වසර තුනකට වැඩි කාලයක් අතුරුදන්ව සිට අනපේක්ෂිතව යළි මතුවෙමින් ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පෙලහර

පාන උතුරු කොරියානුවෙක් පිළිබඳ කතාවකි මේ.


ඉතාලි පාපන්දු සමාජ කණ්ඩායම් ගණනාවකට ක්‍රීඩා කර පාපන්දු ලෝකයේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවට පත්වූ හාන් ක්වාං සෝං (Han Kwang Song) 2020 වසරේ අගෝස්තු 21 වැනි දින කටාර් දේශයේ අල්-ඩුහේල් (Al-Duhail) පාපන්දු සමාජ කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් පසුව ලෝකයෙන් අතුරුදන් වුනේ ඔහු පිළිබඳව කිසිම හෝඩුවාවක් දැනගන්නට නැතිව.
 
2017 වසරේදී හාන් සෝං යුරෝපයේ ප්‍රධාන පාපන්දු ලීග පහෙන් එකක ගෝලයක් වාර්තා කළ පළමු උතුරු කොරියානුවා බවට පත්වූ අතර 2019 වසරේදී විස්මිත මාරුවකින් ඉතාලි පාපන්දු යෝධයින් වන ජුවෙන්ටස් කණ්ඩායමට ගොස් ඉන්පසු කටාර් රාජ්‍යයේ ‘අල්-ඩුහේල්’ කණ්ඩායමට බැඳුනා.


උතුරු කොරියාවේ පියොංයැං (Pyongyang) අගනගරයෙන් එන මේ තරුණ ආක්‍රමණශීලී ක්‍රීඩකයා වැඩි කල් නොගොස් පාපන්දු විශාරදයින් හා ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය තමන් වෙත යොමු කර ගත්තේ සිය අතිවිශිෂ්ට ක්‍රීඩා පසුබිම නිසා පමණක් නොව ඔහු සතුව තිබූ තාක්ෂණික ක්‍රීඩා දක්ෂකමත් නිසාවෙන්.
 
නමුත් ඉතාමත් හොඳ අනාගතයක් පෙන්නුම් කරමින් සිටි හාන් සෝංගේ ක්‍රීඩා දිවිය කෙටියෙන් කපා දැමුනේ 2020 වසරේදී ඔහු පාපන්දු ලෝකයෙන් අතුරුදන් වීම හේතුවෙන්. “හාන් කොයි ලෝකෙ ගියාද?” යනුවෙන් ක්‍රීඩා ලෝලීන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තා.
 
 129170800 kim
 
2017 වසරේදී උතුරු කොරියාව ඔවුන්ගේ හයවැනි න්‍යෂ්ටික පරීක්ෂණය පැවැත්වීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය (UNSC) විසින් උතුරු කොරියාව ට සම්බාධක පැනවීම හාන්ගේ ක්‍රීඩා දිවියට තදින් බලපෑවා. උතුරු කොරියාවේ උත්තරීතර නායක කිම් ජොං උන් (Kim Jong Un)ගේ න්‍යෂ්ටික හා ආයුධ වැඩසටහනට ආධාර කිරීම සඳහා විදේශීය මුදල් එවන බවට සැක පහළ වී තිබූ බැවින් UNSC ට අයත් රටවල සිටින සියළුම උතුරු කොරියානු ජාතිකයින් ආපසු සියරට යවන ලෙසට මේ සම්බාධක යටතේ සාමාජික රටවලට නියෝග කෙරුණා. ආපසු සියරට යැවීමේ අවසාන දිනය 2019 වසරේ අන්තිම දිනය බව UNSC විසින් ලෝකයට දන්වා සිටියා.
කොවිඩ් වසංගතය ද පැමිණීමත් සමග උතුරු කොරියාව ඔවුන්ගේ සියළු දේශසීමා වසා දැමීම නිසා හාන් සහ අනෙකුත් ‘ආපසු සියරට යවන’ උතුරු කොරියානු ජාතිකයින්ට නැවත නිවෙස් බලා ඒම අසීරු වුනා.

එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට අනුව හාන් 2021 වසරේදී කටාර් දේශයෙන් ගුවන් යානයකින් පිටත් වීමට නියමිතව තිබුනත් ඔහු අතුරුදන් වුනා. හාන්ගේ කතාව සම්බන්ධයෙන් CNN සිදුකළ පරීක්ෂණයකින් ඔහුගේ අතුරුදන්වීම පිළිබඳ අලුත් තොරතුරු අනාවරණය වුනා.
 
ac chievo verona v cagliari calcio serie a 5b0157d8f7b09dc6e2000001jpg
 
2020 ජනවාරියේ කටාර් සුපිරි තරු ලීගයේ 2019/20 තරග වාරයේ මැද ‘අල්-ඩුහේල්’ පාපන්දු සමාජයට සම්බන්ධ වීමෙන් පසුව හාන් ලීග් තරග 10කට ක්‍රීඩා කර තිබෙන්නේ ගෝල් 3ක් ලබා ගෙන එම කණ්ඩායමේ ලීග් ශූරතා ජයග්‍රහණයේ වැදගත් කාර්යභාරයක නියැලෙමින්.
Screenshot 2023 12 04 at 17.03.42කටාර් රාජ්‍යය මේ උතුරු කොරියානු ක්‍රීඩකයා සමග 2023/24 ක්‍රීඩා වාරය දක්වා ඩොලර් මිලියන 4.6ක පස් අවුරුදු කොන්ත්‍රාත්තුවක් අත්සන් කර තිබුණා. හාන් ට 2020 වසරේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ඩොලර් 296,200ක පමණ මුදලක් ගෙවා තිබුනේ ඒ අනුව. 

හාන් සෝං ප්‍රශංසනීය අයුරින් තරග බිමේ ක්‍රීඩා කළද ඔහු සිය මව්රට ට මුදල් යවනවාද යන ප්‍රශ්නය මතුවූයේ විදේශයන්හි රැකියා කරන අනෙක් උතුරු කොරියානුවන් එසේ කරන බවට UNSC කියා සිටි බැවින්.

කිසිම අවස්ථාවක කිසිම මුදලක් උතුරු කොරියාව ට නොයවන ලෙසට හාන් සිය අත්සන යොදා කටාර් බැංකුවකින් කරන ලද ඉල්ලීම එක්සත් ජාතීන්ගේ ලේඛනයකින් පෙන්නුම් කෙරෙනවා. 
 
කිම් රජයට හාන් මුදල් යවනවාද යන්න පැහැදිළි නැතත්, තමන්ගේ රටේ ආණ්ඩුවට මුදල් එවන ලෙසට උතුරු කොරියාව නිතර නිතර ඔවුන්ගේ විදෙස්ගත සේවකයින්ට බල කරන බව රහසක් නෙවෙයි.
පිටරටවල මුදල් උපයන බවට සැක කරන ක්‍රීඩකයින් වැනි විශේෂ පුද්ගලයින් ද ඇතුළත් උතුරු කොරියානු ජාතිකයින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව UNSC විශේෂඥ මඬුල්ල 2020දී නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණා.

‘අල්-ඩුහේල්’ වෙනුවෙන් හාන්ගේ අවසාන තරගය තිබුනේ 2020 අගෝස්තු මාසයේ. ‘අල්-අහිල්’ (Al-Ahil) කණ්ඩායමට එරෙහි එම තරගය ඒ ක්‍රීඩා වාරයේ අවසාන තරගය වුනා.
 
 
පාපන්දු ලෝලීන් දැන් හාන් ක්‍රීඩකයාව දකින්නට පෙර ඔහු අවසාන වතාවට වෘත්තීය මට්ටමෙන් ක්‍රීඩා කරනු දුටුවේ ඒ තරගයේ. ඊළඟ මාසයේදී නව ක්‍රීඩා තරග වාරය ආරම්භ වූ විට හාන් පෙනෙන්නට සිටියේ නැහැ. ඔහු වෙනත් කණ්ඩායමකට මාරු වුනාද හෝ ඔහු පිළිබඳ වෙනත් කිසිම තොරතුරක් හෝ තිබුනේ නැහැ.
‘අල්-ඩුහේල්’ සමග මේ ක්‍රීඩකයාගේ තිබුණු කොන්ත්‍රාත්තුව ඒ වසර මුලදී අහෝසි කර ඔහු කටාර් රටින් පිටකරනු ලැබූ බව සඳහන් UNSC අවසාන වාර්තාවක් 2021 මාර්තුවේදී නිකුත් වන තෙක් හාන්ගේ අලුත් තොරතුරක් මාස ගණනක් යනතුරු දැනගන්නට ලැබුනේ නැහැ.
 
FWBfhufXEAA8row
UNSC විශේෂඥ මඬුල්ලේ අවසාන වාර්තාවට අමුණා තිබූ ලිපියකට අනුව හාන් 2021 ජනවාරි 26 වැනිදා ඩෝහා නුවරින් පිටත් වූ කටාර් ගුවන් සේවයට අයත් ගුවන්යානයකට ගොඩ වී තිබෙනවා. කෙසේ වෙතත්, කොවිඩ් වසංගතය හේතුවෙන් උතුරු කොරියාව සිය දේශසීමා සියල්ල වසා දමා තිබූ බැවින් එම ගුවන් ගමන හාන්ව නැවත රෝමය ට ගෙන ගොස් තිබෙනවා. 
 
