The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට මිනි ක්‍රීඩා පිට්ටනි දෙකක්

T

The Leader Desk

February 2, 2026 • 10:01 AM

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට මිනි ක්‍රීඩා පිට්ටනි දෙකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපන්දු ක්‍රීඩාවට පිවිසීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම පිණිස මීළඟ වසර දෙක ඇතුළත ලොව පුරා මිනි ක්‍රීඩා පිට්ටනි දහසකට වැඩියෙන් ස්ථාපනය කිරීමේ ගෝලීය ව්‍යාපෘතියක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් හඳුන්වා දී තිබෙනවා.
  • FIFA මිනි පාපන්දු පිට්ටනි සැලසුම් කර තිබෙන්නේ අඩු වරප්‍රසාද ලත් ළමයින් හා පාසල් ප්‍රජාවන්ට හොඳින් ඉදිකෙරුනු ආරක්ෂිත හා නවීන පහසුකම් යටතේ නොමිලේ පාපන්දු ක්‍රීඩාවෙන් විනෝද වීමට සඳහා අවස්ථාව සැලසීම පිණිසයි.
  • දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම අඩු කිරීම සඳහා තේරුමක් ඇති සමාජ කාර්යභාරයක් ඉටුකරන අතරතුර නායකත්ව ගුණාංග, ක්‍රීඩාශීලිත්වය, විනය හා සෞඛ්‍යමය ජීවන රටාවක් පෝෂණය කිරීම ‌මේ ව්‍යාපෘතියේ ක්‍රීඩාවෙන් ඔබ්බට යන ඉලක්කය වී තිබෙනවා.
  • මේ පහසුකම ඉදිකිරීම මාර්තු මාසය වන විට සම්පූර්ණ කිරීමට නියමිතව තිබෙන අතර ඉන්පසු ක්‍රීඩා පිටිය නිල වශයෙන් විවෘත කර ජනතාවගේ ප්‍රයෝජනයට ලබා දෙනු ඇත්තේ මීගමුව කලාපය හා ඉන් එහාට දීර්ඝ කාලීන ක්‍රීඩා හා සමාජමය යහපතක් සලසමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

‘ජාත්‍යන්තර පාපන්දු සම්මේලන අංගණ මිනි ක්‍රීඩා පිටි ව්‍යාපෘතිය’ (FIFA Arena Mini Pitch Project) ලෙසින් නම් කර තිබෙන මේ ජනප්‍රිය වැඩපිළිවෙලේ නියමු අදියරට තෝරා ගෙන ඇති ආසියානු රටවල් තුන අතර ශ්‍රී ලංකාව ද සිටිනවා. මේ යටතේ කුඩා පාපන්දු පිටි දෙකක් ශ්‍රී ලංකාව ට වෙන්කර  තිබෙන අතර එම ක්‍රීඩා පිට්ටනි ඉදිකිරීමට නියමිතව තිබෙන්නේ මීගමුව හා කෝට්‌ටේ යන නගරවල.

foot 2

 

මීගමුවේ ඉදිකරණ මිනි ක්‍රීඩා පිටිය සඳහා මුල්ගල තැබීම සෙනසුරාදා උත්සවාකාරයෙන් සිදුකෙරුනේ ශ්‍රී ලාංකේය පාපන්දු ක්‍රීඩාවේ මූලික පදනම සංවර්ධනය කිරීමේ වැදගත් මොහොතක් සනිටුහන් කරමින්. මෙහිදී නියෝජ්‍ය ක්‍රීඩා ඇමති සුගත් තිලකරත්න අතින් මුල්ගල තැබීම සිදුකෙරුනු අතර ‌එම අවස්ථාවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, මීගමුව නගරාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා විශේෂ ආරාධිතයින් කිහිප දෙනෙකු සහභාගි වුණා.

foot 4
FIFA මිනි පාපන්දු පිට්ටනි සැලසුම් කර තිබෙන්නේ අඩු වරප්‍රසාද ලත් ළමයින් හා පාසල් ප්‍රජාවන්ට හොඳින් ඉදිකෙරුනු ආරක්ෂිත හා නවීන පහසුකම් යටතේ නොමිලේ පාපන්දු ක්‍රීඩාවෙන් විනෝද වීමට සඳහා අවස්ථාව සැලසීම පිණිසයි. දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම අඩු කිරීම සඳහා තේරුමක් ඇති සමාජ කාර්යභාරයක් ඉටුකරන අතරතුර නායකත්ව ගුණාංග, ක්‍රීඩාශීලිත්වය, විනය හා සෞඛ්‍යමය ජීවන රටාවක් පෝෂණය කිරීම ‌මේ ව්‍යාපෘතියේ ක්‍රීඩාවෙන් ඔබ්බට යන ඉලක්කය වී තිබෙනවා.

මේ පහසුකම ඉදිකිරීම මාර්තු මාසය වන විට සම්පූර්ණ කිරීමට නියමිතව තිබෙන අතර ඉන්පසු ක්‍රීඩා පිටිය නිල වශයෙන් විවෘත කර ජනතාවගේ ප්‍රයෝජනයට ලබා දෙනු ඇත්තේ මීගමුව කලාපය හා ඉන් එහාට දීර්ඝ කාලීන ක්‍රීඩා හා සමාජමය යහපතක් සලසමින්.

 

foot 3foot 5foot 7

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...