The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අපරාජිත ඇල්ජීරියානු පාපන්දු කණ්ඩායමේ ඔත්තු බලන්න ඩ්‍රෝන යානයක් යවලා

T

The Leader Desk

January 14, 2024 • 10:03 AM

අපරාජිත ඇල්ජීරියානු පාපන්දු කණ්ඩායමේ ඔත්තු බලන්න ඩ්‍රෝන යානයක් යවලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප්‍රිකානු කුසලාන පාපන්දු ශූරතාවලිය (AFCON) ආරම්භ වීමට පෙර දිනයේදී ඇල්ජීරියානු කණ්ඩායම ඔත්තු බැලීමේ සිද්ධියක පැටලුනා.
  • පුහුණු සැසිය අතරතුර පිටිය උඩින් ඩ්‍රෝන යානයක් පියාසර කරමින් තිබීම නිසා කවුරු හෝ කෙනෙක් ජමෙල් බෙල්මාඩි (Djamel Belmadi) පුහුණුකරු සහ ඔහුගේ ක්‍රීඩකයන් ගැන ඔත්තු බලන බවට සැක පහළ වුනා.
  • එහිදී හෙළි වී තිබෙන්නේ එම පුද්ගලයා ඇල්ජීරියානු මාධ්‍ය විසින් සේවයට බඳවා ගත් අයිවරි කෝස්ට් ජාතිකයෙකු බව.
  • කෙසේ වෙතත් මෙය බෙල්මාඩිගේ අවධානය වෙනතකට යොමු කරවීමට සමත් වූ සිදුවීමක් වූයේ තරගාවලියට පෙර ඔහුගේ පුහුණු සැසියන් හැකි තරම් අඩුවෙන් වීඩියෝගත කරන ලෙසට බෙල්මාඩි ප්‍රබල ඉල්ලීමක් කර තිබූ බැවින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, තරගාවලිය පැවැත්වෙන අයිවරි කෝස්ට් හි ඔවුන් පුහුණු වෙමින් සිටියදී ඩ්‍රෝන යානයක් ක්‍රීඩකයන්ට ඉහළින් පියාසර කළ බැවින්.

drobne
Riyad Mahrez, Rayan Ait-Nouri, Islam Slimani හා Ismael Bennacer වැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඇල්ජීරියානු කණ්ඩායම සූදානම් වෙමින් සිටියේ ඇන්ගෝලාව සමග හෙට පැවැත්වෙන ඔවුන්ගේ ආරම්භක තරගය සඳහා.

පුහුණු සැසිය අතරතුර පිටිය උඩින් ඩ්‍රෝන යානයක් පියාසර කරමින් තිබීම නිසා කවුරු හෝ කෙනෙක් ජමෙල් බෙල්මාඩි (Djamel Belmadi) පුහුණුකරු සහ ඔහුගේ ක්‍රීඩකයන් ගැන ඔත්තු බලන බවට සැක පහළ වුනා.

පොලිසිය විසින් ඩ්‍රෝන යානය හසුරුවන පුද්ගලයා අල්ලා ගෙන ඔහුගෙන් ප්‍රශ්න කරන අයුරු සමාජ මාධ්‍ය වීඩියෝවෙන් පෙනෙන්නට තිබුනා. එහිදී හෙළි වී තිබෙන්නේ එම පුද්ගලයා ඇල්ජීරියානු මාධ්‍ය විසින් සේවයට බඳවා ගත් අයිවරි කෝස්ට් ජාතිකයෙකු බව.

alg drone
කෙසේ වෙතත් මෙය බෙල්මාඩිගේ අවධානය වෙනතකට යොමු කරවීමට සමත් වූ සිදුවීමක් වූයේ තරගාවලියට පෙර ඔහුගේ පුහුණු සැසියන් හැකි තරම් අඩුවෙන් වීඩියෝගත කරන ලෙසට බෙල්මාඩි ප්‍රබල ඉල්ලීමක් කර තිබූ බැවින්.

ඒ ඉල්ලීම ඇල්ජීරියානු කණ්ඩායම Togo හා Burundi යන රටවල කණ්ඩායම් සමග පැවැත්වූ පෙරහුරු තරගවලට ද වලංගු වුනා. මේ තරගවලදී ඇල්ජීරියාව පිළිවෙලින් ගෝල් 3-0ක් හා 4-0ක ජයග්‍රහණ අත්කර ගත්තා.

පසුගිය AFCON තරගාවලියේදී මූලික වටයෙන් ඉදිරියට යාමට අපොහොසත් වූ ඇල්ජීරියාව පැහැදිලිවම මෙවර කිසිම අවදානමක් නොගනු ඇත්තේ ඔවුන් 2019 වසරේදී ලබා ගත් සාර්ථකත්වය නැවත අත්කර ගැනීමට ඉලක්ක කරගෙන සිටින නිසා.

බුකීකරුවන් තබා තිබෙන ඔට්ටු අනුව මෙවර අප්‍රිකානු කුසලානය හිමිකර ගන්නා කණ්ඩායම් අතර ඇල්ජීරියාවට තිබෙන්නේ සිවුවැනි තැන. මොරොක්කෝව, සෙනෙගාලය හා සත්කාරක අයිවරි කෝස්ට් ඔවුන්ට ඉදිරියෙන් සිටින කණ්ඩායම්.

කෙසේ වෙතත් ඇල්ජීරියාව 2023 වසරේදී කිසිම තරගයකින් පරාජය වී නැහැ. එම වසරේ ඔවුන් සහභාගි වූ AFCON හා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග සහ මිත්‍ර තරග ද ඇතුළු තරග දුසිමෙන් ඇල්ජීරියාව තරග 9ක් ජය ගෙන තරග 3ක් ජය පැරදුමින් තොරව අවසන් කර ගැනීමට සමත්ව තිබෙනවා.

79964463 12959027 image a 34 1705139023679

‘මැන්චෙස්ට සිටි’ කණ්ඩායමට ක්‍රීඩා කර දැන් සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ Al-Ahli කණ්ඩායමට ක්‍රීඩා කරන රියාද් මාරෙස් මෙවර තරගාවලියේදී ඇල්ජීරියාවට නායකත්වය සපයන අතර ඔහු මේ තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩයෙකු වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

ස්පාඤ්ඤයේ Villarreal, ජර්මනියේ Borussia Dortmund, ප්‍රංශයේ Lille සහ ඉතාලියේ AC Milan හා Roma යන වෘත්තීය පාපන්දු සමාජවලට ක්‍රීඩා කරන දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඇල්ජීරියානු කණ්ඩායම මෙවර අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේ සිටින අවධානය යොමු විය යුතු කණ්ඩායමක් බව විචාරකයින් පෙන්වා දෙනවා.


සටහන :
වෝනගේ නැතිවුනු තොප්පිය ආපසු ලබා ගන්න ඔස්ට්‍රේලියාව පුරා සෝදිසි මෙහෙයුමක්(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපරාජිත ඇල්ජීරියානු පාපන්දු කණ්ඩායමේ ඔත්තු බලන්න ඩ්‍රෝන යානයක් යවලා | The Leader