The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හෙට්මයර්‌ගේ වාර්තාගත අර්ධ ශතකය හා ෂෙපර්ඩ්ගේ පිට පිට කඩුලු ත්‍රිත්වයෙන් කොදෙව්වන්ට ගෞරවනීය ජයක්

T

The Leader Desk

February 8, 2026 • 5:24 PM

හෙට්මයර්‌ගේ වාර්තාගත අර්ධ ශතකය හා ෂෙපර්ඩ්ගේ පිට පිට කඩුලු ත්‍රිත්වයෙන් කොදෙව්වන්ට ගෞරවනීය ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු තරගයේ අලස ආරම්භයකින්
  • ස්කොට්ලන්ත දඟ පන්දු යවන්නන් විසින් හිර කරනු ලැබූ කොදෙව් පිලට ‘පවර් ප්ලේ’ ක්‍රීඩාවේදී රැස්කර ගත හැකිවූයේ ලකුණු 33ක් පමණයි.
  • හෙට්මයර් සමග තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37කින් ලකුණු 81ක සබඳතාවක් බෙදා ගත් රොව්මාන් පවල් සහ ෂර්ෆේඩ් රදෆෝඩ්‌ගේ දක්ෂ කෙටි පිතිහරඹයන් බටහිර ඉන්දීය කොදෙව් පිලේ මුළු ලකුණු සංඛ්‍යාව ඉහළට තල්ලු කිරීමට උපකාරී වුණා.
  • පන්දු රැකීමේදී ද දස්කම් ප්‍රදර්ශනය කළ හෙට්මයර් අතිදක්ෂ අයුරින් රැක ගත් උඩ පන්දුව ස්කොට්ලන්තය 37/3කට අඩු කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුව ෂිම්රොන් හෙට්මයර්ගේ ප්‍රවේගකාරී අර්ධ ශතකය සහ පිට පිට කඩුලු ත්‍රිත්වයක් සමග කඩුලු පහක රොමාරියෝ ෂෙපර්ඩ්ගේ විස්මිත පන්දු යැවීම කොදෙව්වන්ට ගෞරවනීය ජයග්‍රහණයක් අත්කර දුන්නා.

ස්කොට්ලන්ත දඟ පන්දු යවන්නන් විසින් හිර කරනු ලැබූ කොදෙව් පිලට ‘පවර් ප්ලේ’ ක්‍රීඩාවේදී රැස්කර ගත හැකිවූයේ ලකුණු 33ක් පමණයි. නමුත් මන්දගාමී තණතීරුවට යටත් නොවූ හෙට්මයර් 10 වැනි ඕවරය වන විට ලකුණු 58කට කඩුලු 2ක් අහිමි කරගෙන සිටි තම කණ්ඩායම ලකුණු 183ක ඉලක්කයක් ස්කොට්ලන්තය ට ලබා දීම සඳහා ඔසවා තබමින් පන්දු 36කින් ලකුණු 64ක් රැස් කළ අතර මෙයින් ලකුණු 44ක් ම පැමිණියේ හතරේ පහරවලින්.

xbdfh
හෙට්මයර් සමග තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37කින් ලකුණු 81ක සබඳතාවක් බෙදා ගත් රොව්මාන් පවල් සහ ෂර්ෆේඩ් රදෆෝඩ්‌ගේ දක්ෂ කෙටි පිතිහරඹයන් බටහිර ඉන්දීය කොදෙව් පිලේ මුළු ලකුණු සංඛ්‍යාව ඉහළට තල්ලු කිරීමට උපකාරී වුණා.

පන්දු රැකීමේදී ද දස්කම් ප්‍රදර්ශනය කළ හෙට්මයර් අතිදක්ෂ අයුරින් රැක ගත් උඩ පන්දුව ස්කොට්ලන්තය 37/3කට අඩු කළා. නමුත් ස්කොට්ලන්තයේ ලකුණු හඹා යාමේ දීප්තිය නැති කළේ 17 වැනි ඕවරයේදී පන්දු පහකින් කඩුලු හතරක් ඇතුළුව කඩුලු පහක් ලබා ගත් ෂෙපර්ඩ්.

xvbcfb
බංග්ලාදේශය වෙනුවට අවසන් මොහොතේ මෙම තරගාවලියට ඇතුළත් කරගත් ස්කොට්ලන්ත කණ්ඩායමේ නායක රිචී බෙරිංටන් හා නවසිලන්යෙන් අලුතෙන් බඳවාගත් ටොම් බෲස් සිවු වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක සබඳතාවක් පිහිටුවූවා. නමුත් ඒ දෙදෙනා ඉවත් වීමෙන් පසුව ෂෙපර්ඩ් ඉතිරි පිතිකරු පෙල විනාශ කළේ කොදෙව්වන්ට ගෞරවනීය ලෙස ඔවුන්ගේ ලෝක කුසලාන මෙහෙයුම ආරම්භ කිරීමට අවස්ථාව ලබා දෙමින්.

බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු 182 ට පිළිතුරු වශයෙන් ස්කොට්ලන්තය ලකුණු 147කට දැවී ගිය අතර ඒ අනුව කොදෙව්වන්ට ලකුණු 35ක ජයක් හිමිවුණා.

පන්දු 22කට පමණක් මුහුණ දෙමින් හෙට්මයර් ඔහුගේ අර්ධ ශතකය වාර්ත කළේ T20 ලෝක කුසලාන තරගයක වැඩිම වේගයෙන් ලකුණු 50ක් ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

cxvxvf

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...