මීළඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට තවත් තෙවසරක් තිබියදී ඒ වෙනුවෙන් දැන් පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගවල පෙරලිකාර

ජයග්‍රහණ වාර්තා වෙනවා. 

ලෝක ශූරයින් වන ලයනල් මෙසීගේ ආජන්ටිනා කණ්ඩායම ගෝල් 2-0කින් උරුගුවේ ට පරාජය වූ අතර බ්‍රසීලය ට එරෙහිව ගෝල් 2-1ක ජයක් වාර්තා කිරීමට කොලොම්බියාව සමත් වුනා. 

මේ තරග දෙක ට ම විශේෂත්වයක් තිබෙනවා. ආජන්ටිනාව පාපන්දු පරාජයක් ලැබුවේ පසුගිය වසරේ කටාර් දේශයේ පැවති 2023 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේදී සෞදි අරාබිය ට පරාද වීමෙන් පසුව ප්‍රථම වතාවට. කොලොම්බියානු ජයග්‍රහණයේ විශේෂත්වය වූයේ එහි ගෝල් ද්විත්වය ම මෑතකදී පාපන්දු ලෝකයේ මාතෘකාවක් බවට පත්වූ ලුවීස් ඩියාස් විසින් ලබා ගැනීම. 

luis 23947234

ලුවීස් මැනුවෙල් ඩියාස්

එංගලන්තයේ ‘ලිවපූල්’ සමාජයේ ක්‍රීඩකයාගේ පියා වන ලුවීස් මැනුවෙල් ඩියාස් පසුගියදා කොලොම්බියානු ගරිල්ලන් විසින් පැහැර ගෙන ගිය අතර කොලොම්බියාව පුරා හටගත් ප්‍රබල විරෝධය හේතුවෙන් ඔහු නිදහස් කිරීමට ගරිල්ලන්ට සිදුවුනා. නිදහස ලැබූ පියා ක්‍රීඩා මණ්ඩපයේ අසුන් ගෙන තරගය නරඹමින් සිටියදී ලුවීස් ඩියාස් බ්‍රසීලය ට එරෙහිව කොලොම්බියාව ජයග්‍රහණය කරා ගෙන යාම විශේෂ සිදුවීමක්. 

17002111737292

මේ අතර ලෝකයේ තවත් තැනකදී, දුර්වල ක්‍රීඩාවක නියැලුනු ආජන්ටිනා කණ්ඩායම ප්‍රාණවත් කිරීමට ලයනල් මෙසී අසමත් වීම නිසා උරුගුවේ කණ්ඩායමට ඔවුන්‌ගේ ක්‍රීඩයන් ලබා ගත් ගෝල් ප්‍රමාණවත් වුනා. කෙසේ වෙතත්, තරගයේ දෙවැනි භාගයේදී එල්ල කළ නිදහස් පහරකින් පන්දුව ගෝලයේ හරස් පොල්ලේ වැදීමට තරම් ගෝලයක් ලබා ගැනීමේ ආසන්නය ට ම ‘බෙලීන් ඩෝ’ සම්මානලාභී මෙසී පැමිණියා.

“ප්‍රතිවිරුද්ධ ප්‍රහාරයේදී උරුගුවේ යනු ලොකු අනතුරක් ගෙන ආ හැකි තරමේ ශාරීරික ශක්තියකින් යුත් කණ්ඩායමක්. ඔවුන් ඒ බව ඔවුන් ලබා ගත් ගෝල්වලින් පෙන්නුවා. තරගය පුරා ම අපි සිටියේ අපහසුවෙන්. අපි ක්‍රීඩා කළේ ඔවුන්ට උවමනා කර තිබූ ක්‍රීඩාව ඔවුන්ගේ රිද්මයට” යැයි මෙසී පැවසුවා.

සුදුසුකම් ලබා ගැනීමේදී ආජන්ටිනාව ලකුණු 12ක් ලබා ගෙන පළමු ස්ථානයේ සිටින අතර උරුගුවේ දැන් පසුවන්නේ ඔවුන්ට ලකුණු 2ක් පමණක් පසුපසින් දෙවැනි ස්ථානයේ.

ලෝක කුසලාන තරගාවලියට දකුණු අමෙරිකාවෙන් සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදයේ තරග වට 18ක් තිබෙනවා. මෙයින් ඉහළ ට ම පිවිසෙන කණ්ඩායම් හය 2026 තරගාවලිය ට සුදුසුකම් ලබන අතර හත්වැනි ස්ථානයට පැමිණෙන කණ්ඩායම අනෙකුත් මහාද්වීපවලින් රටවල් හයක් සහභාගි වන FIFA කණ්ඩායමක් තෝරා ගැනීමේ තරගාවලියට සහභාගි වීමටයි නියමිත.

කොලොම්බියාව ගෝල් 2-1කින් බ්‍රසීලය පැරදවූයේ අතුරු සිදුරු නැතිව පිරී තිබුනු කොලොම්බියාවේ Estadio Metropolitano ක්‍රීඩාංගණයේ. ලුවීස් මැනුවෙල් ඩියාස් ඔහු මුහුණ දුන් බිහිසුණු අත්දැකීමෙන් මිදී සිටින බවක් එහිදී දක්නට ලැබුනා.

බ්‍රසීලය පළමුව ගෝලයක් ලබා ගෙන තරගයේ පෙරමුණට කළින් ම පිවිස සිටියත් ලුවීස් ඩියාස් තරගයේ දෙවැනි භාගයේ මිනිත්තු හතරක් ඇතුළත ඊට ප්‍රතිචාර දැක්වීමට සමත් වුනා.



මේ ඉදිරි පෙළ ක්‍රීඩකයා කොලොම්බියාව තරගයේ සම තත්ත්වයට ගෙන ආ ඔහුගේ පළමු ගෝලයෙන් සතුටු වෙද්දී රූපවාහිනියෙන් දිස්වුනේ කොලොම්බියානු පාපන්දු කමිසයක් පැළඳ තම පුතා ට ‘චියර්’ කරන ඔහුගේ හැඟුම්බර පියා. ඊට ටික වේලාවකට පසුව පිය පුතු දෙදෙනා ම නැවත වතාවක් සතුටු වුනේ පුතුගේ දෙවැනි ගෝලයෙන්. මේ වතාවේ පියාගේ දෙනෙතින් කඳුළු හැලෙන අයුරු රූපවාහිනී කැමරාවලට හසුවී තිබුනා.

ඩියාස් පවුල ට මෙන්ම කොලොම්බියාව ට ද එය සුභදායී සන්ධ්‍යාවක් වූවත් බ්‍රසීලය ට නම් එය තවත් නරක සැඳෑවක්. ඔවුන් මෙසේ පරාජය ලැබුවේ පිට පිට දෙවැනි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගය. 

පස් වතාවක් ලෝක කුසලාන ශූරයින් වන බ්‍රසීලය සුදුසුකම් ලැබීමේ සටහනේ පස්වැනි ස්ථානය දක්වා දැන් පහළ බැස සිටින අතර මේ ජයග්‍රහණයත් සමග  කොලොම්බියාව තෙවැනි ස්ථානය දක්වා ඉහළට පිවිස සිටිනවා.

සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්