ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රණකාරී වැඩපිළිවළක ප්‍රතිඵලයක් වන බවත්,

එකී ක්‍රිකට් කුමන්ත්‍රණකාරී ක්‍රියා පිටුපස තිබුණේ හුදු පෞද්ගලික අභිමතාර්ථයන් ඉටුකර ගැනීම පමණක්ම බවත් ක්‍රිකට් තේරීම්කමිටු සභාපති, ප්‍රමෝදය වික්‍රමසිංහ පවසයි. 

ශ්‍රී ලංකාවට පැනවෙන ක්‍රිකට් තහනම එකී ක්‍රියාවලියේම ප්‍රතිඵලයක් බවත් ඔහු කියා සිටියි. 

ඔහු එබව සඳහන් කර ඇත්තේ, මාධ්‍ය වෙත ලිපියක් යොමුකරමිනි. 

මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පිටුපස සැඟව ඇති සත්‍යය මෙතෙක් කිසිවෙකු විසින් නිසිපරිදි සමාජයට අනාවරණය කර නොමැති බව තමාගේ හැඟීම යයි පවසන ප්‍රමෝදය වික්‍රමසිංහ, කුමන්ත්‍රණයක ස්වරූපය ගත් එම යථාර්ථය ක්‍රිකට් ප්‍රේමී ශ්‍රී ලාංකිකයා හට අවබෝධකරදීමේ යුතුකම මෙන්ම ක්‍රිකට් තේරීම් කමිටුව හමුවේ එල්ලවන අවලාද සඳහා පිළිතුරු දීමේ වගකීමද පෙරදැරිව මේ ලිපිය ප්‍රකාශයට පත්කරන බව කියා සිටියි.

''ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති ඛේදවාචකය පිළිබඳ ක්‍රීඩක කුසලතා නීර්ණය කරන්නකුගේ කෝණයෙන් සොයා බැලීම'' යන මාතෘකා වෙන් යුතුව ප්‍රකාශයට පත්කර ඇති එම ලිපියේ මෙසේ සඳහන් වේ.



'' වර්ෂ 1996 දී මෙරටට ක්‍රිකට් ලෝක කුසලානය උරුම කොට දුන් ජාතික කණ්ඩායමේ සාමාජිකයකු ලෙසට මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදජනක තත්ත්වය පිළිබඳ ඉමහත් කම්පාවට පත්ව සිටින බව සියල්ලට ප්‍රථමයෙන් පැවසිය යුතුව තිබේ. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එම කවුන්සිලය තුළ පැවති සාමාජිකත්වය තහනම් කිරීම මෙරට ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් බලවත් තර්ජනයකි. එම සාමාජිකත්වය පිළිබඳ ගැටලුව යථා තත්ත්වයට පත් කර ගැනීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලන්ගේම සාමුහික වගකීමක් විය යුතු අතර ඒ සඳහා සියලු වාදභේද දුරලා එක්වන ලෙස සියලු පාර්ශ්වයන්ට ආයාචනය කර සිටින්නෙමි.


මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්‍රණකාරී වැඩපිළිවළක ප්‍රතිඵලයක් වන බව පසුගිය වසර දෙක හමාරක කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට්‍ තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමේදී මා ලද අත්දැකීම් හා නිරීක්ෂණ ඇසුරින් මා හට විශ්වාස කිරීමට සිදුව ඇත. ශ්‍රී ලංකාවට පැනවෙන ක්‍රිකට් තහනම එකී ක්‍රියාවලියේම ප්‍රතිඵලයක් වන්නේය. එකී කුමන්ත්‍රණකාරී ක්‍රියා පිටුපස තිබුණේ හුදු පෞද්ගලික අභිමතාර්ථයන් ඉටුකර ගැනීම පමණක්ම බව මාගේ නිරීක්ෂණයයි. නමුත් එකී පාර්ශ්වයන් විසින් අදාළ කරුණු සමාජගත කරනු ලබන්නේ ක්‍රීඩාව බේරාගැනීමේ අටියෙන් බවක් මවාපාමින් අතිශය දක්ෂ ලෙස සමාජය නොමග යවමිනි.

