The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය : ලංකාවේ 'මහ තරගය' හබක්?

T

The Leader Desk

February 2, 2026 • 6:11 AM

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය : ලංකාවේ 'මහ තරගය' හබක්?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘A’ කාණ්ඩය යටතේ ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගය පකිස්ථානය විසින් වර්ජනය කිරීමට තීරණය කර තිබේ.
  • එසේ වුවද, පාකිස්තානය මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වීමේ කිසිදු ගැටලුවක් නොමැති බවද ඔවුන් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.
  • මෙවර ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට වූ අසාධාරණය හමුවේ ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව ද දන්වා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


පකිස්ථාන රජයේ නිල ‘X’ ගිණුමේ පළ කරන ලද සටහනක දැක්වුණේ, තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට යාමට පකිස්ථාන කණ්ඩායමට රජය අවසර ලබා දී ඇති නමුත්, “2026 පෙබරවාරි 15 වන දින ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය සඳහා පකිස්ථාන කණ්ඩායම පිටියට පිවිසෙන්නේ නැත” යනුවෙනි.

pak t20මෙය තරඟය ලෝක කුසලාන මූලික වටය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෙදුණු දැවැන්තම ප්‍රේක්ෂක අවධානයක් දිනාගැනෙන තරගය වීමට නියමිත විය.

මෙවර ලෝක කුසලානයේ පාකිස්තානය තරග වදින සියලුම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව ඇති අතර පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා එරට අගමැති සමග ඊයේ පැවැති සාකච්ඡාවේදී ඉන්දියාව සමග පෙබරවාරි 15 වැනිදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණු ලෝක කුසලාන මූලික වටයේ තරගයට සහභාගීවීමෙන් තමන් වැළකී සිටින බවට පකිස්තානය තීරණය කර තිබේ.

එසේ වුවද, පාකිස්තානය මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වීමේ කිසිදු ගැටලුවක් නොමැති බවද ඔවුන් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට වූ අසාධාරණය හමුවේ ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව ද දන්වා ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...