උතුරු කොරියාව වෙනුවෙන් සිරියාව ට එරෙහිව හාන් සෝං පසුගිය මාසයේ ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලබා ගැනීමේ තරගයට ක්‍රීඩා කිරීමට පෙර ඔහු පිළිබඳව වූ අවසාන තොරතුර වූයේ ඔහු පියොංයැං නුවරට ගුවන් ගමන් නැවත ආරම්භ වන තුරු අනිර්දිෂ්ට උතුරු කොරියානු තානාපති කාර්යාලයක ජීවත් වෙමින් සිටින බව.
2021 වසරේ මැයි මාසයේදී උතුරු කොරියාව කොරෝනා වයිරස් වසංගතය නිළ වශයෙන් උපුටා දක්වමින් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමෙන් ඉවත් වූ අතර ටෝකියෝ ඔලිම්පික් උළෙලට හෝ බෙයිජිං ශීත සෘතු ක්‍රීඩා උළෙලට හෝ සහභාගි වුනේ නැහැ.
a5a2190a 3111 42e0 92c0 499393161695

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් ඉවත් වීමේ තනිමතයට ගත් තීරණයට ලබා දෙන දඬුවමක කොටසක් වශයෙන් උතුරු කොරියාවට චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන 2022 ශීත සෘතු ඔලිම්පික් උළෙලේ තරග කිරීම තහනම් කර තිබෙන බව ජගත් ඔලිම්පික් කමිටුව (IOC) 2021 වසරේදී ප්‍රකාශ කළා. 

මෙසේ ක්‍රීඩා ලෝකයේ ඒ වන විටත් හුදෙකලා වී සිටි උතුරු කොරියාව 2020දී කොවිඩ් වසංගතය ආරම්භ වූ වහාම ඔවුන්ගේ දේශසීමා සියල්ල සම්පූර්ණයෙන් ම වසා දැමීම නිසා යළි තම නිවෙස් කරා ඒමට කිසිම මාර්ගයක් නොමැතිව අතරමංව සිටි හාන් වැනි විදෙස්ගතව ජීවත් වන උතුරු කොරියානුවන් නැවත සියරට ගෙන්වා ගැනීම පිණිස උතුරු කොරියාව ඒ බාධක ඉවත් කළේ මෑතකදී.
 
ලෝක පාපන්දු වේදිකාවෙන් තෙවසරකට වැඩි කාලයක් අතුරුදන්ව සිට හාන් ක්වාං සෝං තම රට වෙනුවෙන් ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලබා ගැනීමේ තරග දෙකකට ක්‍රීඩා කරමින් නැවත මතුවුනේ පසුගිය නොවැම්බර් මාසයේ. මියන්මාරය සමග නොවැම්බර් 21 වැනිදා පැවති තරගයේ ගෝල් 6-1ක උතුරු කොරියානු ජයග්‍රහණයේදී ගෝලයක් ලබා ගැනීමට ද මේ ඉදිරි පෙළ ක්‍රීඩකයා සමත් වුනා.
හාන් පළමු වතාවට දක්නට ලැබුනේ සිරියාව සමග සෞදි අරාබියානු ජෙඩා නගරයේ නොවැම්බර් 16 වැනිදා පැවැති තරගයේ. උතුරු කොරියානු පාපන්දු කණ්ඩායම ඔවුන්ගේ රටින් පිට තරගවලදී පළඳින සුදු ඇඳුම පැළඳ හාන් ක්‍රීඩා පිටියට පිවිසි අතර ඔහුගේ කමිස පපුවේ උතුරු කොරියානු ධජයත් පිටුපස 10 අංකයත් දිස්වෙමින් තිබුණා.
 
5a688ec51d79cdc63100000cjpg
තෙවැනි වතාවටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට දැරූ උත්සාහයේදී උතුරු කොරියාව ගෝල් 1-0කින් එම තරගයෙන් පැරදුනා. 

අනතුරුව මියන්මාරයේ යෙන්ගෝන් (Yangon) නගරයේ තූවනා (Thuwunna) ක්‍රීඩාංගණයේදී හාන් මියන්මා කණ්ඩායමට එරෙහි තරගයේ 38 වැනි මිනිත්තුවේදී හිසෙන් ශක්තිමත් පහරක් එල්ල කරමින් පන්දුව දැල තුළට යැවීමට සමත් වුනා.

සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්