මෙම කුමන්ත්‍රණ නොයෙකුත් අරමුණින් ක්‍රියාත්මක වූ ඒවා වන්නේය. ඒවායේ පිටුපස ශ්‍රී ලංකා ක්‍රිකට්‍ ආයතනයේ බලය සඳහා වන බල පොරයන්ට සබැඳි පුද්ගලයන්ද, තරග පාවා දීමේ සූදුවේ නිරත තැරැව්කරුවන්ද, හුදු ආත්මාර්ථකාමය මත පදනම්ව ජාතික කණ්ඩායම තුළ තම ස්ථානය තහවුරු කරගැනීමට වෙර දරන පුද්ගලයන්ද සිටින බව මාගේ නිරීක්ෂණය වන්නේය. සමාජ මාධ්‍ය වේදිකාවන් මෙම කුමන්ත්‍රණයන් එළි දකින තෝතැන්න වුයේය. අවසාන අරමුණ වුයේ පවතින ක්‍රිකට්‍ පරිපාලනය බිඳ දැමීමයි.

SLC Headquarters 

තම තමන්ගේ කුමන්ත්‍රණ සාර්ථක කරගැනීම සඳහා සමාජ මාධ්‍ය තුළ සිදු කෙරෙන විවිධ අන්දමේ විශ්ලේශනයන් හා මත පල කිරීම සඳහා මෙම කුමන්ත්‍රණකරුවන් අත දිග හැර වියදම් කර ඇති බවද සත්‍යයකි. ක්‍රිකට් ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් කර ගැනීම සඳහා බාහිර පුද්ගලයන් විසින් සමාජ මාධ්‍ය ප්‍රචාරණය සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කර ඇති බව පැවසේ. එසේම තරග පාවා දීමේ සූදුවෙහි නිරත වුවන්ද තමන්ට අවැසි ක්‍රීඩකයින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය තුළ දැවැන්ත ප්‍රචාරයන් සඳහා මුදල් ආයෝජනය කර ඇති බව දන්නෝ දනිති.

මේ පිළිබඳ මා ඉහත දක්වන නිරීක්ෂණය සත්‍යකි. යම් හෙයකින් මෙකී කටුක සත්‍ය, යමකු ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් කළ යුත්තේ සමාජ මාධ්‍ය තුළ මෙතෙක් එකී මත පල කරනු ලබන, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියල්ලන් ස්වේච්ඡාවෙන්ම තම තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථන ක්‍රීඩා අපරාධ විමර්ශන ඒකකයට භාරදී තම තමන් මෙතෙක් පවත්වන ලද දුරකථන සබඳතා පිළිබඳව වෝහාරික විශ්ලේශනයකට ඉඩ ලබාදීම යයි යෝජනා කරමි.

මේ සියළු කුමන්ත්‍රණයන්හි අවසාන ඉලක්කය වී ඇත්තේ ක්‍රිකට් පිළිබඳ විවේචනයක් සමාජය තුළ ඉස්මතු කිරීමයි. එය සිදුකරන එක් මාර්ගයක් වන්නේ පාරිපාලනයට එරෙහිව දේශපාලන මතයක් සමාජය තුළ ගොඩනැගීමයි. තේරීම් කමිටු සාමාජිකයකු ලෙස ඒ පිළිබඳ කතා කිරීම මාගේ විෂය නොවන්නේය. නමුත් මාගේ විෂය වන්නේ කුමන්ත්‍රණකරුවන් අනුගමනය කරමින් සිටින ඔවුන්ගේ දෙවන මුලෝපායයි. එනම් ක්‍රිකට්‍ කණ්ඩායමේ දුර්වලතාවන් ඉස්මතුකර දක්වමින් සිදු කෙරෙන විවේචන හරහා තේරීම් කමිටුව, පුහුණුකරුවන් හා ක්‍රීඩකයින් අසරණ කිරීමත්, ඒ මගින් පවතින පරිපාලනය සුදුසු නොවන බවට සමාජ මතයක් ගොඩ නැගීමට දරන උත්සාහයයි. එවැනි විවේචනයක් සමාජය තුළ ගොඩනැංවීමට නම් අනිවාර්ය පූර්ව අවශ්‍යතාව වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්‍ කණ්ඩායම දුර්වල තත්ත්වයකට ඇද වැට්ටවීමයි. එම පටු පරමාර්ථය වෙනුවෙන් කණ්ඩායම තුළ පවා අසහනකාරී තත්ත්වයන් ඇති කරවීමට කුමන්ත්‍රණකරුවන් පසුබට වී නැති බව දැන් බව පෙනේ. අවසානයේ දී ඒ සඳහා කදිම අවස්ථාව සැලසුනේ ඉන්දියාව සමගවූ තරගයෙන් අප ලද අවාසනාවන්ත පරාජයෙනි. ජාතික කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාවය බිඳලීමට සහ කණ්ඩායම තුළ පවතින සමගිය බිඳ දැමීමට දරන අවස්ථා එමටය.

