The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ මහා පාවා දීම

T

The Leader Desk

January 26, 2026 • 4:15 PM

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ මහා පාවා දීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීමෙන් පසුව බංග්ලාදේශය ඔවුන්ගේම ක්‍රීඩකයින් පාවා දී තිබෙන්නේ
  • එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලියෙන් පහ කර පැය කිහිපයක් ඇතුළත BCBය විස්මිත U හැරීමක නිරත වෙමින් ඔවුන්ගේ මූල්‍ය කමිටුවේ ප්‍රධානියා ලෙස නස්මුල්ව නැවත පත්කර තිබෙනවා.
  • මෙය, නස්මුල් BCBයෙන් ඉවත් කරන බවට පොරොන්දු වීමෙන් පසුව සිය වර්ජනය නතර කළ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ව සිතාමතා සැලසුම් කර පාවා දීමක් ලෙස සැලකෙනවා.
  • අර්බුදය හටගත්තේ BCB අධ්‍යක්ෂවරයෙකු වන නස්මුල් කළ ප්‍රකාශයන් බංග්ලාදේශයේ ක්‍රිකට් මණ්ඩලය පවා ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටියදී.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රිකට් විරෝධතාවන් සරදමක් බවට පත් කරමින්.

ක්‍රීඩකයින්ගේ විරෝධතාවලින් බංග්ලාදේශ ප්‍රිමිය ලීගය (BPL) අවුල් වීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) ඔවුන්ගේ මූල්‍ය කමිටුවේ තනතුරෙන් නස්මුල් ඉස්ලාම් ඉවත් කළා. එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලියෙන් පහ කර පැය කිහිපයක් ඇතුළත BCBය විස්මිත U හැරීමක නිරත වෙමින් ඔවුන්ගේ මූල්‍ය කමිටුවේ ප්‍රධානියා ලෙස නස්මුල්ව නැවත පත්කර තිබෙනවා.

මේ ක්‍රියාවත් සමග BCBය බංග්ලාදේශයේ ක්‍රිකට් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම හාස්‍යයට ලක්කර තිබෙනවා. මෙය, නස්මුල් BCBයෙන් ඉවත් කරන බවට පොරොන්දු වීමෙන් පසුව සිය වර්ජනය නතර කළ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ව සිතාමතා සැලසුම් කර පාවා දීමක් ලෙස සැලකෙනවා.

අර්බුදය හටගත්තේ BCB අධ්‍යක්ෂවරයෙකු වන නස්මුල් කළ ප්‍රකාශයන් බංග්ලාදේශයේ ක්‍රිකට් මණ්ඩලය පවා ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටියදී.

සියල්ල ආරම්භ වූයේ ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය ක්‍රීඩා කරන ස්ථානය පිළිබඳ අර්බුදය ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡාවෙන් විසඳා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ක්‍රියා කළ යුතු බවට හිටපු බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමිම් ඉක්බාල් යෝජනා කිරීමෙන් පසුව. එම අවස්ථාවේදී නස්මුල් ප්‍රසිද්ධියේ ටමිම්ව හංවඩු ගසමින් ඔහු ‘තහවුරු කරගත් ඉන්දියා ඒජන්තවරයෙක්’ බව අවධාරණය කර සිටියා.

‌මේ අපහාස කිරීම් එතැනින් නතර වුනේ නැහැ. බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්  වුවහොත් ක්‍රීඩකයින් වන්දි මුදලක් ලැබීමට සුදුසු නැති බව කියමින් නස්මුල් බංග්ලාදේශ සංචිතය තවත් හෑල්ලුවට පත් කළා. ක්‍රීඩකයින් දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමට අසමත් වන අවස්ථාවන්හිදී බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ක්‍රීඩකයින්ට ලබා දුන් මුදල් ඔවුන්ගෙන් නැවත ලබා ගත යුතු බවට පවා ඔහු යෝජනා කළා.

නස්මුල්ගේ මේ ප්‍රකාශවලින් කලකිරීමට පත්වූ බංග්ලාදේශ ක්‍රීඩකයින්, බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සුබසාධන සංගමයේ සභාපති මොහමඩ් මිතුන්, නජ්මුල් හොසේන් ෂැන්ටෝ සහ මෙහිඩි හසන් මිරාස්ගේ මෙහෙයවීම යටතේ BPL තරගාවලිය වර්ජනය කළා.

මේ විරෝධතා හේතුවෙන් නස්මුල් ට එරෙහි ක්‍රියාමාර්ගයකට පිවිසීමට BCBයට සිදුවුනා. BPL තරගාවලිය ආරක්ෂා කර ගැනීම පිණිස BCBය නස්මුල්ව ඔහුගේ මූල්‍ය කටයුතු තනතුරෙන් නෙරපා දැමුවා. තමන්ගේ අභිමානය වෙනුවෙන් ක්‍රිකට් මණ්ඩලය අවසානයේදී පෙනී සිටිය බව විශ්වාස කළ ක්‍රීඩකයින් යළි පිටියට පිවිසියා. කෙසේ වෙතත්, ඔවුන්ගේ සතුට ට වැඩි ආයුෂක් නොතිබුනු බව දැන් පෙනෙන්නට තිබෙනවා.

දේශීය ප්‍රශ්නය විසඳා ගනිද්දී ICCයේ ඉවසීම නැතුව ගියා. ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර ඒ වෙනුවට ස්කොට්ලන්තය ඇතුළත් කිරීමට ගෝලීය ක්‍රිකට් පාලකයින් තීරණය කළා.

දැන් නස්මුල් ට මූල්‍ය දෙපාර්තමේන්තුවේ යතුරු නැවත බාරදී තිබෙනවා. සැබැවින්ම පිටියට පිවිසෙන ක්‍රීඩකයින් ආරක්ෂා කරනවාට වඩා පැරණි මිතුරන්ගේ ආරක්ෂාව පිළිබඳව BCBය වැඩියෙන් උනන්දු වන බව මෙයින් විද්‍යාමාන වනවා.

T20 ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කිරීම සඳහා බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ තිබූ කැමැත්තට පයින් ගැසූ බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් දැන් නස්මුල් ට එරෙහිව ගනු ලැබූ ක්‍රියා මාර්ගය ද වැදගත් එකක් නොවන බවට ප්‍රදර්ශනය කර තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ මහා පාවා දීම | The Leader