‘ෆෙයාෆස්ට් රක්ෂණ කුසලානය’ සඳහා වන 2024 වෙළඳ සේවා ක්‍රිකට් ‘එෆ්’ කොටසේ ඔ්වර 25 ලීග් තරගාවලිය පෙබරවාරි 3 වැනිදා ක්‍රීඩාංගණ හයකදී ආරම්භ වෙනවා.


කණ්ඩායම් 28ක් සහභාගි වන මේ තරගාවලිය 6 වැනි වතාවටත් සංවිධානය කරන්නේ සීමාසහිත Fairfirst Insurance සමාගම යි.

ලීග් අදියර මාර්තු 17 වැනිදා අවසන් වීමෙන් පසුව පිළිමළුන් පිටු දැකීමේ අදියර ආරම්භ වන්නේ මාර්තු 23 හා 24 දිනවල පැවැත්වෙන මූලික තරගවලින්. අනතුරුව, අර්ධ අවසන් පූර්ව තරග මාර්තු 30 වැනිදාත්, අවසන් පූර්ව තරග අප්‍රේල් 2 වැනිදාත් පවත්වා අවසාන මහා තරගය අප්‍රේල් 6 වැනිදා වෙළඳ සේවා ක්‍රිකට් සංගම් (MCA) ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි නියමිත.

තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වශයෙන් MCA, රත්මලාන NSCA, පන්නිපිටිය ධර්මපාල, කඳාන ද මැසිනඩ්, ඩාලි පාරේ සාන්ත ජෝසප් හා මොරටුව සාන්ත සෙබස්තියන් නම් කර තිබෙනවා.

හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, තරගාවලියේ වීරයා හා අවසාන තරගයේ වීරයා ට විශේෂ ත්‍යාග පිරිනමන බව සංවිධායකයින් දන්වා සිටිනවා. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 28 කොටස් හතරකට බෙදා තිබෙනවා.

‘ඒ’ කොටස: Asiri Hospitals, Ansell Lanka, IPD Global, CW Mackie, Dialog Axiata, Standard Chartered Bank, Softlogic Life

‘බී’ කොටස: South Asia Gateway Terminals, Commercial Bank of Ceylon ‘B’, Cargills Bank, Ceylon Tobacco Company, Ranpath Group, Astron, Seylan Bank

‘සී’ කොටස: David Pieris ‘B’, Certis Lanka, Ansell Textiles Lanka, Cameralk, Maliban Biscuits ‘B’, MAS Active ‘B’, Pizza Hut

‘ඩී’ කොටස: EB Creasy, Union Bank of Colombo, HNB ‘B’, Emerchemie NB, Atire, Empire Tea, Hilton Colombo Residencies

සටහන :

 

පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්