The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඩාට්ස්මේනියාව

T

The Leader Desk

January 15, 2024 • 2:42 PM

ඩාට්ස්මේනියාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දහසය හැවිරිදි ලෝක ඩාට්ස් අනුශූර ලූක් ලිට්ලගෙන් ඇරඹුනු ‘ඩාට්ස්මේනියාව’ දැන් ඔහු සිය හැකියාවන්
  • ලූක්ගේ ඩාට්ස් විසිකිරීමේ තාක්ෂණය වඩාත් ඔප දැමීම පිණිස වරක් උදව් කරමින් ඔහුට නොමිලේ ඩාට්ස් ක්‍රීඩා උපකරණ ලබා දී තිබෙන්නේ සාන්ත හෙලන්ස් ඩාට්ස් සාප්පුවේ හිමිකරු වන 54 හැවිරිදි කාල් හෝල්ඩන් (Karl Holden).
  • ලිට්ල ඊට වක්‍රාකාරයෙන් ආපසු ගෙවා තිබෙන්නේ ඩාට්ස් පුවරුවක් මිලදී ගන්නා ලෙසට පුංචි ළමයින් බොහෝ දෙනෙක් උනන්දු කරවමින් තමාගේ සාප්පුවේ ආදායම පසුගිය වසරේ පවුම් 50,000කින් ඉහළ නංවමින් බව හෝල්ඩන් කියනවා.
  • ‘එයාට තවම 16යි, මටත් එයා වගේ වෙන්න පුළුවන්’ කියලා පොඩි ළමයි හිතනවා.” “මෙහෙට එන පුද්ගලයන් දහ දෙනෙකුගෙන් නව දෙනෙකු ම ලිට්ල ගැන සඳහන් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මුවහත් කරගත් නගරය වෙලාගෙන ගොස් තිබෙනවා.

එංගලන්තයේ මර්සීසයිඩ් Merseyside ප්‍රාන්තයේ සාන්ත හෙලනස් (St Helens) නගරයේ තිබෙන ඩාට්ස් සාප්පුවෙන් ඩාට්ස් ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම පිණිස ළමයින් රොද බැඳගෙන පැමිණෙන්නේ ඊළඟ ලූක් ලිට්ල (Luke Littler) වීමට උත්සාහ කිරීමේ අරමුණින්.


xfgdrtr
ලූක්ගේ ඩාට්ස් විසිකිරීමේ තාක්ෂණය වඩාත් ඔප දැමීම පිණිස වරක් උදව් කරමින් ඔහුට නොමිලේ ඩාට්ස් ක්‍රීඩා උපකරණ ලබා දී තිබෙන්නේ සාන්ත හෙලන්ස් ඩාට්ස් සාප්පුවේ හිමිකරු වන 54 හැවිරිදි කාල් හෝල්ඩන් (Karl Holden). ලිට්ල ඊට වක්‍රාකාරයෙන් ආපසු ගෙවා තිබෙන්නේ ඩාට්ස් පුවරුවක් මිලදී ගන්නා ලෙසට පුංචි ළමයින් බොහෝ දෙනෙක් උනන්දු කරවමින් තමාගේ සාප්පුවේ ආදායම පසුගිය වසරේ පවුම් 50,000කින් ඉහළ නංවමින් බව හෝල්ඩන් කියනවා.


දුසිම් ගණන් තරුණ ළමයින් මෙන්ම සෑම වයස් ඛාණ්ඩයකම පුද්ගලයින් අලුත් ඩාට්ස් උපකරණවලින් පිරුණු බෑග් හා පෙට්ටි සමග සාප්පුවෙන් පිටව යන අයුරු ඡායාරූපගතව තිබෙනවා. ලූක් ලිට්ල වරක් පුහුණු වූ සාන්ත හෙලන්ස් ඩාට් ඇකඩමියේ ලේකම්වරයා ද වන කාල් හෝල්ඩන් මෙසේ පවසනවා: “ලූක් ලිට්ල අලුත් ඩාට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත පරම්පරාවක් ග්‍රහණය කරගෙන සිටිනවා. ‘එයාට තවම 16යි, මටත් එයා වගේ වෙන්න පුළුවන්’ කියලා පොඩි ළමයි හිතනවා.”

