් ගන්න එපා. ඩේවිඩ් ටීග නායකත්වයෙන් පහ කර තිබෙන්නේ ඔහු යුදෙව්වෙක් නිසා.”

“ටීග සුවිශේෂ නිර්භීතකමක් හා ප්‍රතිපත්තියක් ප්‍රදර්ශනය කර තිබෙනවා. දකුණු අප්‍රිකාව ඔවුන් විසින් ම ලජ්ජාවෙන් රට වසා ගෙන තියෙනවා.”

කළින් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබී දකුණු අප්‍රිකාවට සත්කාරකත්වය ලැබීමෙන් පසුව ජනවාරි 19 සිට පෙබරවාරි 11 දක්වා පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රික‌ට් තරගාවලිය සඳහා වන දකුණු අප්‍රිකානු සංචිතයේ ඩේවිඩ් ටීග දිග ට ම රැඳී සිටින බවට දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය සහතික වී තිබෙනවා.

ඩේවිඩ් ටීග නායකත්වයෙන් ඉවත් කිරීම සිදුවන්නේ ගාසා හි පලස්තීනුවන්ට එරෙහිව ගෙන යන මිනිස් සංහාරය පිළිබඳව දකුණු අප්‍රිකාව ඊශ්‍රායලය ට චෝදනා කර සති කිහිපයකට පසුව.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...