The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දැවැන්ත පාඩුවක් ! - ෂම්මි පාකිස්තානයට දොස් පවරයි

T

The Leader Desk

February 6, 2026 • 4:50 AM

දැවැන්ත පාඩුවක් ! - ෂම්මි පාකිස්තානයට දොස් පවරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි අවධායනයක් දිනූ ඉන්දු - පාකිස්තානය තරගය වර්ජනය කිරීමට පාකිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සිය අප්‍රසාදය පළකර තිබේ.
  • මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාගේත් වැඩි අවධානයක් දිනා ගත් ඉන්දු - පාකිස්තාන තරගය පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්.
  • කෙසේ වෙතත් පාකිස්තාන රජය ඉකුත්දා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ, ඉන්දියාව සමග පැවැත්වෙන එම තරගය පාකිස්තානය වර්ජනය කරන බවය.
  • පාකිස්තානය රජය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමුකළ ලිපියෙන් සඳහන් කර ඇත්තේ, පෙබරවාරි 15වනදා කොළඹ ආර්.
අකුරු ප්‍රමාණය (Font Size):


ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ, පාකිස්තානය මුහුණදුන් අභියෝගකාරී අවස්ථාවලදී අවදානම නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් ලබාදුන් සහාය අමතක කර ඇති බවය.

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාගේත් වැඩි අවධානයක් දිනා ගත් ඉන්දු - පාකිස්තාන තරගය පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් පාකිස්තාන රජය ඉකුත්දා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ, ඉන්දියාව සමග පැවැත්වෙන එම තරගය පාකිස්තානය වර්ජනය කරන බවය.

pakistan india

පාකිස්තානය රජය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමුකළ ලිපියෙන් සඳහන් කර ඇත්තේ, පෙබරවාරි 15වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් මෙන්ම ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩාලෝලීන්ද ඉහළ බලාපොරොත්තු තබා සිටි තරගයක් බවය.

එම තරගයට අවශ්‍ය සියලු වාණිජ මෙහෙයුම් සේවා සැපයුම් සහ ආරක්ෂාවට අදාළ විධිවිධාන සියල්ල සලසා අවසන් කොට තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ඉන්දු - පාකිස්තාන තරගය සඳහා වන ප්‍රවේශපත්‍ර සඳහා ඉහළ ඉල්ලුමක් පැවති බවත්, එම ප්‍රවේශපත්‍ර සීග්‍රයෙන් අලෙවි වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

 

PAK IND 260202
ඉන්දු පාකිස්තාන තරගය සඳහා වෙනත් කිසිදු තරගයකට නොවූ විරූ ජනතා උද්යෝගයක් පැවතුනා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම මෙරට ආර්ථිකයටද වාණිජයමය වශයෙන් මෙම තරගයෙන් විශාල රුකුලක් සිදුවන්නට ඉඩ තිබු බවද පෙන්වා දී ඇත.

මේ නිසා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති ඕනෑම තරගයක් අවලංගු වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැවැන්ත මූල්‍යමය පාඩුවක් ඇති කරනවා මෙන්ම මෙරටට අපේක්ෂිත සංචාරක ආගමනයට බලපෑමක් ඇති කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා එම ලිපියෙන් පවසයි.

පාකිස්තානය මුහුණදුන් අභියෝගකාරී අවස්ථාවලදී සහ සංවේදී අවස්ථාවලදී අවදානම නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කිහිපවතාවක්ම පාකිස්තානයේ සංචාරවල නිරත වූ බවද ෂම්මි සිල්වා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යැවූ ලිපියෙන් සිහිපත් කර තිබේ

| aruna
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දැවැන්ත පාඩුවක් ! - ෂම්මි පාකිස්තානයට දොස් පවරයි | The Leader