cxfgher6
“මෙහෙට එන පුද්ගලයන් දහ දෙනෙකුගෙන් නව දෙනෙකු ම ලිට්ල ගැන සඳහන් කරනවා. මවුපියන් අපෙන් අහනවා, ‘මගේ පුතාට ඩාට්ස් ගන්න උදව් කරන්න පුළුවන්ද?’ කියලා. ‘එයා ලූක් ලිට්ල ගැන ටිකක් පිස්සු හැදිලයි ඉන්නේ, අපි එයාට ටිකක් ඉගැන්නුවත් එයාව නවත්තන්න කිසිම විදියක් නැහැ’ කියා ඔවුන් කියනවා.”


ලෝක ඩාට්ස් ශූරතාවලියේ ලූක් ලිට්ලගේ පෙනී සිටීමෙන් පසුව තමා නියම ප්‍රමාණයේ ඩාට්ස් පුවරු 125ක් හා ඩාට්ස් උපකරණ තරුණයන්ට අලෙවි කර තිබෙන බව කාල් ප්‍රකාශ කරනවා. නගරයේ ඩාට්ස් ඇකඩමිය පිරී තිබෙන බැවින් ඩාට්ස් ක්‍රීඩකයන් 40 දෙනෙකු පමණ ආපසු හරවා යැවීමට සිදුවූ බවත් ඔහු සඳහන් කරනවා.

xfcgdsrtr
ලූක් ට ස්තූතිවන්ත වන්නට ඩාට්ස් ක්‍රීඩාව කෙරෙහි ගමේත් නගරයේත් තිබෙන උනන්දුව තුන් ගුණයකටත් වඩා වැඩි වී ඇතැයි කාල් පවසනවා. “දැනට අවුරුදු දෙකකට ඉස්සර අපි හම්බු කළ මුදලට වඩා දෙගුණයක් අපි උපයා තිබෙනවා. පහුගිය අවුරුද්දත් එක්ක සසඳන විට අපි පවුම් 40-50,000ක් වැඩිපුර ආදායමක් ලබා තිබෙනවා” යැයි කාල් කියා සිටිනවා. “ලිට්ල අපිට කිසිම දෙයක් කරන්නෙ නැතුව අපට ආපසු ගෙවා තිබෙනවා.”

ලන්ඩනයේ Ally Pally හිදී ලෝක අංක 1 ක්‍රීඩකයාට පරාජය වී පවුම් 200,000ක අනුශූර මුදල් ත්‍යාගයක් හිමිකර ගැනීමෙන් පසුව ලූක් ලිට්ල දැන් යළි ඔහුගේ නිවසට පැමිණ සිටිනවා. ලෝක ශූරතාවලියෙන් පසුව උසස් සුපිරි තත්ත්වයට පිවිසි ලිට්ල පවුම් මිලියනයේ ප්‍රිමිය ලීගයටත් ඇතුළත් කරගෙන තිබෙනවා.

xdfgsde
සාන්ත හෙලන්ස් නගරය තවත් ඩාට්ස් පුරාවෘත්ත කිහිපයක්ම බිහිකර තිබෙනවා. පසුගිය වසරේ වෘත්තීය ඩාට්ස් ක්‍රීඩක සංගමයේ  (PDA) ශූරතාව දිනූ 33 හැවිරිදි මයිකල් ස්මිත් (Michael Smith) සහ 2023 වසරේදී ලොව අංක 5 ට ශ්‍රේණිගතව සිටි 43 හැවිරිදි ඩේව් චිස්නල් (Dave Chisnall) මින් දෙදෙනෙක්.


පසුගිය වසරේ ජනවාරි මාසයේ මයික් ස්මිත්ගේ ජයග්‍රහණයෙන් පසුව ළමයින් 30-50 ප්‍රමාණයක් ඩාට්ස් ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් දක්වා තිබුනු බවත් එම සංඛ්‍යාව ලූක් ලිට්ල නිසා තෙගුණ වී තිබෙන්නේ ඔහු අවසාන තරගය ජය ගැනීම කෙසේ වෙතත් ඔහු ඊට සුදුසුකම් ලැබීමෙන් පමණක් බවත් කාල් හෝල්ඩන් පෙන්වා දෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


සබැඳි පුවත් :

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඩාට්ස්මේනියාව | The Leader