ක්‍රිකට්‍ තේරීම් කමිටුව ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව තෝරා ගැනීම සඳහා වන ප්‍රමුඛ නිර්ණායකයක් බවට පත් කරන්නට යෙදුනේය. ඊට ප්‍රතිපක්ෂව සමාජ මාධ්‍ය හරහා දැවැන්ත විවේචනයක් එල්ලවිය. අවසානයේදී එම තේරීමේ නිර්ණායකය හමස් පෙට්ටියට වැටුනේ එය ක්‍රීඩකයන්ගේ ගිවිසුමේ නාම මාත්‍රික කොන්දේසියක් පමණක් බවට පත් කිරමිනි. තේරීම් කමිටුවේ මෙම සාධනීය උත්සාහයට එරෙහිව ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද සංවිධානය කොට තිබුණ්. මෙම සමස්ථ ක්‍රියාදාමය පිටුපස සිටියේද ඉහත සඳහන් කුමන්ත්‍රණකරුවන්මය.

ක්‍රීඩාවේ පැවැත්ම ක්‍රීඩකයින්ගේ විනයයි. තම පටු අරමුණු ජය ගැනීම සඳහා මොවුන් ක්‍රීඩා කණ්ඩායමේ පැවැත්ම අස්ථාවර කිරීමට උත්සාහ දරන්නේ නම් එය බරපතළ තත්ත්වයක් බව මෙහිලා අවධාරණයෙන් කිව යුතුව තිබේ.

xcgst4r
මාගේ නිරීක්ෂණයට අනුව, ඒ සඳහා වන පසුබිම සැකසීමට කදිම අවස්ථාවක් කර ගනු ලැබුයේ නව අමාත්‍යවරයාගේ පත්වීමයි. මීට පෙර වු අමාත්‍යවරුන් යටතේ මෙවන් කුමන්ත්‍රණ පුර්ණ වශයෙන් දියත් කිරීමට තරම් වූ පරිසරයක් නොවූයේය. එසේම පෙර සිටි අමාත්‍යවරුන් තේරීම් කමිටුවේ ක්‍රියාකාරීත්වයට පුර්ණ සහාය ලබා දුන් බව මෙහිලා සිහිපත් කරනු වටියි. එසේ ලැබුණු පුර්ණ අනුග්‍රහය හේතුවෙන් බාධාවකින් තොරව කටයුතු කරන්නටත් ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රාහි මාවතකට යොමු කරන්නටත් අපට හැකිවු බව කිව යුතුව තිබේ.

මෙයට වසර දෙකහමාරකට පෙර මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පත්ව තිබු තත්ත්වය තේරීම් කමිටු සාමාජිකයන් විසින් ඉකුත් දිනක ගරු අමාත්‍යවරයාට යොමු කළ ලිපිය මගින් සිහිපත් කොට තිබුණි. තේරීම කමිටුව ලෙස අප උත්සාහ දැරුවේ ඉදිරි වසර පහකදී රටට ජයග්‍රහණය ගෙන ඒමට සමත් තරුණ ක්‍රීඩක කණ්ඩායමක් රටට හිමි කර දෙන්නටය. මා නිරීක්ෂණය කරනු ලැබු ආකාරයට, ඒ සඳහා තේරීම් කමිටුව උපරිම වැර යොදා ක්‍රියා කළද අමාත්‍යවරයාද, ක්‍රිඩා අමාත්‍යංශයද විසින් පවතින තේරීම් කමිටුවේ පැවැත්මද, ක්‍රියාකාරීත්වයද පූර්ණව ප්‍රතික්ෂේප කරනු ලැබුයේය. අමාත්‍යංශයද පළමුව සඳහන් කළේ ජාතික තේරීම් කමිටුව, වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටුව පිළිනොගන්නා බවය. 

