The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියාව සමග තරගය පාකිස්තානය ක්‍රීඩා නොකරන බව පාකිස්තාන අගමැති කැබිනට් මණ්ඩලයට කියයි

T

The Leader Desk

February 5, 2026 • 7:28 AM

ඉන්දියාව සමග තරගය පාකිස්තානය ක්‍රීඩා නොකරන බව පාකිස්තාන අගමැති කැබිනට් මණ්ඩලයට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග තරගය පාකිස්තානය ක්‍රීඩා කරන්නේ නැති බව පාකිස්තාන අගමැති ශෙභාස් ෂරිෆ් ඊයේ ස්ථිර වශයෙන් කියා සිටියා.
  •   “මෙය ක්‍රීඩාවේ පිටියක් මිස දේශපාලනය නෙවෙයි කියලා පාකිස්තානය කියා තිබෙන නිසා T20 ලෝක කුසලානයේ ඉන්දියාව ට එරෙහි තරගය අපි ක්‍රීඩා කරන්නේ නැහැ කියන මතයේ අපි ඉතාමත් පැහැදිලිව ඉන්නවා.
  • අපි සම්පූර්ණයෙන්ම බංග්ලාදේශය සමග සිටිය යුතු වන අතර මෙය ඉතාමත් යෝග්‍ය තීරණයක් බව මම සිතනවා” යනුවෙන් පාකිස්තාන අගමැතිවරයා ඊයේ පාකිස්තාන කැබිනට් මණ්ඩලය අමතමින් කියා සිටියා.
  • ෂෙභාස් ෂරිෆ්ගේ මේ ප්‍රකාශය සිදුවන්නේ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) ඉන්දියාව සමග තරගය වර්ජනය කිරීමේ ඔවුන්ගේ තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට (ICC) විධිමත් ලෙස දැන්වීම ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වී දින දෙකකට පසුව.
අකුරු ප්‍රමාණය (Font Size):


පරම ප්‍රතිවාදීන් වන ඉන්දියාව හා පාකිස්තානයට පෙබරවාරි 15 වැනිදා කොළඹදී තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. එහෙත් ෂරිෆ් ට අනුව, පාකිස්තානය ඉන්දියා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන්නේ නැහැ. මක්නිසාද යත්, පාකිස්තානය බංග්ලාදේශය ට සහයෝගය දක්වන අතර ක්‍රීඩා පිටියේදී දේශපාලනය තිබිය යුතු නැහැ.

 

“මෙය ක්‍රීඩාවේ පිටියක් මිස දේශපාලනය නෙවෙයි කියලා පාකිස්තානය කියා තිබෙන නිසා T20 ලෝක කුසලානයේ ඉන්දියාව ට එරෙහි තරගය අපි ක්‍රීඩා කරන්නේ නැහැ කියන මතයේ අපි ඉතාමත් පැහැදිලිව ඉන්නවා. ක්‍රීඩා පිටියේ දේශපාලනය නොතිබිය යුතුයි. අපේ ‌මේ ආකල්පය හොඳින් සලකා බැලීමෙන් පසුව ගත් එකක්. අපි සම්පූර්ණයෙන්ම බංග්ලාදේශය සමග සිටිය යුතු වන අතර මෙය ඉතාමත් යෝග්‍ය තීරණයක් බව මම සිතනවා” යනුවෙන් පාකිස්තාන අගමැතිවරයා ඊයේ පාකිස්තාන කැබිනට් මණ්ඩලය අමතමින් කියා සිටියා.

ෂෙභාස් ෂරිෆ්ගේ මේ ප්‍රකාශය සිදුවන්නේ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) ඉන්දියාව සමග තරගය වර්ජනය කිරීමේ ඔවුන්ගේ තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට (ICC) විධිමත් ලෙස දැන්වීම ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වී දින දෙකකට පසුව.

 


ඉන්දියාව ට එරෙහි T20 ලෝක කුසලාන තරගය වර්ජනය කිරීම සම්බන්ධයෙන් කිසිම විධිමත් විද්‍යුත් තැපෑලක් පාකිස්තානය ICCයට යවන්නේ නැති බවට වාර්තා වනවා.

පාකිස්තානය ඔවුන්ගේ රජයේ තීරණය විධිමත් අයුරින් ගෝලීය ක්‍රිකට් බලධාරීන්ට දැන්වූයේ නැත්නම්, ඉන්දියා-පාකිස්තාන තරගය ක්‍රියාකාරීව පවතින අතර වර්ජනයේ නාටකය ද ඉදිරි දිනවලත් දක්නට ලැබෙනවා.

ICCය නිල සන්නිවේදනයක් PCBයෙන් ලැබෙන තුරු බලා සිටින බවට වාර්තා වී තිබෙන අතර කිසිම නිල සන්නිවේදනයක් නැතිවීම මගින් හැඟී යන්නේ ICCයට ඔවුන්ගේ ඊළඟ ක්‍රියාව තීරණය කිරීමට පෙර ද බලා සිටීමට සිදුව ඇති බවයි.

ඉන්දියා කණ්ඩායම කොළඹට

india team92837
මේ අතර, පෙබරවාරි 15 වැනිදා පාකිස්තානය ට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය වෙනුවෙන් ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම කොළඹට පැමිණෙමින් තරගයට පෙර දින පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීමට නියමිතයි. නිතරග ජයක් ලබා ගැනීම පිණිස කාසිය උඩ දැමීමේ අවස්ථාව සඳහා පිටියට ඇවිද ඒමට ඉන්දියා නායක සූර්යකුමාර් යාදව් ට සිදුවනවා. පාකිස්තාන නායක සල්මන් අලි අඝා කාසියේ වාසිය උරගා බැලීමේ මොහොතට පෙනී නොසිටීමත් සමග තරග විනිසුරුවරයා ඉන්දියාව ට නිතරග ජයක් සහ ලකුණු දෙකක් පිරිනමනවා.

ඉන්දියා කණ්ඩායම කොළඹට නොගියහොත් විනිසුරු විසින් කණ්ඩායම් දෙක ට ම ලකුණක් බැගින් ලබා දෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...