ඕවර 18 ක් පුරා සිම්බාබ්වේ පිල සතුව තිබූ තරගයේ වාසිය අවසන් මොහොතේදී තම කණ්ඩායම වෙත ඇදගත් ඇන්ජලෝ මැතිව්ස් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (14 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී කඩුලු 3 ක ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියේය.
දිගු කලකට පසුව ලකුණු අතරට පැමිණි හිටපු නායක දසුන් ශානක (පන්දු 18 කින් ලකුණු 26) මැතිව්ස්ට අගනා සහයෝගයක් දෙමින් තරගයේ අවසන් පන්දුව දක්වාම පිටියේ සිටියේය.
මැතිව්ස් සහ දසුන් ශානක දෙදෙනා අතර හත්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 55 කි.
පන්දු 38 කින් ලකුණු 46 ක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් එක්ව 19 වැනි ඕවරය යැවූ රිචඞ් ගරාවාගෙන් ලකුණු 12 ක් උදුරා ගත්හ. ඒ සමගම, ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 14 ක් විය. අවසන් ඕවරයේ පළමු පන්දු දෙකම හතරේ සීමාවෙන් එපිටට යැවූ මැතිව්ස් සිව්වැනි පන්දුවේදී දැවී ගියේ අවසන් පන්දු 2 න් ලකුණු 6 ක් අවශ්‍ය තැනට ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන එමිනි.
අනතුරුව පැමිණි දුෂ්මන්ත චමීර එම ඉලක්කය සපුරා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරගයේ ජයග්‍රහණය ගෙන එමිනි. 
ශ්‍රී ලංකා නායකයා විසින් කාසියේ වාසිය දිනාගනු ලැබීම හේතුවෙන් සිම්බාබ්වේ පිලට පළමුවෙන් පන්දුවට පහර දීමට සිදුවිය. ඔව්හු, නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 5 ක් දැවී ලකුණු 143 ක් ලබාගත්හ. හයවැනි ඕවරයේදී ලකුණක් අතර කඩුලු දෙකක් බිඳ වැටුණ නමුත් හසන් රාසා තම පිල ගොඩගත්තේය.
ෂෝන් විලියම්ස් ලකුණු 03 ක් ලබා සිටියදී ස්ලිප් හි සිටි පැතුම් නිස්සංක අතින් පහසු උඩපන්දුවක් ගිළිහී ගියද එහි ප්‍රයෝජන ගැනීමට වමත් පිතිකරුවා අසමත් විය. විලියම්ස්ගේ ලකුණු සංඛ්‍යාව අඩුවූ නමුත් ඔහු පිටියේ සිටිමින් රාසාට දැක්වූ සහයෝගය විශාල විය.
විලියම්ස් පන්දු 20 කින් ලකුණු 14 ක් ලබාගනිද්දී ආක්‍රමණශීලී පිතිහරඹයක් දියත් කළ සිම්බාබ්වේ නායකයා, ලකුණු සංඛ්‍යාව 100 සීමාවෙන් ඔබබට ගෙන ගියේය. හතරේ පහර 5 කින් සහ හයේ පහර 2 කින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සංග්‍රහ කළ රාසා, මෙම තරගය නැරඹීමට පැමිණ සිටින විශාල ජනකායගේ සිත් සතන් පිනවාලූයේය.
තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කින් ලකුණු 45 ක් එක්කළ විලියම්ස් සහ රාසා අතර සම්බන්ධතාව බිඳී ගියේ ඩීප් මිඞ් විකට් හි සිටි සධීර සමරවික්‍රම රැකගත් උඩපන්දුවකිනි. එහෙත් එතැනින් නොනැවතුණු රාසා, මුහුණ දුන් 38 වැනි පන්දුවේදී තම අර්ධ ශතකය ලබාගත්තේය.
මහීෂ් තීක්‍ෂණ (16/2) සහ වනිඳු හසරංග (19/2) දෙදෙනා සාර්ථක පන්දු යැවීමක නිරත වූ නමුත් සෙසු වේග පන්දු යවන්නෝ දැඩි ප්‍රහාරයකට ලක්වූහ. දසුන් ශානකගේ ඕවර 2 කින් ලකුණු 13 ක් ලබාගත් සිම්බාබ්වේ පිතිකරුවෝ, නුවන් තුෂාර (43) සහ දුෂ්මන්ත චමීර (38) දෙදෙනාගේ ඕවර 4 න් ලකුණු 81 ක් ලබාගත්හ. 

(kelimandala.lk- දමින්ද විජේසූරිය)
පළමු විස්සයි විස්ස තරගය: මැතිව්ස් - දසුන් ලංකාව දිනවති
T
The Leader Desk
January 15, 2024 • 5:00 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3කින් ජයගැනීමට සමත්විය.
- ඒ සමගම, ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 14 ක් විය.
- ඔව්හු, නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 5 ක් දැවී ලකුණු 143 ක් ලබාගත්හ.
- හයවැනි ඕවරයේදී ලකුණක් අතර කඩුලු දෙකක් බිඳ වැටුණ නමුත් හසන් රාසා තම පිල ගොඩගත්තේය. ෂෝන් විලියම්ස් ලකුණු 03 ක් ලබා සිටියදී ස්ලිප් හි සිටි පැතුම් නිස්සංක අතින් පහසු උඩපන්දුවක් ගිළිහී ගියද එහි ප්‍රයෝජන ගැනීමට වමත් පිතිකරුවා අසමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