ඉන් පසුව පුවත්පත් දැන්වීමක් පළ කළ ඔවුන්, ක්‍රිකට් තේරීම් කමිටුවට නව සාමාජිකයන් පත් කිරීම සඳහා ආරාධනා කළේය. නමුත් ඉන් අනතුරුව ඉහත ක්‍රියාමාර්ග තුළින් නව තේරීම් කමිටුවක් පත් කරන්නට අමාත්‍යංශය මේ දක්වා කටයුතු කර තිබුණේ නැත. කෙසේ නමුත් තමන්ගේ පෙර ක්‍රියා කලාපයන් පිළිබඳ වගක් නොමැතිව, වර්තමාන තේරීම් කමිටුව විසින් අමාත්‍යවරයා වෙත මේ තාක් යොමු කරනු ලැබු සෑම ක්‍රීඩක සංචිතයන්ම අනුමත කර තිබුණේය. මෙය බරපතළ වගකීම් විරහිත තත්ත්වයක් වුවත් අමාත්‍යංශයට එය වගකීම් විරහිතභාවයක් වුයේ නැත. මෙවන් පසුබිමක අවසන් ප්‍රතිඵලය වුයේ වර්තමාන තේරීම් කමිටුව සම්බන්ධයෙන් පැවැති සමාජ පිළිගැනීම හා විශ්වාසය බිඳී යාමයි. අනෙක් අතට, මුහුණ දුන් අස්ථාවරභාවය හේතුවෙන් කමිටුවට වෘත්තියභාවයකින් යුතුව කටයුතු කිරීම අහිමි කර තිබුණි.

ඒ බව හොඳින් පෙන්නුම් කරන ලද කරුණ වන්නේ තෝරා යවන ජාතික කණ්ඩායමට අමාත්‍යවරයා අනුමැතිය ලබා දුන් ආකාරයයි. දින 21 ට පෙර අවසාන සංචිතය නම් කළ යුතු යැයි අමාත්‍යවරයා නියෝග කොට ඇති නමුත් බොහෝ විට ඒ සඳහා අනුමැතිය ලබා දීමට කටයුතු කර තිබුණේ කිසිදු විශ්ලේශනයකින් තොරවය. සැම විට එම අනුමැතිය ලබාදුන්නේද තරගාවලිය ඇරඹීමට හෝ සංචාරය ඇරඹීමට මොහොතකට ප්‍රමථමයෙනි. එදිනට අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණිද අමාත්‍යංශයට සම්බන්ධ නිලධාරීන් මාධ්‍ය හරහා සැමවිටම පෙන්වනු ලැබුයේ අදාළ තේරීම් පිළිබඳ තීරණයන් සතුටුදායක නොවන බවකි. අමාත්‍යංශය දෙසින් මෙලෙසට එල්ල කෙරුණු වක්‍ර විවේචනයන් හේතුවෙන් තෝරා ගන්නා ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් එල්ලවී තිබුණු බව කිව යුතුව තිබේ.

aplnf564
අමාත්‍යවරයා පත් කරනු ලබන අප නියෝජනය කරනු ලබන ක්‍රිකට් තේරීම් කමිටුව, අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක වනු ලබන ජාතික ක්‍රීඩා උපදේශක සභාව සහ ජාතික තේරීම් කමිටුවේ තීන්දු තීරණවලින් බැඳී සිටියි. ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ක්‍රිකට් සංචිත සැම විටම අමාත්‍යවරයා අනුමත කොට තිබේ. නමුත් බොහෝ අවස්ථාවලදී අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ තේරීම් කමිටුවේ තීන්දු තීරණ අමාත්‍යංශය යටතේම ක්‍රියාත්මක කමිටු ප්‍රධානීන් විසින්ම අනුමත නොකරන බවක් ඔවුන් සමාජ මාධ්‍ය තුළ සිදු කරනු ලැබු විවිධ මතයන් හා ප්‍රකාශවලින් පෙනී ගියේය. බොහෝ විට එකී විවේචන පදනම් විරහිත විවේචන වූ අතර ඒවා මගින් අරමුණු කොට තිබුණේ ක්‍රිකට් තේරීම් කමිටුව පිළිබඳ සමාජය තුළ පැවති විශ්වසනීයත්වය ක්‍රමානුකූලව බිඳ දැමීමට බව පැහැදිලි වන්නේය. 

මෙලෙසට අමාත්‍යංශ මට්ටමින් වගකීම් දරන පුද්ගලයන් සමාජ මාධ්‍ය තුළ කරනු ලබන ක්‍රිකට් විශ්ලේශනයන්ට අනුව පැහැදිලි ලෙසම ළබැඳියාවන්ගේ ගැටුමක් (conflict of interest) ඇති කරන බව ඔවුන් අමතක කොට තිබුණා පමණක් නොව ඒවා සද්භාවයෙන් සිදු කරනු ලබන විශ්ලේෂනයන්ද නොවුයේය. සැබැවින්ම එකී විශ්ලේෂන, අවසාන විග්‍රහයන් තුළ ඔවුන් සේවය කරන්නට යෙදෙන්නේ ක්‍රීඩාවේ උන්නතියට නොව තම තමන්ගේ නියෝජනය කරනු ලබන බල ව්‍යාපෘතිය වෙනුවෙන් බව මාගේ නිරීක්ෂණය වන්නේය.

sad hjs87

පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ සධීර සමරවික්‍රම

මෙම විවේචනයන් බොහෝ විට පදනම් වුයේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් සංචිතයට නොකැඳවීම පදනම් කොටගෙනය. වරෙක එය මතු වන්නේ පිතිකරුවන් ලෙස ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග වෙත අවධානය යොමු නොකොට පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ සධීර සමරවික්‍රම වෙත අපගේ අවධානය යොමු කිරීම නිසාය. එසේම පන්දු යවන්නන් ලෙස නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, අකිල ධනංජයට විකල්පව දිල්ශාන් මදුශංක, මහේෂ් තීක්ෂණ සහ මතීෂ පතිරන හඳුන්වා දීම හේතුවෙනි. අනෙක් අතට තුන් ඉරියව්වේම දක්ෂතා පැවති පැරණි ක්‍රීඩකයන් වන තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, සීකුගේප්‍රසන්න, ඉසුරු උදාන වෙනුවට දසුන් ශානක, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ හඳුන්වාදීම හේතු කොට ගෙනය. අද වන විට ක්‍රිකට් සංචිතයට හඳුන්වා දුන් මෙම නවකයන් අනාගත ශක්තිමත් ක්‍රිකට් කණ්ඩායමක පදනම බවට පත්වී හමාරය.

නමුත් කුමන්ත්‍රණකරුවන් කිඹුල් කඳුළු හෙලනු ලැබුයේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ට තවමත් හොඳින් ක්‍රීඩා කිරීමට හැකියාව පවතිද්දී තේරීම් කමිටුව වැරදි නිගමනයන්ට එලඹ තිබෙන බවය. ඒ හේතුවෙන් තරග පරදින බවය. ඇතැම් අවස්ථාවලදී ගරු අමාත්‍යවරයාම මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ කොට තිබුණේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ‘ඇතුළෙන් කැපිල්ලක්’ පවතින බවය. මෙම සියළු උත්සාහයන්ගේ අවසාන ප්‍රතිඵලය වුයේ ක්‍රිකට් තේරීම් කමිටුවේ වෘත්තීමයභාවය පිළිබඳ සමාජය තුළ පවතින විශ්වාසය බිඳ හෙලීමයි.

WANINDU CHAMEERA.jpg.pagespeed.ce.VQx61Qcgsj

වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර

අමාත්‍යංශයට ක්‍රිකට් තේරීම් පිළිබඳව පැවතියේ ස්ථිරසාර ප්‍රතිපත්තියක් නොවේ. ඒ සඳහා කදිම උදාහරණයක් සපයන්නේ ලෝක කුසලාන සංචිතයට එවකට ආබාධිතව සිටි වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඇතුළත් කිරීමට සිදු කළ යෝජනාවට අමාත්‍යවරයා දැක්වූ විරෝධයයි. ක්‍රිකට් තේරීම් කමිටුව අකර්මණ්‍ය කිරීම සඳහා කුමන්ත්‍රණකරුවන් නිල හා නිල නොවන විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබු බව ප්‍රකටය.

ඔස්ට්‍රේලියානු සංචාරයට අදාළව නිකුත් කෙරුනු කුසලා සරෝජිනී වාර්තාව මගින් ක්‍රිකට් තේරීම් කමිටුව දැඩි අපහසුතාවකට පත්කළ බව කිව යුතුව තිබේ. එම කමිටු වාර්තාව හේතුවෙන් තේරීම් කමිටු ඉතිහාසයේ පළමුවරට, තෝරා ගන්නා ක්‍රීඩකයන්ගේ කුසලතාවට අමතරව ඔවුන්ගේ ආගමික පසු බිම සොයා යෑමට සිදුවන තත්ත්වයක් උද්ගත විය. ක්‍රිකට් ක්‍රීඩාව තුළ බෝන් අගෙන් කුමන්ත්‍රණයක් පවතින්නේ යැයි කීම නිසාම ඇතැම් ක්‍රීඩකයන්ගේ කුසලතාවට ඔබ්බෙන් වූ කරුණුවලට සිත යොමු කිරීමට සිදු වීමෙන් ක්‍රීඩාවේ ජීවගුණය බිඳ දැමීමට තේරීම් කමිටුවට බල කොට තිබුණේය.

අදාළ වාර්තාව හරහා වන දෙවැනි බලපෑම සිදු වන්නේ පාර්ලිමේන්තුවෙනි. ඒ එම වාර්තාවට පදනම් වූ තරග සංචාරය අතරතුරදී රාත්‍රී කැසිනෝ ශාලාවකට ගිය බවට ඉහත වාර්තාව මගින්ම නම් කොට තිබූ, පසුව එම සිය වරද පිළිගත් ක්‍රීඩකයකු නැවත සංචිතයට නොගන්නේ මන්දැයි ප්‍රශ්න කරමිනි.

මා විසින් මෙතෙක් විස්තර කරනු ලැබූයේ විවිධ පුද්ගලයන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා ක්‍රිකට් තේරීම් කමිටුව දඩමීමා කර ගත් ආකාරය පමණකි. මෙම කුමන්ත්‍රණකරුවන්ගේ සමස්ත ක්‍රියාදාමය මෙහි සඳහන් කරනු ලැබූ කරුණුවලට වඩා අතිශය සංකීර්ණ ක්‍රියාදාමයක් වූයේය. කෙසේ නමුත් එම උත්සාහයන්ගේ අවසන් ප්‍රතිඵලය රටට අගතියක් සිදුකර ඇත.

තීන්දු තීරණ ගැනීමේ දී සද්භාවී වැරදි සිදුවිය හැකිය. ඵවැනි තීන්දු තීරණ සමාජයේ විවේචනයන්ට භජනය වීම ස්වාභාවිකය. නමුත් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ක්‍රිකට් තේරීම් කමිටුව ඉලක්ක කරගත් විවේචනයන් අසද්භාවයෙන් යුතුව වෙනත් පටු බල අරමුණකින් යුතුව සිදු කරන ලද විවේචනයන් හා කඩාකප්පල්කාරී ක්‍රියාවන් බව ආපසු හැරී බලන කල අද අපට වැටහෙන්නකි. එම විවේචනයන් මගින් අරමුණු කොට තිබුණේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම වෙනුවට, එම ක්‍රීඩාව අසරණ කොට තම තමන්ගේ මඩිය තර කොට ගැනීමේ පටු අරමුණකි. දැන් උදාවී තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්ම හෝ නොපැවැත්ම තීරණය කරනු ලබන හෝරාවකි. එම හෝරාවෙහි පවත්වාගත යුතු පළමු සද්ගුණය වන්නේ ස්වාර්ථය පසෙකලා ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්ම උදෙසා සාමුහිකව කටයුතු කිරීමයි. එකී සාමුහිකත්වය ගොඩනැංවීම සඳහා මෙම හෙලිදරව්ව උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරමි.''

PWL 1

PWL 2

PWL 3

PWL 4

PWL 5


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්